(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
මේ ආයතනය සතුව අංශ 5ක් පවතින අතර එයින් භූමි මෙහෙයුම් අංශය හා ගුවන් භාණ්ඩ අංශය වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ආදායමක් ලබන අතර ගුවන් යානා ලීසිං ගෙවීම, තෙල් වියදම හා අනෙකුත් වියදම් බරපතළ ලෙස ඉහළ යාම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවාව පාඩු ලබන බව සඳහන් වේ.
එක් ගුවන් යානයකට ලීසිං වශයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ත් 8ත් අතර ප්‍රමාණයක් ගෙවීමට සිදුවන අතර මුළු වියදමින් සියයට 28ක් ඉන්ධන සඳහා දැරීමට සිදුවන බව වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව රටට විශාල බරක් වී ඇති නිසා රජයට යම් කොටස් ප්‍රමාණයක් රඳවා ගෙන ඉතිරිය පෞද්ගලික අංශයකට පැවරීමට අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. ලබන 9 වැනිදා වන විට මේ සම්බන්ධයන් යම් තීරණයකට එළඹීමට නියමිතව ඇති බව ද සඳහන් වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්රී ලංකන් යළි පෞද්ගලික අංශයට?