IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රීලනිප සාකච්ඡා වැට උඩ

(අජන්ත කුමාර අගලකඩ)  
පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා මේ වනවිට තීරණාත්මක මට්ටමකට පත්ව ඇතැයි වාර්තාවේ.   


ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති කොන්දේසිය බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය කමිටුවක්ද පත් කර තිබිණි.  


ශ්‍රීලනිපය, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළ අතර ඒකාබද්ධ විපක්ෂය මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක යන මහත්වරුන්ගේ සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් යුත් කමිටුවක් පත් කළේය. මෙම කමිටු දෙක ඉකුත් සති අන්තයේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී හමුවී පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇති අතර එහිදී දෙපාර්ශ්වයෙන්ම යෝජනා ඉදිරිපත්වූ බව වාර්තාවේ.  


එක්ව තරග කිරීමේදී ඒ ඒ ආසනවල දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් ලැයිස්තු සකස් කිරීම, පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග කිරීම සහ අවශ්‍ය නම් පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් ධුරයට ඒකාබද්ධ විපක්ෂයෙන් අයකු පත් කිරීම ආදී යෝජනාද එහිදී ඉදිරිපත්වූ බව දැන ගන්නට ඇත.  


මේ අතර එක්ව තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම අනිවාර්ය බවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් දැඩිව ඉල්ලා සිටි බවද වාර්තාවේ. අඩුම තරමින් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැති කිරීමට ශ්‍රීලනිපය පියවර ගත යුතු බවටද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් එම සාකච්ඡාවේදී ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  


එහෙත් මේ මොහොතේ ශ්‍රීලනිපයට එක්වරම ආණ්ඩුවෙන් ඉවත්වීම ගැටලුවක් බව සාකච්ඡාවට එක්වූ ශ්‍රීලනිප නියෝජිතයින් පෙන්වා දී ඇතැයිද වාර්තාවේ.  මෙම කමිටු දෙක ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදීද රැස්වී සාකච්ඡා පවත්වා ඇති අතර ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට වන කොන්දේසිය ඒකාබද්ධ විපක්ෂය එදිනද ඉදිරිපත් කර ඇති බව දැන ගන්නට තිබේ.  


ඒ අනුව එදින සාකච්ඡාව පැය භාගයකට පමණ සීමා වූ බවත් ජනාධිපතිවරයා කොරියානු සංචාරය නිමවා පැමිණීමෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කර දැනුම් දෙන බවත් ශ්‍රීලනිප නියෝජිතයින් එහිදී ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.  


ජනාධිපතිවරයා කොරියානු සංචාරය නිමවා ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ දිවයිනට පැමිණි අතර දෙපාර්ශ්වයේ කමිටු දෙකේ තීරණාත්මක සාකච්ඡාවක් අද (03) දිනයේ පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ. 


මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පෙරේදා (01) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.  



අදහස් (0)

ශ්‍රීලනිප සාකච්ඡා වැට උඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site