IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


බැසිල් සේවය කරන්නේ ඇමෙරිකාවට - විමල් වීරවංශ

රටට හානි කළ අය ගැන ලිඛිත සාක්ෂි අප ළඟ තිබෙනවා- ගම්මන්පිල

 

(දයාසිලි ලියනගේ)  

මින් ඉදිරියට රජය තුළ සිටියත්, නැතත් ජනතාව සමඟ එකතුවී මේ අවලස්සන ඇමෙරිකානුවාගෙන් රට බේරා ගැනීම සඳහා කළ හැකි හා කළ යුතු සියලු දේ ඉටු කරන බව ඇමැති තනතුරුවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරු ප්‍රකාශ කළහ. 

මුළු රටම හරි මගට ප්‍රකාශනය ජනගත කිරීම හා ඒ අවස්ථාවේ රජය දැඩිලෙස විවේචනය කිරීමේ චෝදනාව මත විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරු වලින් ඉවත් කරනු ලැබීය. තනතුරු වලින් ඉවත් කිරීමෙන් පසු ප්‍රවාත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒදෙදෙනා එසේ පැවැසූහ. 

 
එහිදී උදය ගම්මන්පිල හිටපු ඇමැතිවරයා මෙසේ කීවේය.  


අපි ඇමැති තනතුරුවලින් ඉවත් කළත් මන්ත්‍රී තනතුරු වලින් ඉවත් කළත් රටේ ජනතාව වෙනුවෙන් මේ රට ගොඩනැගීමට හැකි සෑම දෙයක්ම ඉටුකරනවා. අපි ආයෙත් එන්නෙත් නෑ. රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට ඇමති මණ්‍ඩලය තුළත් කතා කළා. අපි විසඳුමක් බලාපොරොත්තු වුණා. නමුත් ඒක ඉටු නොවුණ නිසා විසඳුම වෙනුවෙන් අපි මේ ප්‍රකාශය නිකුත් කිරීමට තීරණය කළා.  


හඳේ ආවාට පෙන්නන්න ඇඟිලි දික් කරාම ආවාට බලනවා වෙනුවට ඇඟිල්ල කපා දැමීම වගේ වැඩක් මේ සිදු කරල තියෙන්නෙ. සදාකාලිකවම අමාවක උදාකරලා රට අනතුරේ දාන්නයි හදන්නේ.  


අපි මීට පෙර මේ තත්ත්වය විවේචනය කළත්, බාධා හා බැඳීම් තිබුණා. දිව ගැටගහලා තිබුණේ. රටට හානි කළ අය පිළිබඳ ලිඛිත සාක්ෂි අපි ළඟ තියෙනවා. ඒවා සාක්ෂි සහිතව ඉදිරියේ තැබීමට අප සූදානම්. මම රජයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළා. ඒ නිසා මට වගකීමෙන් ප්‍රකාශ කළ හැකි කරුණු තියෙනවා. ඒවා ඔප්පු කරන්නත් පුළුවන්.  


ඇමෙරිකාවේ ලියපු අවලස්සන ඇමෙරිකානුවා පොත දැන් ශ්‍රී ලංකාවේත් ලියන්න සිදුවී තිබෙනවා. ඒ අවලස්සන ඇමෙරිකානුවාගෙන් ශ්‍රී ලංකාවේ ඉරණම තීන්දු කර ගැනීමට සිදුවී තිබෙනවා. මේ ඇමෙරිකානුවාගෙන් රට නිදහස් කර ගැනීමේ අරගලයක් කිරීමට සිදුවී තිබෙනවා.  


මේ අවලස්සන ආමෙරිකානුවාගෙන් රටබේරා ගැනීමට රජය තුළ සිටියත් නැතත් ක්‍රියා කරනවා.  
මෙම ප්‍රවාත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් හිටපු කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ඇමෙරිකාවට ඕනෑම වේලාවක ‘මණි ලොන්ඩ්‍රි’ චෝදනාව යටතේ බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්න පුළුවන් වුණත් එහෙම නොකරන බවයි. මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද ප්‍රකාශ කළේය.  


‘මණි ලොන්ඩ්‍රි’ චෝදනාව යටතේ බැසිල් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණත් එසේ නොකරන්නේ ඔහු ඇමෙරිකානු උපායමාර්ගික කොන්ත්‍රාත්තුවක් කරන නිසයි. ඔහු වැඩ කරන්නේ සේවය කරන්නේ ඇමෙරිකාවට. රටේ ආර්ථික අර්බුදය ඉතාම දැවැන්ත ආපදාවක් බවට පත්වෙන්න ඉඩ ඇරලා විසම මානසිකත්වයට ජනතාව පත් කිරීමේ ඇමෙරිකානු උපාය මාර්ගය ක්‍රියාත්මක කරන්නේ බැසිල්.  
අවලස්සන ඇමෙරිකානුවාට විශ්‍රාම ජීවිතයේ තවත් සැපසේ ගත කරන්න අවශ්‍යයි. එතැන එහෙම ඉන්න නම් මේ පාවාදීම කළ යුතුයි. මෙහෙම මිනිහෙකුගෙ දුෂ්ඨකමට රට බිලි දෙන්න බැහැ.  


ඉදිරියට කිසිම ලෙසකින් මේ ජනාධිපතිවරයා යටතේ තවත් නම් ඇමැති ධුර දරන්නේ නැහැ. ඉබාගාතේ යන රජයක නිවටයන් වගේ ඉවසගෙන ඉන්න අපට බැහැ. රජය පීලි පැනලා ගමනක් යන්න වන නිසා අපි පක්ෂ 11 ක් එකතුවෙලා ‘මුළු රටම හරි මගට’ යෝජනාවලිය ඉදිරිපත් කළා. වීරවංශ මහතා පැවැසීය.

 



අදහස් (0)

බැසිල් සේවය කරන්නේ ඇමෙරිකාවට - විමල් වීරවංශ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 560 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 324 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site