(අජන්ත කුමාර අගලකඩ)
අයි.එස්.අයි.එස්. සංවිධානයේ අනුග්‍රහයෙන් මෙරට තුළ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
එම සියලු ආරක්ෂක මෙහෙයුම් සම්බන්ධිකරණය කිරීම සඳහා මීට පෙර යුද සමයේ පැවැති ආකාරයට ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද රජය තීරණය කර තිබේ.
අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදී ව්‍යාපාරය මර්දනයට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ කර මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ද රජය සැලසුම් කර ඇත.
ඉස්ලාම් ත්‍රස්තවාදී ව්‍යාපාරය මුලිනුපුටා දැමීම සඳහා හමුදාමය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ද රජයට ලැබී තිබේ.
ඉස්ලාම් ත්‍රස්තවාදී ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා ආරක්ෂක හමුදා කටයුතු කරන අතරම, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වෙනම මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ත්‍රස්තවාදය මඩින්න හමුදා මෙහෙයුමක්