මහ බැංකුවෙන් රජයට නිර්දේශ
(සුජිත් හේවාජුලිගේ)
රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. එසේම වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තාවකාලිකව නවත්වන ලෙස රජයට නිර්දේශ කර තිබේ.
රටේ පවතින මූල්‍යමය තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි එම බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.
රටේ රුපියල් ප්‍රමාණයේද බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යයෙන්ම යොමු විය යුතු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටලුවක් ඇති නොවනු ඇතැයි ද සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව රජයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ආර්ථිකය සම්බන්ධ විශේෂඥයන් හා විද්වතුන් රැසකගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසුව බව දැනගන්න ඇත.
මේ අතර පිටරටින් ගෙන්වනු ලබන සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීම වෙනුවට ඒවායින් අධික තීරු බද්දක් අය කිරීමට කටයුතු කරන කරන ලෙසට ද ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නැවත වරක් නිර්දේශ කර ඇත.
සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීමෙන් ඇතැම් නිලධාරීන්ට සන්තෝසම් දී භාණ්ඩ ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් තීරු බදු වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් රජයට ලොකු ආදායමක් ලබා ගත හැකි වනු ඇති බවත් එම බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අලුත් සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න