සමන් පාලිත නානායක්කාර
අලෙවි කිරීමට නීතිමය ගැටලුවක් මතුවී හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මගින් මිලදී ගත් සහල් කිලෝ 6173 ක් ගබඩාවකට අද (23) තාවකාලිකව මුද්‍රා තැබූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කියයි .
පාලන මිලක් නියම කිරීමට පෙර වැඩි මිලට මිලදී ගත් සහල් තොගයක් අඩු වූ පාලන මිලට අලෙවි කිරීමට යාමේදී ඇතිවන පාඩුව නිසා මෙම ගැටලුව මතු වී ඇති බව ප්‍රාදේශීය සභාව කියයි.
රටේ පවතින තත්ත්වය අනුව සහල් අලෙවි කිරීම සඳහා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.
පාලන මිලට සහල් අලෙවි කිරීම සඳහා ඌව පළාත් පාලන කොමසාරිස්වරයාගේ අවසර ලබාගෙන ඇති බව එම අලෙවි කමිටුව සඳහන් කරයි.
එම අවසරය ලිඛිතව ලැබී නොමැති බැවින් මෙම සහල් තොග අලෙවි කිරීම සඳහා තීරණය ගැනීමට ලබන 27 වෙනි දින විශේෂ මහා සභාවක් කැඳවා ඇති බව හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති උපුල් හෙට්ටිගේ මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සහල් ගබඩාවකට මුද්‍රා තබයි
චමින්ද Friday, 24 April 2020 02:19 AM
වැඩි මිළට ගත්තා අඩුමිළට දෙන්න වෙලා. ගබඩාවට මුද්‍රා තිබ්බා. කොමසාරිස්ගේ තීරණය ලැබෙනවිට හාල්වලට හානිවෙලා. සම්පූර්ණ මුදලම නැතිවෙනවා. පවතින මිළට හෝ වික්කොත් ජාමෙ බේරාගන්න බැරිද. අනේ මෙහෙමත් ....