IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට ඖෂධ බෙදාහැරීම අද සිට ක්‍රියාත්මකයි

අනීෂා මානගේ

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස් වෙතට බෙදාහැරීමේ කටයුතු අද(29) දින සිට ආරම්භ කරන බව දිස්ත්‍රීක් ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තිබෙන රෝහල්වල තෝරාගත් ඖෂධවේදීන් යොදවාගෙන රජයේ රෝහල්වලින් ලබා ගත් ඖෂධ සායන රෝගීන්ගේ නිවෙස් ආසන්නයට ගොස් ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි දිස්ත්‍රීක් ලේකම්වරයා පැවසීය.

නිවෙස් ආසන්නට ඖෂධ රැගෙන පැමිණෙන ඖෂධවේදීන්ට තම රිසිට්පත පෙන්වා ඖෂධ ලබා ගත හැකිය.

තවද ඉන්සියුලින් වැනි ඖෂධ ශීතකරණයේ ගබඩා කර රැගෙන ගොස් බෙදාහැරීම සිදුකිරීමට නියමිතය.

රජයේ රෝහල්වල සායන රෝගීන් නොවන අයට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ රිසිට්පත් ගම්වලට පැමිණෙන නිලධාරීන්ට ලබා දුන් පසු ඔවුන් සතු ජංගම දුරකතනයෙන්ම ප්‍රදේශයේ ඔසුසල වෙත යවා එම ඖෂධ ද නිවෙස්වලට ගෙන්වීමේ පහසුකම් සලසා ඇතැයි දිස්ත්‍රීක් ලේකම්වරයා පැවසීය.



අදහස් (0)

හම්බන්තොට ඖෂධ බෙදාහැරීම අද සිට ක්‍රියාත්මකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site