(ඉන්දිකා රාමනායක)
වැඩි මිළට අලෙවි කිරීම ස`දහා සහල් මිටි 250 ක් ස`ගවාගෙන සිටි පිටකොටුව 5 වැනි හරස්වීදියේ සහල් ව්‍යාපාරිකයකු අද (11) දහවල් පාරිභෝගිය අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය පවසයි.
මෙම ව්‍යාපාරිකයා සහල් තොග ස`ගවාගෙන වැඩි මිළට අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබිණි.
විමර්ශන නිලධාරීන් උපාය දුතයකු යොදවා ව්‍යාපාරිකයාගෙන් පවතින මිළට සහල් ඉල්ලා සිටියද තමා සන්තකයේ සහල් නොමැති බවට සැකකාර ව්‍යාපාරිකයා දැනුම් දුන් බව අධිකාරිය පවසයි.
පසුව නිලධාරීන් ව්‍යාපාරිකයාට අයත් සහල් ගබඩාව පරික්ෂා කිරීමේ දී එහි ස`ගවා තිබු සහල් මිටි 250 ක් අත්අඩංගුවට ගෙන තිබුණි.
වැඩි මිළට සහල් අලෙවි කළ බිල් පත් කිහිපයක් ද ව්‍යාපාරිකයා සතුව තිබී නිලධාරීන් බාරයට ගෙන ඇත.
උපරිම සහල් මිළක් නියම කර තිබියදී සහල් තොග ස`ගවාගෙන සිටීම හා වැඩි මිළට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට නියමිතව ඇත.
පාරිභෝගික අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ ඒ ජසුර් දිස්ත‍්‍රික් ප‍්‍රධානි රංජිත් වීරවර්ධන විමර්ශන නිලධාරී දමින්ද කුමාර යන මහත්වරුන් මෙම වැටලීම සිදුකළහ.
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සහල් සඟවා වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට