Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 අගෝස්තු මස 17 වන බදාදා
(විනීතා එම් ගමගේ)
ආණ්ඩුවේ සහනාධාර සදහා වන පෝරමය පොහොට්ටුවේ ලාංඡනය සහිත මුද්‍රාවක් තබා ලබාදීමේ සිද්ධියක් පිළිබදව පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි.
මැතිවරණයට තරඟ කරන සමහර අපේක්ෂකයින් හා ප‍්‍රාදේශිය දේශපාලඥයින් ආණ්ඩුවේ සහනාධාර බෙදාදීමේ වැඩ පිළිවෙලින් අතිරෝක වාසි ලබාගන්නා බවක් පෙනී යන්නේ යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
එම සහනාධාර වැඩ පිළිවෙල දේශපාලනයෙන් තොරව හොදින් ක‍්‍රියාත්මක වුවහොත් එහි වාසිය ආණ්ඩුවට යාම ගැන සැකයක් නොමැති බවත් ප‍්‍රාදේශීය දේශපාලඥයන් සහන බෙදාදීමේ කමිටුවලට යොදා තිබීමෙන් මෙවැනි අවුල් සහගත තත්ත්වයන් ඇති වන බව පෙනී යන බවත් හෙතෙම ස`දහන් කළේය.
සහනාධාරවලින් මෙසේ දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන්නන් ගැන සොයා බලන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පැවසූ හෙට්ටිආරච්චි මහතා මේ පිළිබදව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැන්වීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
karu Wednesday, 22 April 2020 12:28 PM
එහෙම දේවල් ගන්න. ප්‍රතික්ෂේප කරන්න එපා. ඒවා දේශපාලු පොහොට්ටුවන්ගේ සල්ලි නොවෙයි. ඒවා රටේ ජනතාවගේ මුදල්. හැබැයි උන්ට චන්දෙ දෙන්න එපා.
Reply : 0 253
Raveendra Wednesday, 22 April 2020 02:09 PM
ඔබගේ අදහස් ඉතාම නිවැරදිය. මුන් මේ බෙදන්නේ ගෙදරින් ගෙනල්ල බෙදනවා වගේ මිට පෙරත් "ගංවතුර ආපදාවකදී මොකෙක්ද? දේශපලුවෙක් එකාගේ මුසල නම ලියල කෙසෙල් වගයක් බෙදලත් තිබුන නේද?"...දේශපාලුවන් යනු පාට පක්ෂ පමණක් වෙනස් වුණත් ගති පැවතුම් තිරිසනුන්ට හා සමාන බව මෙයත් කදිම උදාහරණයකි.
Reply : 0 207
Buddika Wednesday, 22 April 2020 12:37 PM
රටෙ සල්ලිවලින් සහනාධාර දෙන්නේ පොහොට්ටුවෙ ලකුණ ගහලා... මෙක චන්ද නීති උල්ලංඝනය කිරීමක් වගේම මහජන මුදල් අවභාවිතාවකුත් නේද? කොහොමත් පොහොට්ටුවෙ මිනිස්සු හැමදාමත් කළේ අනුන්ගේ පහණින් එළිය බලපු එක...
Reply : 93 458
suda Wednesday, 22 April 2020 06:10 PM
ආධාර ඔක්කොම හිනාවෙලා ගන්න. හැබැයි වඳින්න එපා. අපි හොරුන්ට වඳින්නේ නැහැනේ. චන්දෙදි චන්දය දෙන්න එපා. ඔය බෙදන්නේ ඒ අයගේ සල්ලි නොවෙයි.. අපේම සල්ලි.
Reply : 0 137
Maalaka Wednesday, 22 April 2020 12:58 PM
ලැජ්ජා නැති පුදුම බංකොලොත් පක්ෂයක්
Reply : 0 0
vipula Wednesday, 22 April 2020 01:01 PM
තරු ගහල ආධාර බෙදන්න පුළුවන් නම්.... ඇයි පොහොට්ටුව ගහල ආධාර බෙදන්න බැරි?
Reply : 396 19
තාරා Wednesday, 22 April 2020 03:48 PM
රජයේ ඒවා දෙන්න බැහැ , පක්ශයකින් දෙන ආධාර වලත් මැතිවරණ සමයක බැහැ.
Reply : 3 75
සෙනෙවිරත්න Thursday, 23 April 2020 01:20 PM
තරුව බෙදුවේ මහජන මුදල්ද? ඒ ඇදේමයි පේන්නෙ. තමුන්ගෙ එකා සුද්ද කරන්න අනුන්ගෙ නැති වැරදි දකින්න එපා. මෙහෙම උනොත් කවදද හැදෙන්නෙ?
Reply : 0 0
pradeepa Wednesday, 22 April 2020 01:02 PM
පොඩි වැරදීමක් උනේ... දන්නේ නැතුව අපේ පොහොට්ටු සීල් එක කුඩා දරුවෙකුගේ අතට ගිහිල්ලා..., පොඩි එකා ගහගෙන ගිහිල්ලානේ සමාවෙන්ඩ හොදේ....
Reply : 0 154
Dine Wednesday, 22 April 2020 01:52 PM
විපුල, ප‍්‍රතිචාර දමන්න කලින් හොදින් කියවන්න.
Reply : 0 56
Mahesh Wednesday, 22 April 2020 02:18 PM
මේ වගේ දේවල් නිසා චන්දය තිබුණත් සාධාරණ නෑ. සමහරවිට පත්වෙන රජයන් වුනත් ලෝකයේ පිලිනොගන්න පුලුවන්. ඒක නිසා මිනිස්සුන්ගේ ආරක්ෂාවට සහ මෙවෙනි නීතිවිරෝධී කටයුතු අවම කරගන්න චන්දය මාස තුන හතරකින් විතර කල් දැමිය යුතුයි.
Reply : 0 20
Vineetha Thursday, 23 April 2020 09:30 AM
ටොම් පචයා....
Reply : 0 0