(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබාගන්නා, මාසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නැති රෝගීන් ට ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සංවිධානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
ඇඳිරි නීති කාලය තුළ රජයේ රෝහල්වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ සැපයීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
මෙම ඖෂධ රෝගියා වෙත ගෙනැවිත් ලබාදීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය සහ දුරකතන අංකය ලබාදීම අත්‍යවශ්‍ය බවද එහි දැක්වේ.
අදාළ තැනැත්තාගේ සායනික පොත සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම් , දුරකතනය මගින් ඔහු බෙහෙත් ගන්නා රෝහලට ඇමතුමක් ලබාදී තොරතුරු යාවත්කාලීන කළ යුතු බවද, එවිට එම තැනැත්තාගේ රෝහලේ කාර්ය මණ්ඩලය බෙහෙත් පැකැට්ටුව සකස් කර ලිපිනය, දුරකතන අංකය සඳහන් කර ලියුම් බෙදන නිලධාරිය මගින් ගෙනැවිත් බාරදෙනු ඇති බවද ජාසිංහ මහතා කියාසිටී.
රෝහල වෙත තොරතුරු සැපයීමේදී ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ග්‍රාම නිලධාරීගේද සහය ලබාගන්නැයි නිවේදනයේ දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්...
අපොයි මේ වගේ පොඩි වැඩක් වත් සංවිධානය කරගන්න බැරි මහ ලොකු වෛද්‍යවරු. මේ ඔවුන් රජයේ වෛද්‍ය විද්‍යාල වලින් ලබපු අධ්‍යාපනයේ ගුණාත්මක බව තමයි පෙන්න්. සයිටම් එකේ නම් අපිට මේවගේ අවස්ථා පාලනය කරන විදිය ඉගැන්නුවා.
ලියුම් බෙදන්න බැරි තැපෑල බෙහෙත් බෙදන්නේ කොහොමද? කරන්න පුලුවන්නම් වැඩේ හොදයි. හැබැයි වෘත්තීය සමිති හිරිවට්ටන්න වෙයි ඉස්සරවෙලාම.
හොඳ අදහසක්. නිවැරදිව ක්‍රියාත්මක කිරීමයි අවශ්‍ය. මමත් සායනික රෝගියෙක්. මා ප්‍රතිකාර ගන්නා රෝහල ඇමතීමෙන් මෙම පහසුකම් ලබාගැනීමට හැකියාවක් ඇතිදැයි සොයාබලන්නම්.
මේ වගේ කාර්යක්ෂම ඉදිරියේදී දිගටම කරගෙන යනවානම් රෝහල් වල තද බදය අඩුකරන්න පුළුවන්.
අර සීල් එක ගහන පාරට බොන්න වෙන්නේ බෙහෙත් කුඩු නේද ? කී පාරක් ගෙන්න ගත්ත දේ විසි කරන්න උනාද ? මහා නගරයට ගොස් බඩු ගේම කරන්නේ ඒ නිසා නේ ?