IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


සිම්බාබ්වේ දින නියමයක් නොමැතිව ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කරයි

දින නියමයක් නොමැතිව ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කරන බව සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් එම්නන්ගග්වා රට වැසියන් අමතමින් ප්‍රකාශ කළේය.

‘‘රට ලොක්ඩවුන් සීමා ඉවත් කළ යුත්තේ උපායමාර්ගිකව සහ ක්‍රමිකව’’ යැයි ද සිම්බාබ්වේ ජනාධිපතිවරයා කීවේය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා දින නියමයක් නොමැතිව දීර්ඝ කරන බවත් එසේ වුවත් සෑම සති දෙකකටම වරක් ‘ලොක්ඩවුන්’ සීමා විමසා බලන බවත් සිම්බාබ්වේ ජනාධිපතිවරයා කීය.
රූපවාහිනිය ඔස්සේ සජීවීව රට වැසියන් අමතමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.

සිම්බාබ්වේ නගර වීදිවල තිබෙන අවිධිමත් කඩසාප්පු වසා දමන් බවත් රට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් අදහස් විමසන බවත් ඔහු කීය.

නගර වීදිවල තිබෙන මෙම අවිධිමත් කඩසාප්පු සිම්බාබ්වේ හි මිලියන ගණනකගේ ජීවනෝපාය වේ.

කෙසේ නමුත් සිම්බාබ්වේහි නිෂ්පාදන කර්මාන්ත යනාදී ව්‍යාපාර, සුපිරි වෙළෙඳසැල් සහ බැංකු විවෘතව තැබීමට ආණ්ඩුව අවසර ලබා දී ඇත. මුලදී පැය 6ක කාලයකට ඒවා විවෘතව තැබීමට දුන් අවසර තවත් පැය දෙකකින් දීර්ඝ කිරීමට ද බලධාරීහු පියවර ගෙන ඇත. ඒ අනුව ව්‍යාපාර, සුපිරි වෙළෙඳසැල් සහ බැංකු උදෑසන 8ට පැය 8ක කාලයක් සඳහා විවෘතව තැබිය හැක.

ප්‍රධාන වශයෙන් දකුණු අප්‍රිකාවේ සහ බොට්ස්වානාවේ සිට පැමිණෙන සිම්බාබ්වේ ජාතික සංක්‍රමණිකයන් දින 21ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන බව ජනාධිපතිවරයා කීවේය. ඒ සඳහා පාසල් සහ උසස් පාසල්වල ගොඩනැගිලි භාවිත කෙරේ.
පාසල් සහ විශ්වවිද්‍යාලවලට යා හැකි නමුත් ඒ සඳහා අවසරය ලැබෙන්නේ අවසන් වසරවල ඉගෙනුම ලබන සිසුන්ට පමණක් යැයි කී ජනාධිපතිවරයා පාසල් ආරම්භ කරන දිනයක් සඳහන් නොකළේය. පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කිරීම සඳහා ආණ්ඩුව මේ වනවිටත් පියවර ගනිමින් සිටී.

දැඩි සීමා හේතුවෙන් දැනට වයිරසය පාලනය කරගැනීමට සිම්බාබ්වේ සමත්ව ඇති අතර මුලින් අපේක්ෂා කළ පරිදි ප්‍රජාව අතර පැතිර ගොස් නැතැයි ද එම මුලින් ඇස්තමේන්තු කළ අගයට වඩා ඉතා අඩු යැයි ද ජනාධිපතිවරයා කීවේය.

සිම්බාබ්වේ ‘ලොක්ඩවුන්’ සීමා පැනවූයේ මාර්තු 30 වැනිදා ය. එරටින් අද (15) පස්වරු වනවිට වාර්තා වී තිබූ ආසාදිතයන්ගේ ගණන 30ක් වූ අතර වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 4ක් විය.

සිම්බාබ්වේ වෙතින් හඳුනාගත හැකි ආසාදිත පොකුරු කිසිවක් හමු වී නැති බවත් වාර්තා වී ඇත්තේ අඩු ආසාදිතයන් ගණනක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

එමෙන්ම එරටින් ආසාදිතයන් වාර්තා වන්නේ අක්‍රමවත් ක්‍රමවේදයකට යැයි ද එම සංවිධානය සඳහන් කර ඇත.

‘‘අපි කොවිඩ්-19 පරීක්ෂණ අඩුවෙන් කළත් රට තුළ වයිරසය පැතිර යෑම පාලනය වී ඇති බව එයින් අදහස් වෙනවා’’ යැයි ද සිම්බාබ්වේ ජනාධිපතිවරයා කීය.

අල්ජසීරා/රොයිටර්ස්

 

055

 



අදහස් (0)

සිම්බාබ්වේ දින නියමයක් නොමැතිව ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 495 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 470 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site