පුෂ්පකුමාර මල්ලවආරච්චි
කොරෝනා අරමුදලට දායක වීම සඳහා සබරගමුව පළාත් සභාව යටතේ පවත්නා සියලු නිලධාරීන්ගේ ජූනි මස වැටුපෙන් දිනක වැටුප අයකර පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ ගිණුමට බැර කරන ලෙස සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඩී එම් මාලනී මහත්මිය සියලු ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇත .
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පළාත් සභාව කෙරෝනා අරමුදලට දායක වීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව සේවක දිනක වැටුප අයකර ගැනීමේන් පසු පියවා ගැනීමට යටත්ව පළාත් සමාජ සේවා අරමුදලින් රුපියල් මිලියනයක මුදලක් කොරෝනා අරමුදලට ගෙවීමට පියවර ගෙන ඇතැයි ද ප්‍රධාන ලේකම්වරිය ආණ්ඩුකාර ලේකම් ,සභා ලේකම් , පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව , අමාත්‍යාංශ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ආයතන ප්‍රධානින් වෙත දැනුම් දී තිබේ.
ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් ඔවුන් යටතේ සිටින නිලධාරීන් හා සේවකයින් වෙත මෙම ලිපියේ පිටපත් සහිතව දිනක වැටුප අයකර ගැනීම් සම්බන්ධයෙන් දැනුම්දීමක් කර තිබේ.
මෙම දැනුම් දීම ලද සේවකයින් හා නිලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙසේ දිනක වැටුප අයකර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ගේ කැමැත්ත විමසා නැති බවයි.
COMMENTS
උගත්, බුද්ධිමත්, නිලධාරී මහත්ම මහත්මීන්ටයි. මේ අසාධාරණයට පිළිතුර ඇත්තේ ඔබේ " වටිනා චන්දයෙයි " නූගත් හොර රැළ පැන්නීම සඳහා උදාවන පළමු අවස්ථාවම යොදාගන්න.
පී.බී., බන්දුල ඇතුළු හැමෝම කිව්වෙ රජය කළේ ඉල්ලීමක් පමණයි කියලා. දිනක වැටුපින් නැවතුණු ඒක ලොකු දෙයක්. අර කිව්වා වගේ හොඳ හොඳ සෙල්ලම් ඒළිවෙන ජාමෙට බලන්න පුළුවන්.
සිංහලයෝ වගේ කුහක ජාතියක්. තමන්ගේ රටේ මිනිස්සු නැති බංගස්තාන වෙලා ඉද්දි දවසක පඩියක් ඒ මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් කැප කරනවට හෙන ගහනවද? ඕකට අකමැත්තක් විරෝධතාවයක් දක්වන්න ඕනද ?
මේ තක්කඩි. මේක අහස පොළොව නුහුලන අපරාධයක්. සේවකයන්ගේ කැමැත්ත නොවිමසා පසුව වැටුපෙන් කපා ගැනීමට වෙනත් අරමුදල් වලට සල්ලි යැවීම. මේක බලහත්කාරකමක්. වහාම අධිකරණ ක්‍රියා මාර්ග ගන්න. මේ යෝජනා ගේන අයගේ පිටරට දේපළ බැංකු ගිණුම් වල සල්ලි උතුරනවා. මුන් හිඟා නොකා හිඟා කන රජයේ සේවකයාගේ සොච්චමට විදිනවා. මහ එවුන්ට හෙනම ගහපන්!
සේවකයන්ගෙන් නොවිමසා වැටුප් කැපීම සුදුසු වැඩක්ද?
චන්දය දුන්න රජයේ සේවකිනි. "දැන් සනිපදෝ " සැබෑ කැත වැඩක්.
ජනතාව හැකි පමණින් රටගොඩ ගැනීමට උපකාර කළ යුතුයි.., පාලකයින්ද පම්පෝරි නවතා... යථාර්තයට මුහුණ දිය යුතුයි.. අපට 225ක පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැත. (වැඩකරන 100ක් හොඳටම ඇති), පළාත් සභා අවශ්‍ය නැතිබව හොදින් පෙනී යයි. ඇමතිවරු ගණන තවත් අඩුකරන්න. වාහන ආනයනය වසර 2කට නවත්වන්න. පුළුවන් සියලු දෙනා තම ගෙවත්තේ කුඩාවට හෝ වගාවක් කරන්න. පුහු මාන්නය වසර 2 - 3 කට අමතක කරන්න. හැකි සැම අවස්ථාවකම තම කෑම වේල ගෙදරින් හදාගන්න. එවිට අපට ඩොලර් නැව් එනකන් බලා සිටීමට අවශ්‍ය නැත. අප පාලකයින් (UNP, SLFP, SLPP හෝ JVP ) රට හදනකන් බලන් සිටීමෙන් කිසිදු පලක් නැත. තමාට කළහැකි දෙය කරන්න. කුමන හෝ බලයට පත්වන රජය මින් ඉදිරියට වරායක්, ගුවන්තොටුපළක්, ගම්පෙරලියක් හෝ වෙනත් අත්‍යාවශ්‍ය නොවන ඉදිකිරීමකදී උගත් පාඩම් අනුව කටයුතු කරන්න. අපට වැරදි හමාර බව සිතට ගන්න. දේශපාලකයින් මෙන්ම ජනතාවද වරද්දාගෙන හමාරබව හොඳින් පේනවා.
හෑ..!! ඊට නරකද ඔය පාට, පක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් ටික පහුගිය වකවානු කීපයේම හොරකම් කරපු සල්ලි ටික මෙම අවදානම් අවස්ථාවේදී නැවත අත්පත් කරගැනීමට කටයුතු කළොත්. දුප්පත් සේවකයින්ගේ මාසික පඩියට බැල්ම හෙලනවාට වඩා... ඔය පොදු ජනයාගේ මුදල් අවංකවම පරිත්‍යාග කළත් දේශපාලුවන්ගේ උකුසු ඇස් තියෙන්නේ අරමුදලින් කීයක් තම සාක්කුවට දමාගන්න හැකි දැයි මිස නැවත පොදුජන යහපත මිස යොදවන්නට නොවේ. දැනට මැරුණු හා ආසාදිත වුනු අයවලුන්ගෙන් කීදෙනෙක් ඔය කාලකන්නි දේශපාලු කියන කොටසට අයත්ද?
සජිත් ප්‍රේමදාසට මෙතැනදී ලොකු කාර්ය භාරයක් තියෙනවා. එතුමාට අවංකවම ජාතියට ප්‍රකාශ කරන්න පුළුවනි. එයාගේ රජයක් බලයට පත්වුනොත් මේ අසාධාරණ ලෙස කපාගත් මුදල් නැවත රාජ්‍ය සේවකයින්ට ලබාදෙන බවට...
ආණ්ඩුව ඉල්ලලා කා ගත්තා...!!!
මැද මුලනෙන් ඉල්ලා ගනිල්ලා...
රජයේ සේවකයිනි නුඹලාට හොඳ වැඩක්.... තවත් දෙන්න.
ආණ්ඩුකාරවරයා හා පළාතේ ප්‍රධාන ලේකම්වරියට ඕන විදිහට දිනෙක වැටුප කපලා එවන්න කියලා නියෝග දෙන්න බැහැ. ප්‍රධාන ලේකම්වරිය මාලනි යනු පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ කෙනෙක්... එයා දන්නේ නැද්ද වැටුප ගැන නීති කිසිවක්... වැටුප හිමි පුද්ගලයාගේ ස්වකැමැත්ත නොමැතිව වැටුපෙන් අඩුම රුපියලක්වත් කපන්න බැහැ.. එහෙම කපන්න කියලා එයාට බැහැ නියෝග දෙන්න. ඔය ප්‍රධාන ලේකම්වරිය නියෝග දුන්නා කියලා එ්වා ක්‍රියාත්මක නොකර ඉන්න ගණකාධිකාරිවරුන්ට බලය තියෙනවා. ඔවුන්ට වැටුප් හිමියාගේ කැමැත්ත තිබෙන ලිපිය හෝ කණ්ඩායමක ලිපියක් අත්සන් සහිතව නැත්නම් ඒ කියන ආකාරයෙන් වැටුපෙන් නැත්නම් අඩුනොකර සිටිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජයේ සේවකයන්ගෙන් මුදල් ඉල්ලන්න එපා කියලා තිබුණා... පීබී ජයසුන්දර ඉල්ලුවේ වැන්දඹු අනත් දරු යෝජනා ක්‍රමයට... එ්ත් පළාත් ප්‍රධාන ලේකම්වරිය එකතු කරන්නේ කෝවිඩ්19 එකට සබරගමුවේ අය ලිපිදෙන්න ආයතන ප්‍රධානියා හරහා ගණකාධිකාරිවරුන්ට කිසිම ආකාරයක දෙයකට ස්වකැමැත්ත නොමැතිව කපන්න එපා කියලා... එවිට හරි..
මරාගෙන මැරෙනවා....!!!
ඔව් ඉතින් හැට පැනලත් තවත් සේවයේ ඉන්න දුන්නාට කළගුන සලකන්නත් එපායැ. ලොක්කො තමාගෙ තැන රැකගන්න පොඩ්ඩන්ට තලනවා නොදකින ජයසුන්දරගේ ලිපියට එය ඉල්ලීමක් පමණයි කියපු අය මොකද කියන්නෙ..?
මැඩම්ට නම් මොකද? එතුමියට පෙන්ෂන් පඩියයි. ප්‍රධාන ලේකම් පඩියයි දීමනා ගොඩකුයි. තේවත්තේ ආදායමයි ලැබෙනවා. අපිට තියෙන්නේ ඔය සොච්චම් වැටුප විතරයි. ඒකටත් කෙලියානේද?