IMG-LOGO

ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනාවෙන් සුවය ලබයි

 

ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනා වයිරසය වැළඳීමෙන් සුවය ලබා ඇතැයි වාර්තා වේ

මාරියා බ්‍රන්යාස් නම් මෙම කාන්තාවගේ වයස අවුරුදු 113කි.
 
ඇයට කොවිඩ් - 19 වැළඳී ඇත්තේ මාර්තු මාසයේදී ස්පාඤ්ඤය අගුලු දැමීමෙන් පසුවය.
 
නමුත් සති කිහිපයක් ස්වයං හුදකලා වීමෙන් පසු ඇය සුවය ලැබීය. ඇයට පෙන්නුම් කළේ සුළු රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පවසති.
 
මාරියා 1918 - 1919 කාලයේ ඇතිවූ උණ වසංගටය ද 1936 - 1939 ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය කොරෝනා වසංගතයට ද සාර්ථකව මුහුණ දුන් කාන්තාවක් බව මෙයින් පැහැදිලි වන්නේ යැයි මාධ්‍ය සඳහන් කර තිබේ. 
  
"ඇයට දැන් සනීපයි. ඇය හරිම අපූරුයි, ඇගේ අතීතාවර්ජනාවන් සම්බන්දව පැහැදිලි කිරීමට ඇය කැමතියි." යැයි ඇගේ දියණිය පවසයි.
 
 1907 වර්ෂයේදී මෙක්සිකෝවේ මාරියා  උපත ලැබූවාය.

එයින් වසර දෙකකට පසු ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත ගොස් පළමු ලෝක යුධ සමයේදී ස්පාඤ්ඤයේ ගිරෝනා පළාත වෙත පැමිණ ඇත්තේ ඇගේ මාධ්‍යවේදී පියා සමගිනි.
 
මාරියා දරුවන් තිදෙනකු වැදුවාය.
 
ඇගේ වැඩිමල් දරුවාට මේ වනවිට වයස 86කි. මාරියාට මුනුබුරු මිනිබිරියන් 11ක් සිටින අතර ඔවුන්ට ද දරුවන් 13 දෙනකු සිටියි. එනම් මාරියා මුනුබුරු මිනිබිරියන් 13කගේ මී මිත්තනියකි.
 
මාරියා පසුගිය දශක දෙක පුරා රැකවරණ නිවාසයක ජීවත් වූවාය.
 
පසුගිය වසරේ මාධ්‍යට අදහස් දක්වමින් මාරියා පවසා තිබුණේ තමාට ජීවත් වීම හැර වෙන කිසිවක් අවශ්‍ය නොවන බවයි.
 
(බීබීසී ඇසුරිණි - 085)

 

 



අදහස් (2)

ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනාවෙන් සුවය ලබයි

ලසන්ත Wednesday, 13 May 2020 03:23 AM

වයස අවුරුදු 113ක් වන දරුවන් තිදෙනෙකුගේ මවක්, මුනුබුරු මිනිබිරියන් 11 දෙනෙකුගේ මිත්තනියක්, පසුගිය දශක දෙක පුරා වැඩිහිටි රැකවරණ නිවාසයකයි ජීවත් වෙන්නේ. ඔන්න ඕකයි ලෝකයේ තත්වය.

:       6       37

Samitha Senaka Aluthgamage. Wednesday, 13 May 2020 04:23 AM

වාසනාවන් !!! දීර්ඝායුෂ වේවා !!! මේ වාසනාවන්ත කාන්තාව ලෙඩෙන් බේරීම සතුටට කරුණක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 133 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 674 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site