(එස්. ඩි.කොඩිකාර )
කොටපොල සහ අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතිවල තොග ගබඩා පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ සැමන් ටින් 1800 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාතර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය අද (30) පැවසීය.
සැමන් ටින් 1200 ක් කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ තොග ගබඩාවේ ද සැමන් ටින් 600 ක් අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ තොග ගබඩාවේද තිබී සොයා ගත් බව අධිකාරිය සඳහන් කළේය.
මෙම සැමන් තොගය පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ත ගත් බව පාරිභෝගික අධිකාරිය පැවසීය.
මාතර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු මෙම ගබඩා දෙකෙහි සැමන් සහ පරිප්පු අලෙවි නොකරන බවට මහජනයාගෙන් ලැබුණ පැමිණිලි මත මෙම වැටලීම සිදුකළ බව එහි උසස් නිලධාරියෙකු කීය.
සැමන් ටින් සඟවා තැබීමට අවශ්‍යතාවයක් නොවන බවත් එම සැමන් ටින් කොටපොල සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි රුපියල් 100.00 ලබාදීමට සූදානම් කර තිබූ සැමන් ටින් බවත් කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති මනෝජ් ජයවර්ධන මහතා පැවසීය.
මේ අතර මාතර දිස්ත්‍රික්කය තුළ පසුගිය දින කිහිපයේදී සිදුකරන ලද වැටලීම් වලදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළඳුන් 60 කට නීතිය ක්‍රියාත්මක කළ බවත් පාරිභෝගික සේවා අධිකාරිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමා අපට දුන් සහනය සමුපකාරේ, සතොස සේවකයෝ හුරාකනවා.. පරිප්පු, සැමන් පාරිභෝගිකයාට නොදී කලුකඩේට ඔවුන් විකුණනවා. හැමදාම සතොසේ සැමන්, පරිප්පු නැහැ , නමුත් කළු කඩේ බඩු තිබෙනවා ...
ඔය ටික සේවක පවුල්වලට තියා ගන්න ඇත්තේ. ඔවුනුත් කන්න බොන්න එපැයි. මහජනයාගෙන් කොටසක්. සඟවා ගත්තා කියන එක ගැන කණගාටුයි. සේවයක් කරන අයවලුන්. අපි ගම්පහ. අපේ පැත්තේ පරිප්පු 65 ට නම් නැහැ. කඩවල 140-200 අතර නම් තියෙනවා. සැමනුත් එහෙමයි-ලොකු 240-320. පොඩි 100-170.
අනිත් සමූපකාර වලත් මෙහෙමද දන්නේ නැහැ.
මීටර් එකේ කොරෝනා ප්‍රතිපත්තිය පිළිපදින හැටිහොදින් පෙනෙනවා මේ පින්තුරෙන්. එල එල ඔහොම යන්
සැමන් සහ පරිප්පු සඟවා තබන කළුකඩ කාරයන් ගැන දන්නවනම් වහාම පොලිසියට දන්වන්න. සමහරු කඩේ නෙවෙයි ගෙවල්වල ඇඳ යටත් හංගාගෙන ඉන්නවාලු කොරෝනා වලින් පස්සේ මිල වැඩියට විකුනන්න. මේ අයව අල්ලලා දෙන්න නැත්නම් ගෙදරටම ගිහිල්ලා ඔක්කොම අරගන්න.
මෙම භාණ්ඩ ආනයනය කිරීමට හා විකිණීමට පෞද්ගලික වෙළඳාම මැලිකමක් දක්වන බැවින් ැමන් සහ පරිප්පු හිඟයක් ඇති වේ. සතොස ආනයනය කර විකිණීම වඩා හොඳය.