IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෞඛ්‍ය සේවකයනි ඔබගේ සේවය මම සදා අගයමි - මහ රැජින කියයි

ගෝලීය වසංගතයක් වන ‘කොවිඩ්-19’ හෙවත් මාරාන්තික නව කොරෝනා වයිරසයට එරෙහිව සිය දිවි දෙවැනි කොට සටන්වදින ලොවපුරා සිටින සෞඛ්‍ය සේවකයන්ට ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම සහ උද්‍යෝගය හා කඩිසරකම වෙනුවෙන් විශේෂ ඇගයීමක් හිමිවිය යුතු බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින අද (7) ප්‍රකාශ කළාය.

අප්‍රේල් 7 වැනිදා, එනම් අදට යෙදී තිබූ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තියේ නියැළෙන ලොවපුරා සිටින සියලු දෙනාට සුභාශිංසන එක් කරමින් ඇය ඒ බව සඳහන් කළාය. බ්‍රිතාන්‍යයේ මහ රැජින ඒ වෙනුවෙන් විශේෂ පණිවුඩයක් ද නිකුත් කර තිබිණි.

‘‘සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොවපුරා සිටින සියලු දෙනාට විශේෂ ඇගයීමක් හිමිවිය යුතුයි. මා ඔවුන්ට කෘතඥතාව පළ කරනවා. මේ අවස්ථාවේදී ජනතාවගේ සුවසෙත සහ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වෙනුවෙන් ඔබ පරාර්ථකාමීවත්, ඉතා කඩිසරව හා ඉතා උද්‍යෝගයෙනුත් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් මා ඔබට කෘතඥ විය යුතුයි. ඔබ මේ මොහොතේ විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා’’ යැයි මහ රැජින ප්‍රකාශ කළාය.

‘‘මමත් මගේ පවුලත් ඔබට විශේෂ ඇගයීමක් හා සුභාශිංසන පිරිනමනවා’’ යැයි ද මහ රැජින තවදුරටත් කීවාය.

ලොව රටවල් 200කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (7) පස්වරු 7.45 වනවිට 76,420 දෙනකු මරණයට පත්ව ඇත. ඊයේ වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,363,365ක් ලෙස දැක්විණි. ලොවපුරා කොරෝනා ආසාදනය වී සුව වී ඇති සමස්ත ගණන 292,425ක් විය.

 රොයිටර්

055



අදහස් (3)

සෞඛ්‍ය සේවකයනි ඔබගේ සේවය මම සදා අගයමි - මහ රැජින කියයි

surath Tuesday, 07 April 2020 11:49 PM

බ්‍රිතාන්‍යයේ සෞක්‍ය සේවා නොමැතිව මැරෙන කොරෝනා රෝගීන්ගේ වගකීම ගන්නේ කවුද ?

:       0       0

සෙනෙවිරත්න Wednesday, 08 April 2020 01:29 AM

ලෝකයේ නිහතමානිම කාන්තාව , ඔබට දීර්ඝායුෂ !

:       0       1

RaveendraWednesday, 08 April 2020 08:10 AM

ලෝකයේ හිරු නොබසිනා රාජ්‍ය ලෙස විරුදාවලිය ලැබුනේ කෙසේද යන්න හොදින්, අවබෝධයෙන් මධ්‍යස්ථව සොයා බැලුවොත් ඔබ මෙම වයසක මාතාවට " ලෝකයේ නිහතමානිම කාන්තාව " ලෙස ආමන්ත්‍රණය නොකරනු ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු. ඉතිහාසය ඉගෙනුම අප උනන්දු වෙමු... එමගින් අපගේ අතපසුවීම් පාවාදීම් හොදින් අවබෝධ කරගෙන අපගේ මාතෘබුමිය ලෝකයේ සුන්දරම රට ලෙස ගෙන ඒමට ක්‍රියා කරමු. අවසාන වශයෙන් මෙම වයසක මාතාවට අප දීර්ඝායුෂ ප්‍රර්ථනා කරන්නෙමු. අප එසේ ප්‍රර්ථනා කරන්නේ වෛරයෙන් වෛරය නොසන්සිදේ යන ඒ අති උතුම් වදන අපගේ සිත්තුල කොනක යම්තාක් දුරට තාමත්පැලපදියම්වී ඇති බැවිනි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site