
ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ඔහුට අයත් මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක් නිරෝධායන කටයුතු සඳහා ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ෂාරුක් ඛාන් සහ ඔහුගේ බිරිඳ ගෞරි ඛාන්ගේ පෞද්ගලික කාර්යාලය මෙසේ නිරෝධායන කටයුතු සඳහා ලබා දී ඇති අතර දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් සඳහා එය භාවිත කරන්නැයි ද ඔවුන් ඉල්ලීමක් කර ඇත.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර ප්‍රධාන පරිපාලන ඒකකය වන බ්‍රිහාන්මුම්බායි නගර පරිපාලනයට එම පරිත්‍යාගය කර තිබේ.
හෙතෙම ඉන්දීය රජයේ කොවිඩ්-19 අරමුදලට මුදල් පරිත්‍යාගයක් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විතරක් දීල මදි ක්‍රිකට් ගහන්න නම් මෙතුමා ඩොලර් මිලියන ගණනින් වියදම් කරනවා , නිවසට යන්න බස් නැතුව මහපාරේ සැතපුම් සියගණනක් ඇවිදිමින් යන මිනිසුන්න්ට කෑම ටිකක් දෙන්න
පොහොසත් රටක දුප්පතෙක් වීමත්, දුප්පත් රටක පොහොසතෙක් වීමත් ලැජ්ජාවට කරුණකි.- කියමනක්.
අනුන්ගේ රටේ වැරදි හොයන්න කලින් අපේ රටේ නළුවන්ගේ නිළියන්ගේ තත්ත්වය දැක්කාද? ඇහෙන්නෙවත් නැහැ... ඉන්නවද නැද්ද දන්නේ වත් නැහැ... අපේ නළු නිළි කියන්නත් ලජ්ජයි... ගොඩනැගිලි ටික කුලියට දුන්නා ගණන් දැක්කම ඒව...
අපේ රටේ එක රැයකින් කෝටිපතියන් වී, සුවිශාල මන්දිර හදාගෙන සැප ජීවිත ගතකරන දේශපාලුවන් කොරෝනා වෙනුවෙන් කරා කියන පරිත්‍යාගයන් ගැන නම් අප තවම පුවත්පත් මගින් හෝ විද්‍යුත් මාර්ග හරහා අසා හෝ කියවා නැත. දැන්වත් අසරණ රෝගීන් වෙනුවෙන් "ඇඟට දැනෙන" යමක් කිරීමට කාලය එළබි තිබෙන බව පුජ්‍ය පක්ෂය දේශනා කල යුතුව තිබෙනවා..