(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවය අද (08) දින සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් ලබන 21 දින තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ .
එහෙත් තවදුරටත් භාණ්ඩ ප්‍රවාහනය සදහා මෙම ගුවන් යානා සිය ධාවන කටයුතු සිදු කරයි .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , සිය මූලස්ථානය වශයෙන් භාවිතා කරමින් සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරයි .
මෙසේ ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 සහ ඒ.- 320 වර්ගයේ ගුවන් යානා 25 ක් පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මෙසේ නවතා තිබුණි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.