(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
දින තුනකට පසුව අද (28) දිස්ත්‍රික්ක ගණනාවකට ඇදිරි නීතිය ඉවත් කලත් වාරියපොල පාදෙනිය නගරයේ කඩ සාප්පු සියල්ල සිය කැමැත්තෙන් වසා දැමීමට එහි ව්‍යාපාරික පිරිස ක්‍රියා කළහ.
ඔවුන් පවසන්නේ පාදෙණිය නගරය අවටින් මේ වනවිට කොරෝනා රෝගියෙකු හදුනා ගැනීමත් රෝගය ආසාදනය වූ බවට තවත් සැකකටයුතු පුද්ගලයින් කිහිප දෙනෙකු හමුවීමත් හේතුවෙන් ප්‍රදේශයේ අවධානම ඉහල ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් මැයි මස 05 වෙනිදින දක්වා පාදෙණිය නගරය වසා දමන බව එම ව්‍යාපාරික පිරිස් කියති. තවද මෙම ප්‍රදේශයට බලධාරීන් නිසි අවධානයක් යොමු නොකරන බවටද ඔවුහු චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා කියා සිටියේ කොරෝනා රෝගියෙකු හමුවූ විට දැනට පොදුවේ කරන සියලු කටයුතු නිසි පරිදි සිදුකරන බවයි.
කිසියම් ප්‍රදේශයක් වසාදැමීම හෝ වසා ඇති ප්‍රදේශයක් විවෘත කිරීම තීරණය කරනු ලබන්නේ මධ්‍යම මෙහෙයුම් මධ්‍යස්ථානය බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයෝ පාදෙනියේ කඩසාප්පු වසා දමති
Harin Tuesday, 28 April 2020 02:18 PM
නියම මිනිස්සු! සදා වාසනාවන්.