IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


’’ලොක්ඩවුන්’’ සීමා ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතුයි

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන "ලොක්ඩවුන්" සීමා ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පවසයි.

වසංගතයේ අවදානම පහව යෑමටත් පෙර "ලොක්ඩවුන්" සීමා ඉවත් කළහොත්  වයිරසය ආසාදනය වීමේ "දරුණු හා මාරාන්තික වැඩිවීමක්" සිදුවිය හැකි යැයි හෙතෙම අනතුරු අඟවයි.

"කොවිඩ්-19" හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත . ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දාහත් ලක්ෂයකට ආසන්න වේ

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් මෙන්ම ගෝලීය ආර්ථික අර්බුදයක් ද නිර්මාණය වී ඇත. රටවල් රැසක ආර්ථික කටයුතු අඩපණ වී ඇත.

"ලොක්ඩවුන්" සීමා ඉවත් කරන්නේ නම් එම රටවල් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වදෙයි.

පනවා ඇති  සීමා ඉවත් කිරීමේ උපායමාර්ග සම්බන්ධයෙන් ඒ ඒ රටවල ආණ්ඩු සමඟ සාකච්ඡා කරන නමුත් මෙතරම් ඉක්මනින් "ලොක්ඩවුන්" සීමා ඉවත් නොකළ යුතු යැයි ද හෙතෙම තවදුරටත් පෙන්වා දෙයි.

බී.බී.සී

055

 



අදහස් (9)

’’ලොක්ඩවුන්’’ සීමා ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතුයි

Disa Saturday, 11 April 2020 12:35 PM

ලොක්ඩවුන් ඉවත් කළොත් ජන්දෙත් ඉක්මනටම එයි නේද?

:       0       26

Champa Saturday, 11 April 2020 12:39 PM

ලංකාව මුලින්ම කරන්නේ තිබ්බේ ඇඳිරි නීතිය නෙමෙයි ලොක්ඩවුන් කිරීමයි. දෙකේ වෙනස කලින් කීපසැරයක් ලිව්ව නිසා ආයේ ලියන්නේ නැහැ. කොරෝනා කියන්නේ මාරාන්තික වයිරසයක්. එහි බරපතලකම තේරුම් නොගෙන ඉන්න එකම ආණ්ඩුව ලංකාණ්ඩුව. ඒකයි කියන්නේ අවුරුද්දෙන් පස්සේ ලංකාවේ කොරෝනා ඉවරයි කියලා. මිනිස්සුන්ට ආදරේටද මේ කියන්නේ නැත්නම් ජනාධිපති, කොරෝනා ලේකම් කාර්යාලය සහ වටේ ඉන්න ඇම්බැට්ටයන් පිරිසකට බලලෝභය ඉස්සරහට ඇවිල්ලා මහමැතිවරණය තියන්න ඕනේ නිසාද කියන එක ළදරුවෙකුටත් තේරෙන දෙයක්. සිංහල අවුරුද්දෙන් පස්සේ ලංකාව කොරෝනා මැඩ පවත්තපු එකම රට වෙනවලු. ලෝකේ මෙහෙම කියන එකම රට ලංකාව. හැබැයි මිලියන 22ක් ඉන්න රටේ තවම කොරෝනා පරීක්ෂණ කරලා තියෙන්නේ 3268කට විතරයි. අනිත් රටවල් ලොක්ඩවුන් කරනවා ජූනි අග වෙනකම්. ඔවුන් බලා ඉන්නේ එන්නත එනකම්. ඒකයි ඒ රටවල ඇඳිරි නීති නොදා ලොක්ඩවුන් කරලා තියෙන්නේ.

:       9       254

Nihal Saturday, 11 April 2020 12:51 PM

එදා වේල හොයාගෙන කාපු මිලියන ගානක් කුසගින්නේ .මුල් කාලේ බඩු ලොරි 7,8 ආවා. දැන් එන්නේ නෑ. විකිනෙන්නේ නෑ. මිනිසුන්ට බඩු ගන්න සල්ලි කෝ ?

:       3       45

Champa Saturday, 11 April 2020 12:57 PM

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ කරන අවවාදය සාධාරණයි. ඔවුන් මුල ඉඳන්ම ලෝකෙට කිව්වේ ආසාදිතයන් හඳුනාගෙන වෙන්කරගන්න ටෙස්ට් ටෙස්ට් ටෙස්ට් කියලා. ඒ ගැන නොසලකපු රටවල අද දස දහස් ගණන් මිනිස්සු මැරෙනවා. ලංකාණ්ඩුවේ කතා පරස්පරයි. අද අප්‍රේල් 11 හවස. පොලිසිය කියනවා මුහුණු ආවරණ නැතුව පාරට එන්න එපාලු. ආණ්ඩුව කියනවා සිංහල අවුරුද්දෙන් පස්සේ 20 - 25 වෙනකොට කොරෝන ඉවරලු. අද ඉඳලා දවස් 10කින් කොරෝනා ඉවර වෙන්න ලංකාවේ සිද්ධ වෙන මහා හාස්කම මොකක්ද? වගකිවයුතු රජයක් විදිහට, මිලියන 22ක් ඉන්න රටේ අඩු ගානේ එක මිනිස්සු ලක්ෂයක්, දෙකක් ටෙස්ට් කරලා ප්‍රතිඵල පෙන්වලා කතා කරන්න. නිකම් ජන්ද උණ විකාරෙන් දොඩවන්නේ නැතුව....මැතිවරණ සභාපති එක්ක මගේ වැඩි ඇයි හොඳයියක් නැති වුනත් මේ වෙලාවේ බලලෝභී දේශපාලකයන්ගේ නිවට බලපෑම් වලට යට නොවී ජනතාවට ජීවිත අවදානමක් දෙන්නේ නැතුව ජනතාව පැත්තෙන් හිතලා ජන්දය ගැන තීරණයක් ගන්න.

:       10       208

ArisSaturday, 11 April 2020 08:38 PM

ටෙස්ට් ටෙස්ට් කිව්වට ඒක නිෂ්පල දෙයක්. ටෙස්ට් කරන්න ඕන සැක සහිත පුද්ගලයන් හදුනා ගෙනයි. මිලියන 22 ක් ඉන්න රටේ 100 ක් අරන් ටෙස්ට් කරලා රෝගීන් 2 ක් සොයා ගන්නවා. ඉතිරි 98 සමාජයට මුදා හැරියම නැවත වෙනත් රෝගියෙකුගෙන් අසාදනය වෙන්න පුළුවන්. එහෙමනම් මිලියන 22 කම එකවර ටෙස්ට් කරන්න ඕන. ඒක මොන බලවතෙකුටවත් කරන්න බැහැ. එහෙම නැත්නම් ටෙස්ට් එකට භාජනය වූ අය වෙන්කර තබාගත යුතයි. ඒකත් කරන්න අමාරුයි. එසේනම් කලයුත්තේ එන්නතක් සොයා ගන්නතෙක් රෝගය පැතිරීම වලක්වා ගැනීමට තාවකාලික පිළියම් යෙදිමයි. එම පිළියම් උපරිමයෙන් ආර්ථික අර්බුදයක් ඇති නොවන ආකාරයට යෙදවීමට ආණ්ඩුව වග බලා ගත යුතුයි.

:       0       0

Anton austriaSunday, 12 April 2020 01:03 AM

චම්පා ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන ඔයාගේ දැනුම අඩුයි.. ඔයා මුල ඉඳන් බලලා නෑ. එක්කෝ ඔයාට ඉංගිසි තේරෙන්නේ නැහැ. එයාලා මුලින්ම රටවල්වලට කිවේ ඕනනෑ මාස්ක් දාන්න කියලා... තාම සමාජ පැතිරීමක් පරිසරයේ හැසිරීමක් නැ කියලා විෂබීජ ලෙඩ්ඩු වාඩිවුණාම කියනවා දැන් මුක පළඳනාව දාන්නලු . එහෙමයි කිවේ එතකොට ඔක්කොම වෙලා ඉවරයි. බොරුවට දොඩවන්න එපා. ඔයා දන්නේ ලංකාව ගැන අපි දන්නේ යුරෝපය ලංකාවේ විස්තරය දෙකම ගලපලා බැලුවම ලංකාව කරපු දේවල් හරි...

:       0       0

Champa Saturday, 11 April 2020 01:15 PM

මෙච්චර කල් කොරෝනා වයිරසයේ භයානකකම ගැන කතා කරපු ලංකාවේ මුල් පෙළේ පිරිස එක පාරට යූ ටර්න් ග‍‍‍‍‍‍‍‍‍හලා දැන් කියනවා එච්චර ප්‍රශ්නයක් නැහැලු. වැඩිය ලෙඩ්ඩුත් නෑලු. මම හිතන්නේ මොකකට හරි බය වෙලා තමයි යූටර්න් ගැහැව්වේ. කොරෝනා වලටත් වැඩියෙන් මේ වෙලාවේ මේ ගොල්ලන්ව බය කරපු දේ මොකක් වෙන්න පුලුවන්ද?

:       11       84

ChampaSaturday, 11 April 2020 08:29 PM

පස්සේ දැනගත්ත උත්තරේ "දත්ත ගබඩාවලු."

:       0       0

ලුම්බිණි Sunday, 12 April 2020 01:42 AM

දැන් නම් කාලය හොඳයි ඇඳිරි නීතිය අයින් කරන්න....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30577 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12569 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10909 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 797 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site