IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රුසියාවෙන් ඇමෙරිකාවට වෛද්‍ය ආධාර

කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැටකන ඇමෙරිකා එක්සත් ජනපදයට මුඛ ආවරණ ඇතුළු වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානයක් යැවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත.
 
රුසියන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුඛ ආවරණ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ රැගත් රුසියානු හමුදාවට අයත් ‘ඒන්. 124-100’ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය, ඉකුත් දා (2) ඇමෙරිකාවට ළඟා වීමට නියමිතව තිබූ බව ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කර තිබිණි.
 
 රුසියන් ජනාධිපති පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ ඉකුත් 31 වැනිදා දුරකතන කතාබහක් පැවැත්විණි. එදිරිවාදිකම් පසෙකළා ඇමෙරිකාවට සහාය දැක්වීමට තමන් පියවර ගන්නා බව රුසියානු ජනාධිපති පුටින්, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.
 
 ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලක්ෂ දෙකකට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් මිය යනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද වෛද්‍යවරු අනතුරු අඟවා ඇත. ජාතිය අමතමින් ඉදිරි සති දෙක ඉතා තීරණාත්මක බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් දා පැවැසීය.
 
 ඊයේ (3) පස්වරු වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 245,573කි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 6,058කි. චීනයෙන් පිට දරුණු ලෙස කොරෝනා වයිරදය ව්‍යාප්ත වන ඉතාලියට ද රුසියාව මේ අයුරින්, විශේෂ හමුදා ගුවන් යනා මගින් වෛද්‍ය ආධාර යවා ඇත. ඉතාලිය ඉතා අසරණ වූ අවස්ථාවේ ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ කළ ඉල්ලීමකට අනුව රුසියාව එලෙස ආධාර යැවීය. 
 
රොයිටර් / ද ගාඩියන් 
 
055



අදහස් (4)

රුසියාවෙන් ඇමෙරිකාවට වෛද්‍ය ආධාර

Palitha Friday, 03 April 2020 12:09 PM

මහත්ම ගතිගුණ ඇති රුසියානු නායකයාණෙනි, අප ඔබට හිස නමා ආචාර කරන්නෙමු. ඔබ ගැන අපට ඇත්තේ අභිමානයකි. ඔබ වැනි නායකයන් ලොව කොහේ සිටියත් ඒ රටට සම්පතකි. ඔබ ලොවට අවැසි මොහොතේ පෙන්වන්නේ මානව දයාවයි, මනුෂ්‍යත්වයයි.

:       0       152

BamunuarachchiFriday, 03 April 2020 01:15 PM

ඇමරිකානුවන්ට වැදුන අතුල් පහරක් ...

:       6       1

අනුර Friday, 03 April 2020 01:12 PM

අපේ ඇත්තන්ටත් දැන් හොදින් කල්පනාකර බලන්න කාලය උදාවී තිබේ. බුදුන්වහන්සේ ගේ ධර්මය අනුව සියලු සංඛාරයෝ අනිත්‍ය බව දැන් වත් වටහා ගත යුතුය. මේ අවස්ථාවේදී අපට විශ්වාශය තැබිය හැක්කේ අප සතුව ඇති එකමුතු බවේ ශක්තිය පමණයි. වෛරසයට ජාතියක් හෝ ආගමක් හෝ පක්ෂයක් හෝ රටක් හෝ ධණවත් පොහොසත් බේදයක් නැත. මෙම නියාය ධර්මය දැන් ලොව වටින් ඇසෙන මාධ්‍ය මගින් නිතර නිතරම පෙන්වා දෙයි. එකමුතුව කටයුතු කිරීමෙන් ඔනැම උවදුරකින් ඡය ගත හැකි බව මා තදින්ම විශ්වාස කරමි. ඔබ සැමට දළදා සමිදුගෙ පිහිට ලැබේවා.!

:       0       24

Aris Friday, 03 April 2020 07:11 PM

කොරෝනා වසංගතයෙන් මුළු ලෝකයම ජය ගන්න ඕන. නැත්නම් දියුණු රටවල් මේ විධියට වසංගතයට ගොදුරු වෙමින් විනාශ වෙනකොට දුප්පත් රටවල් ආර්ථික අර්බුද වල පැටලිලා මිනිසුන්ට කන්න බොන්න නැතිව මිය දෙන්න වෙනවා. මේ අවස්ථාවේ අපේ රටටත් පුළුවන් ඇමෙරිකාවට උදව්වක් විධියට මුඛ ආවරණවත් සපයන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site