(රංජන් කස්තුරි)
කොරෝනා වෛරසය තදින් පැතිර යමින් තිබෙන රටවල් 11 ක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම හෙට (14) සිට නතර කිරීමට රජය තීරණය කර ඇත.
ඉතාලිය , ඉරානය , දකුණු කොරියාව , ප්‍රංශය , ජර්මනිය ස්පාඤ්ඤය , ස්වීඩනය , ස්විස්ටර්ලන්තය , ඩෙන්මාර්කය නෙදර්ලන්තය සහ ඕස්ට්‍රියාව රටවලින් කිසිඳු මගියෙකු ශ්‍රී ලංකාවට ඇතුළු කර නොගන්නා බව සිවිල් ගුවන් සේවා සමාගම කියයි.
යුරෝපයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14 ක කාලයක නිරෝධායනයකට යටත් වීම අනිවාර්ය කිරීමටද රජය තීරණය කර ඇත.
මේ අතර පොදු ප්‍රවාහන සේවයට යොදාගන්නා බස්රථ සහ දුම්රිය විෂබිජ හරණයකට ලක්කිරීමටත් ආරක්ෂක අංශවල සහායෙන් එම වැඩපිළිවෙල හෙට (14) සිට ක්‍රියාත්මක කිරීමටත් නියමිතය.
රටතුළ කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමටද රජය තීරණය කර ඇත.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රටවල් 11 කට සංචාරක තහනමක්
Bandula Friday, 13 March 2020 01:35 PM
චීනයට තහංචි දාන්න කොන්ද පණ නැති හැටි.
sisili bisili Friday, 13 March 2020 01:37 PM
හොඳයි. හමුදාව නැතිනම් ඉතින් ඉවරයි. අපි සැවොම ණයගැතියි ඔවුන්ට.
CHANDIMA Friday, 13 March 2020 01:45 PM
චීන්නු?
පිටිගල මිලානෝ Friday, 13 March 2020 02:03 PM
එංගලන්තයේද මෙය වේගයෙන් පැතිරෙමින් පවතින නිසා වහාම මහා බ්‍රිතාන්‍යය තහනම් කරන්න පසුවට කරදර වෙන්නේ නැතුව. අපි පිටරට හිටියත් අපේ පුංච් රට ආරක්ෂා කරගන්න ඕනේ.
බද්රානිFriday, 13 March 2020 03:52 PM
අනේ මෙතන මෝඩ කතා නොකියා ඉන්න. නුඹලා වගේ මෝඩයන් එංගලන්තයේ ඉන්නවා කියලා හිතුවද? එංගලන්තයේ අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් හදිසි අවශ්‍යතාවයක් වූවොත් ශ්‍රී ලංකා රජය ඒ නිසි පියවර ගනීවි. ඉතාලියේ ඉන්න අයව අපේ දේශපාලකයින්ට අවශ්‍ය වන්නේ ඡන්දෙ කාලෙට විතරයි. නුඹලා වැනි අය ඉතාලියටත් පිළිලයක්...
chathura-LondonFriday, 13 March 2020 06:03 PM
බද්රානි ඇන්ටි, ඔයා හිතුවේ එංගලන්තේ ඉන්නේ ලංකාවේ සිසුන් විතරයි කියලද? දන්නේ නැත්නම් දැනගන්න පරම්පරා ගාණකට කලින් ලංකාවෙන් මෙහෙ ආපු අය සහ ඒ අයගේ පවුල්වල උදවිය සහ තවත් බොහෝ ලාංකිකයන් මෙහෙ ඉන්නවා. මේ රට දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් සිටින නිසා මෙහෙ සිටින අය ලංකාවට නම් ඇන්ටි කියනවා වගේ කොහෙත්ම යන්නේ නැහැ. ඇන්ටි හිතුවේ මෙහෙ ශිෂ්‍යයෝ අන්ටිලාගේ වුහාන් වල හිටපු ශිෂ්‍යයෝ වගේ කියලාද? නැහැ...නැහැ... ඇන්ටි ඒ අයත් මෙහෙ ඉන්නේ සියලුම සෞඛ්‍ය ආවරණ සහිතවයි. ඒ නිසා ඇන්ටි පරිස්සමින් ඇන්ටිගේ සෞඛ්‍ය ගැන බලා ගන්න. මොකද පිටිගල කියනවා වගේ වයසක අයට මේ ලෙඩේ හැදුණොත් ඉක්මණින්ම දිව්‍යලෝකෙටලු යන්න වෙන්නේ...
බද්රානිSaturday, 14 March 2020 10:22 AM
චතුර ලන්ඩන් කියලා අදහස් දමා ඇති ළදරුවා, අනේ, මම නොදන්නා එංගලන්තේ ගැන ඉගැන්වූවාට ස්තුතියි. එංගලන්තේ NHS ගැන මමත් අහලා තියනවා. මම ලිව්ව අදහසේ යටි අන්තර්ගතයක් තිබෙනවා. එ්ක පිටිගලලා වැනි මොළවලට තේරුම් ගන්න අපහසුයි. මම මෙතන ලීවේ ඔබලා වැනි උදේට ඉගෙන ගෙන රෑට පිඟන් හෝදන්න යන හිඟන සිසුන් ගැන නෙමේ, ලංකාවේ දේශපාලකයින්ගේ පවුල්වලට සම්බන්ධ ධනවත් සිසුන් ගැනයි. ඉතාලියේ ඉඳලා එංගලන්තෙට බෝට්ටුවෙන් පැනගෙන ඉන්න චතුර පුතාගේ ටිකිරි මොලේට සමහර දේවල් වැටහෙන්න තව අවුරුදු ගානක් එංගලන්තයේ ඉන්න වෙයි. පව්...!!!
lanka Friday, 13 March 2020 02:09 PM
හෙට අනිද්දා සිට පැවැත්වීමට නියමිත මහා පරිමාණ ඡන්ද රැස්වීම වලට එන කිසිම කෙනෙක්ට ඕක බෝවීමේ අවධානමක් නැති හින්ද ඒවා පවත්වලා වෙනත් උත්සව අවස්ථා තහනම් කරමු.
ranjith Friday, 13 March 2020 02:13 PM
හොද තීරණයක්. උපරිම උත්සාහයකින් මේ රටේ වසංගත තත්වයක් ඇතිවීම වළක්වමු.
Fernando Friday, 13 March 2020 02:15 PM
චන්ද රැස්වීම නතර කළ යුතුයි. තත්වය දරුණු උනොත් ඡන්දය තියන්න බැරිවෙයි. තව මාස හයක් තියෙද්දී මේක විසුරෙව්වා බල තණ්හාවට.
dare Friday, 13 March 2020 03:14 PM
අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම...
Akila Friday, 13 March 2020 03:51 PM
සුද්දන්ව නැවතුවට වැඩක් නැහැ... ඔය ලෙඩේ ලංකාවට අරන් එන්නේ ලංකාවේ අයයි.
Mahesh Saturday, 14 March 2020 03:48 AM
වැඩකරන විරුවා.... ප්‍රධාන උල්පත වහන්නේ නැතිව පොඩි ජාල ධාරාවන් වහන්න උත්සාහ කරන තවත් මෝඩ වැඩක් තමයි මේකත්...