(රේඛා තරංගනී ෆොන්සේකා)
ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක සිට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා බල ප්‍රදේශයට පැමිණ නිරෝධානයට යොමු නොවී සිටි බව කියන පිරිස් සිටි නිවාස 40 ක පුද්ගලයන් සිය නිවෙස තුළදීම නිරෝධායනයට යොමු කළ බවත් සැක සහිත නිවාස දහයක් ජීවානුහරණය කළ බවත් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගු මහතා පැවසීය.
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා නගරාධිපති මධුර විතානගේ මහතාගේ උපදෙස් මත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගු මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක ළහිරු කරුණාරත්න සහ වැලිකඩ පොලිසිය එක්ව මෙම වැඩ සටහන ක්‍රියාවට නැංවීය.
එහිදි විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධානයට යොමු නොවී සිටින පිරිස් පීළිඹඳව මහජනතාවගෙන් ලැබුණු තොරතුරු සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ පොලිසියට ලැබුණු තොරතුරු ඔස්සේ මෙම වැටලීම් සිදුකල බව ඒ මහා පැවසීය.
මෙම පරික්ෂාවේදී ඉතාලිය, එංගලන්නය, ප්‍රංශය, කාරියාව, මැදපෙරදිග, වැනි රටවලින් පැමිණ සිටි විදේශිකයන් සහ ලාංකිකයන් හමු වු බව සඳහන් කරන ඒ මහතා නිරෝධානය සඳහා අවශ්‍ය උපදෙස් ඔවුන්ට ලබා දුන් බව පැවසීය.
එම නිවෙස් වලින් හමු වු සෙම්ප්‍රතිශ්‍යාව හැදුණු රෝගියෙක් කොරෝනා ආසාධිතයෙක්ද යන්න තහවුරු කර ගැනිමේ පරික්ෂාවට ජාතික රෝහලට යොමු කළ බව සඳහන් කළ ඒ මහතා කොරෝනා බවට තහවුරු වු රෝගියෙක් මෙතෙක් වාර්තා නොවු බව පැවසීය. මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.




2025 දෙසැම්බර් මස 18
284
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපයෙන් ආ පිරිසක් කෝට්ටේ නිවාස 40ක ස්වයං නිරෝධායනයේ
de silva Wednesday, 18 March 2020 06:13 AM
මෙම පිරිස් ලංකාවට එනකොටම ඔවුන්ගේ රුධිර සාම්පල සහ විස්තර අරගත්තා නම් මේ වැඩේ මිට වැඩිය ලේසි නේද ?