සිතුම් චතුරංග
යාපනය, උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තාවඩි ගම්මානයේ ජනතාවට නැවත දැනුම් දෙනතුරු එම ගම්මානයෙන් පිටතටයාම හෝ නිවාසවලින් පිටතටයාම තහනම් කර ඇතැයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
යාපනයෙන් හමුවූ ප්‍රථම කොරෝනා වයිරසය ආසාදිත රෝගියා හමුවීමත් , පසුගියදා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයා විසින් පැවැත්වූ දේවමෙහෙයට විශාල ප්‍රමාණයක් මෙම ගම්මානයෙන් සහභාගීවී සිටිම හේතුවෙන් මෙලෙස තාවඩි ගම්මානයේ ජනතාවට පිටවීම තහනම්කළ බවද සඳහන් කළේය.
නාවඩි ගම්මානය වෙත කිසිවෙකුට ඇතුළුවීම හෝ පිටවීම තහනම්කර ඇති අතර ඒ සඳහා යුද හමුදාව යොදවා ඇති අතර ගම්මානයේ මාර්ග සියල්ල වසා දමා යුද හමුදාව විසින් තාවකාලික ආරක්ෂක මුරකපොලු ඉදිකර ඇති බවද පැවසීය.
උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල්ස් මහත්මිය හා යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා ඇතුළු ආරක්ෂක අංශ විසින් ජනතාවගේ ආරක්ෂාව හා රෝගය ව්‍යාප්තවීම අවමකිරීම සඳහා මෙම තීරණය ගෙන ඇතැයිද කීය.
කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට අනාවරණය වි එක් පුද්ගලයකු පමණක් යාපනය ශික්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෙනත් කිසිවෙකුට මෙම කාලසීමාව තුළ වයිරසය ආසාදනය ඇති බවට අනාවරණය නොවූ බව යාපනය රෝහල් අධ්‍යක්ෂක ටි.සත්‍යමූර්ති මහතා පැවසීය.
ස්විස්ටර්ලන්ත දේව ගැතිවරයා සමඟ සාකච්ජා කළ කොන්ත්‍රාත්කරුවෙකු වෙත පමණක් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති පුද්ගලයකු පමණක් සිටින බවත් පෙබරවාරි 02 වැනිදා සිට මාර්තු 23 වැනිදා අතර කාලසීමාව තුළ පුද්ගලයින් 21 දෙනෙකු කොරෝනා වැළදි ඇති බවට සැක සහිතව රෝහලට ඇතුළත් කොට ඇති බවයි.
අදාළ පිරිස තුළින් පස් දෙනෙකු හැර අනෙකුත් පිරිස වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් අනතුරුව රෝහලෙන් පිටවගොස් ඇති අතර, පුද්ගලයින් පස් දෙනෙකු වැඩිදුර පරීක්ෂණ හා වෛද්‍ය ප්‍රතිකාර මත රෝහල තුළ සිටින බවත් ඔවුන්ට වෛරසය ආසාදනය නොවී ඇති බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
323
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2140
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාසවලින් පිටතට යාම තහනම්
de silva Wednesday, 25 March 2020 09:18 AM
මේ පුජකයට විරුධව තදින්ම නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොහු ලංකාවට ඇවිත් නිරෝධන නීති කමින් කටයුතු කරගෙන ගිහින්ඊ. ට පස්සේ ලෙඩේ හැදෙන බව තේරුණාම වහාම ස්විට්සර්ලන්තෙට පැනා ගිහින් රෝහල් ගතවෙලා. මොහුගේ මෙම ක්‍රියාකලාපය නිසා මොහු සමග එකට ගුවන් ගමනේ යෙදුන ගුවන් මගීන්ගේ, ආගමන විගමන නිලධාරීන්ගේ, ගුවන් සේවිකාවන්ගේ, ගමේ මිනිස්සුන්ගේ ජිවිතත් අනතුරේ දමලා............මේවට යන වියදම් සියල්ල මොහුගෙන් අයකරගන්න ඕනේ.