Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 26 වන ඉරිදා
මේ මොහොතේ රටේ සිටිය හැක්කේ එකම එක හතුරකු පමණක් බවත්ල ඒ කොරෝනා නමැති සතුරා පමණක් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මේ ආගමික වශයෙන්, ජාති වශයෙන් බෙදී වෙන්වී සිතන මොහොතක් නොවන බව කී අගමැතිවරයා සියලුම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්නට මේ මොහොතේ ඉදිරිපත්ව සිටින බවද සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ රටේ වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අගමැතිවරයා මෙසේ ද කීවේය.
මම ඔබ අමතන්නේ කොරෝනා වසංගතයට එරෙහිව අපේ රජයත්, ජනතාවත් දැවැන්ත යුද්ධයක යෙදිලා ඉන්න මොහොතක. මුළු ලෝකයේම රටවල් 200කට අධික ප්‍රමාණයක් මේ වසංගතයට එරෙහිව සටන් කරන ආකාරයත්, ඒ රටවල දහස් ගණන් ජනතාවගේ දේහයන් සුසාන භූමියට ගෙනියන ආකාරයත් ඔබ ප්‍රවෘත්තිවලින් දකිනවා.
අපි ජීවත් වෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මේ වසංගතය මර්දනය කරන්න කටයුතු කරන ආකාරය අනුවයි. අපේ අවධානය, අපේ කැපවීම, විනය කියන දේවල් අනුව තමයි මේවගේ වසංගතයකදී අපි ජීවත් වෙනවාද, මැරෙනවාද කියන දේ තීරණය වෙන්නේ.
ඒ නිසා මේ වසංගතය ලෝකයෙන් වාර්තා වුණ මොහොතේ ඉඳන්ම ජනාධිපතිතුමත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළා.
මේ තත්ත්වය තේරුම් ගත්ත නිසා තමයි චීනයේ වූහාන් නගරයේ හිර වුණු ලාංකික පිරිස ලෝකයේ බොහෝ දෙනකුට කලින් ගුවන් යානාවක් යවලා මේ රටට ගෙන්න ගන්න කටයුතු කළේ. ඒ පිරිස අරගෙන එන කොටත් අපි අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවලා ඉවරයි.
එතැන් සිට ලංකාවට එන සිය ගණන් පිරිස් නිරෝධායනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන රාශියක් ඉතාම කෙටි කාලකදී අපි මේ රටේ පිහිටෙව්වා. දැන් වරකට දහස් ගණනක් නිරෝධායනය කරන්න වුවමනා නිරෝධායන මධ්‍යස්ථාන 40 කට ආසන්න ප්‍රමාණයක් අපි පිහිටුවා තියෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නවාතැන් පොළවල් නෙවෙයි. හොඳ මට්ටමේ ගොඩනැගිලි, ඇඳන්, වෛද්‍යවරුන් උපස්ථායකයන්, බෙහෙත්-හේත්, උපකරණල වැසිකිළි කැසිකිළි, සෞඛ්‍ය සම්පන්න කෑම බීම විතරක් නොවෙයි කොත්තමල්ලි කෝප්පය පවා මේ දහස් ගණනකට දින 14 ක් පුරා අඩුවක් නැතිව ලබා දෙනවා.
මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය අද හිනාවෙවී එළියට එන්නේ ඒවා අඩුවක් නැතිව සපයන්න පුළුවන් වෙලා තියෙන නිසයි. ඒ වාගේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශේෂ රෝහලක් අපි දින හයකින්, වැලිකන්දේ ඉක්මනින් ඉදිකළා.
ඒ විතරක් නෙවෙයි, ලංකාවට එන අය පරීක්ෂා කරලා රෝගය ගැන සැක අය ඉන්නවා නම්, ඒ අය ඇසුරු කළ දහස් ගණනක් හඳුනා ගෙන ඒ අයත් ගෙවල්වලම තියලා නිරෝධායනය කරවන්න අපි කටයුතු කළා. නිරෝධායනය මගහරින දහස්ගණන් හඳුනාගෙන ඔවුන්ගෙන් සමාජය මුදවා ගන්න රාජ්‍ය බුද්ධි අංශ පවා යොදවා ගන්න ජනාධිපතිවරයාට සිදුවෙලා තියෙනවා.
අපි පළමුවැනි කොරෝනා රෝගියා වාර්තා වුණ වහාම සියලු පාසල්ල විශ්වවිද්‍යාල නිවාඩු දීලා දරුවන් රෝගයෙන් මුදවා ගන්න කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ආසියාතික රටවල් අතරින් මුලින්ම ස්ථාපිත කළේ අපි. ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණීම නතර කළා. නිරන්තරයෙන් අපේ ප්‍රතිපත්තිය වුණේ ජනතාව අපහසුතාවට පත් නොකර ජනතාවගේ වුවමනාකම් සම්පූර්ණ කරන්න. ඒ නිසා අපි යුද්ධ කාලෙවත් ඇඳිරි නීතිය පැනෙව්වේ නෑ. මේ තත්ත්වයේදී සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස්වලට අවධානය යොමුකරලයි අපි ඇඳිරි නීතිය පැනෙව්වේ.
ඇඳිරි නීතිය පැනවීමත් එක්කම අපේ දහස් ගණන් කර්මාන්තශාලාල ව්‍යාපාර වගේම රජයේ කාර්යාල වහන්න වුණ බව තමුන්නාන්සේලා දන්නවා. එහෙම වුණත් එදිනෙදා ජන ජීවිතය අඩුවක් නැතිව පවත්වාගෙන යාමේ ඉතාම භාරධූර වගකීමත් රජය ඉටුකරමින් ඉන්නවා. විදුලිය, ජලය, ගෑස් අඩුපාඩුවක් නැතිව සැපයීමේ වගකීම රජය දැන් බාරගෙන තියනවා. කෑම බීම, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය දේ රටටම බෙදා හැරීමේ වගකීම ජනාධිපතිවරයාගේත් මගේත් මගපෙන්වීම යටතේ අරලියගහ මන්දිරයේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ඉටු කරනවා. ඒවගේම එම කටයුතු නිසි ආකාරව සිදුවනවාද යන්න සොයා බලන්නත් අපි වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.
ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරන්න කළ හැකි හැම දෙයක්ම කළා. වැඩිහිටි ආධාර ලබන පිරිස 416,000 ක්ග ඒත් අපි වැඩිහිටියෝ හාරලක්ෂ හතළිස් දෙදාහකට රුපියල් පන්දාහ ගණනේ ඉක්මනින් ලබා දුන්නා.
ඊළඟට අපට ආබාධිත ජනතාවගේ යැපීම ගැන බලන්න වුණා. ආබාධිත දීමනාව ලබන 22,000 යි හිටියේ. තවත් 38,000කටත් එක්කම රුපියල් 5000 දුන්නා. ගොවියන් 160,000 අපට මේ දීමනාව දෙන්න වුණා. ධීවරයන් 4600 කට ඒ දීමනාව දුන්නා. වකුගඩු රෝගීන් හිටියේ 25,000යි. පොරොත්තු ලේඛනයේ ඉන්න 13,850 කටත් ඒ දීමනාව ගෙව්වා. ගර්භණී මව්වරුන්ට, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට රාජ්‍ය සේවකයන් මගින් ත්‍රිපෝෂ ඇතුළු දේ ගෙවල්වලට යවලා ඉවරයි. පසුගිය දවස්වල විශ්‍රාමිකයෝ 645ල000 විශ්‍රාම වැටුප වෙලාවට ගෙව්වා.
දැන් රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රාජ්‍ය සේවකයන් පහළොස් ලක්ෂයක් ඉන්නේ ගෙදර.
ඒත් මේ පහළොස් ලක්ෂයකටම අප්‍රේල් මාසයේත් වැටුප දැනටමත් ගෙවන්න කටයුතු කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි රැකියා විරහිත උපාධිධාරීන් 40ල000 ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි සූදානම් වෙලා හිටියේ. ඒ අය මෙම නිරෝධායන කටයුතුවලට යොදා ගෙන ආර්ථික ශක්තියක් දෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි සමෘද්ධිලාභීන් මේ රටේ ලක්ෂ 17 ක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ තවත් හයලක්ෂයක්. ඒ විසිතුන් ලක්ෂයටම අපි රුපියල් පන්දාහෙ දීමනාවත් දීලයි මේ තත්ත්වයට මුහුණ දෙමින් අපි කටයුතු කරන්නෙ.
අපි මෙහෙම කරගෙන යනකොට මේ රටේ නතර වුණ ව්‍යාපාර ගැනත් හිතන්න වුණා. මේ රටේ ත්‍රිරෝද රථ, පාසල් බස්ල, වෑන් වාගේ දේවල්වලින් රස්සාව කරන ලක්ෂ පහළොවක් හිටියා. මේ සියලු දෙනාට අපි කල්බදු වාරික සහනය දුන්නා. ඇඳිරි නීතිය නිසා ව්‍යාපාර කටයුතු කරගන්න බැරි අයට සහනයක් දෙන්නත් රජයට සිදු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහන දෙන්න පටන් අරන්.
අපි මෙපමණ මුදලක් වෙන් කරලා ජනතාවට සහන දුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නෙවෙයි. මේ දේවල් එකක්වත් කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ සහාය ගන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් රජයේ කටයුතු පවත්වාගෙන යන්න අතුරු අයවැයක් සම්මත කරගන්න ගිය අවස්ථාවේ අපට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ නෑ. එබඳු තත්ත්වයක් යටතේ නැවතත් පාර්ලිමේන්තුව රැස් කිරීමේ කවර ප්‍රයෝජනයක්ද කියලා පරමාධිපත්‍ය බලය තියෙන ජනතාව දැන් අපි කාගෙනුත් අහනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ජනාධිපතිතුමාට කතා කරලා මේ අපේ වැඩපිළිවෙළට ප්‍රශංසා කර අගය කළ බව මුළු ලෝකයම දන්නවා. මේ මොහොතේ ලක්ෂ පනහකට වඩා ජනතාවට රජය ඍජු සහනාධාර ලබා දීලා ඉවරයි. මේ ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේ අපට වාද විවාදවල යෙදිලා ඉන්න වුවමනා නෑ. රටේ ජනතාවගේ හතරෙන් එකකට අපි ආධාර දුන්නේ රටේ ආදායම යහපත් තත්ත්වයක පැවතිලා නෙවෙයි. මේ මොහොත වෙනකොට රජයට ආදායම් ලැබෙන සියලු මාර්ග අකර්මණ්‍යයි.
මේ වයිරසය පැතිරෙන නිසා අපේ ඇඟලුම් යුරෝපා රටවලට යැවීම නතර වෙලා. ඒ නතර වුණේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතාලිය, මැදපෙරදිග රටවල ශ්‍රමිකයෝ එවන මුදල අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක්. ඒ ආදායමත් කොරෝනා වසංගතය පැතිරෙන නිසා ලංකාවට ලැබෙන්නේ නෑ.
මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වල ඉඳන් අපේ මුහුදු වෙරළේ සිප්පි කටුවටත් මේක බලපානවා. දැනටමත් ලෝකයේ වාගේම අපේ රටේ සංචාරක හෝටල්වල කෑමබීම, ප්‍රවාහන ක්ෂේත්‍ර ඇනහිටලා. මේ වාගේ තත්ත්වයක් යටතේ තමයි අපට මේ වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙත් අපි නැහැයි කියන්නේ නෑ. ජනතාවට බැහැයි කියන්නෙත් නෑ. මේ සටන අතහරින්නෙත් නෑ.
කිසිම මොහොතක අපි දේශපාලන, ජාතික, ආගමික වශයෙන් හිතලා තීන්දු ගත්තේ නෑ. ගන්නෙත් නෑ. සියලුම දේශපාලන පක්ෂ නායකයන් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්න ඉදිරිපත් වුණ මොහොතක් මේ. මේ ආගමික ජාතික වශයෙන් බෙදී වෙන් වී හිතන වෙලාවක් නොවේ.
අපට මේ මොහොතෙ ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කියන සතුරා විතරයි. අපි මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මෙන්න මේ සත්‍ය අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනෑ.
දැන් බලන්න මහානායක හාමුදුරුවරු ඉල්ලීමක් කළා, මේ බක් පොහොයට පන්සල් එන්න එපා කියල. මොනතරම් මිනිස්සු ගැන තියෙන ආදරයක් ද හැගීමක් ද මේ ප්‍රකාශ වෙන්නෙ. ඒ නිසා අපි හිතන්න ඕනෑ ජීවත්වෙන අය ගැනයි. මේක ආගමකට, ජාතියකට විශේෂ වුවමනා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන වෙලාවක් නෙවෙයි. මේක රට ගැන හිතන වෙලාවක්ග පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් විතරයි අපට මේ මිනී වළෙන් එහාට පනින්න පුළුවන් වෙන්නේ කියන එක මතක තියා ගන්න ඕනෑ.
මතක තියා ගන්න දරුවෝ, බිරිඳ, ගෙදර ඉඳිද්දී තමන්ට රෝගයට මූණ දෙන්න වෙන බව දැන දැන ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් අපට ඉන්නේ.
ඇතැම් වෛද්‍යවරුන් තමන්ගේ ඇඟේ කොරෝනා පොසිටිව් වෙනතුරු තමන් රෝහලෙන් යන්නේ නෑ කියලා වැඩ කරනවා. වෙනත් රටවල මුහුණු වැස්මක් දුන්නේ නෑ කියලා සේවය අතහැර ගිය හෙදියොත් ඉන්නවා. ඒත් අපි ආඩම්බරව කියන්නේල, අපේ රටේ ඉන්නේ තමන්ගේ මුහුණ වැස්ම තමන්ම මහගෙන ඇවිත් තම වගකීම ඉටු කරන හෙද පරපුරක්. රෝහල් උපස්ථායකයෝ, ගිලන් රථ රියැදුරෝ කිසිම රෝගියෙක් අතහැරලා නෑ. ඒ වගේම මරණ තර්ජන නිසා ඇතිව තිබෙන ජීවිත අවදානම පවා නොතකා ගෙයින් ගෙට ගිහින් සේවය කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපට ඉන්නවා. ඔබත් මාත් ජීවත් වෙන්නේ එබඳු සෞඛ්‍ය සේවාවක් තියෙන රටක. ඒ වගේම අනෙකුත් අවශ්‍ය සේවාවල වගකීම් ඉටුකරන රාජ්‍ය සේවකයනුත් සිහි කරන්න ඕනෑ. ඒවගේම අපේ පළාත් පාලන ආයතනවල කැපවීම අපි කවුරුත් අගය කළ යුතුයි.
එදා තමන්ට මරණය තියෙන බව පෙනි පෙනී වැල නොකැඩී ඇවිත් ත්‍රිවිධ හමුදාවටල පොලිසියට බැඳුණු තරුණයෝ අද වයිරසය තිබෙන්නේ කොතැනද, එතැන හොයාගෙන යනවා. තමන් ඉන්න බැරැක්කය රෝගියාට දීලා ඒ අය සිමෙන්ති පොළොවේ නිදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ ගණනක් අපේ දූ දරුවෝ මේ කොරෝනා වසංගතයට එරෙහිව කරන මෙහෙයුමට ආධාර කරන්න, අපි ආරාධනා කරන තෙක් ගෙවල්වල සූදානමින් ඉන්නවා. එබඳු රටක ඔබ තනි වෙන්නේ නෑ.
අපි දිගු කාලයක් ගත කරන්නේ නැතිව ඉක්මනින් මේ වසංගතය ජය ගන්න ඕනෑ. ඒ වගේම ඔබ ආරක්ෂා කිරීමට රජය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම සහය ලබා දෙන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා.
මේ ව්‍යසනය පරාජය කළාට පසුව ජීවත් වෙන හැටි ගැන අපට දැන්ම තියා හිතන්න වෙනවා. රටේ නිෂ්පාදනයටල බෙදා හැරීමට, වෙළෙඳාමට රජයේ මැදිහත්වීම අහෝසි කිරීමේ අදහසින් පසුගිය කාලේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. අද අපට සමුපකාරය සිහි වෙනවා. කෑම බීම වාගේම සරුංගලයත් විදේශයකින් ගෙන්වීම ලාබයි කියන මතය අනුව තමයි ඒ ආණ්ඩුව වැඩ කළේ.
ස්වයංපෝෂිත ගෙදරක් සඳහා අපි ඇති කළ ගෙවතු වගාව වාගේම කුඹුරු වගාවත් පසුගිය යුගයේ කඩා වැටුණා. දැන් නැවත මේ රටේ ජනතාව හිතන්න පටන් අරන්. කොළඹ නගරයේ ඉඳන් ඈත ගම් බිම් දක්වා සෑම ගෙවත්තක්ම වගා කරන්න සුදානම් වෙන හඬ අපට ඇහෙනවා. අපේ ආහාර අපිම හදාගන්න ජනතාව සූදානම් වෙන බව අපට දැනෙනවාග අපි ඒ සෑම දෙයකටම දිරි දෙනවා.
අපේ දැඩි සත්කාර ඒකකවලට වුවමනා ඇඳන් අපේම තරුණයෝ හදනවා. සමහර තරුණයෝ රෝගීන් වෙනුවෙන් රොබෝ යන්ත්‍ර පවා දැනටමත් හදනවා. මේ කියන්නේ අපට පුළුවන්ග රට ගැන හිතන මේ සියලු දෙනා ගැන මම ආඩම්බර වෙනවා. ඒ නිසා අපි කොරෝනා වසංගතය පරාද කරලා අපේම ආහාර, අපිම වගා කරන, අපේම කර්මාන්ත දියුණු කරනල අපේ ශක්තිය ලෝකෙට පෙන්වන ශක්තිමත් රටක් වශයෙන් නැගිටින්න වෙනවා.
ඉතිහාසයේ අපි මීට වඩා දුෂ්කරතාවලට මුහුණදීලා තියෙනවා. ත්‍රස්තවාදය තිබුණ කාලේ අවුරුදු විස්ස තිහ අනාථ කඳවුරුවල ජීවත් වෙලා තියෙනවා. දරු පැටව් එක්ක මහ රෑ හබරල ගාල්වල නිදාගෙන තියෙනවා. එබඳු පරිත්‍යාගයක් කරපු ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. රට වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්න කියලා මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් රටවල් මුහුණ දීපු ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැතිව නැගිටින්න අපට පුළුවන් බව මට විශ්වාසයි. අපි දියුණු ජාතියක් විදියට විතරක් නෙවෙයි නිරෝගී ජාතියක් විදියටත් නැගිටින්න ඕනෑ.
Bhanu Kumarawadu Tuesday, 07 April 2020 04:03 PM
අපිට ඉන්න ලොකුම හතුරා කොවිඩ් නෙවේ , අපේ හතුරා අපිම තමයි
Reply : 18 25
මැක්ස් Tuesday, 07 April 2020 04:25 PM
අති විශිෂ්ට කතාවක්....
Reply : 456 627
ass charya Wednesday, 08 April 2020 04:43 AM
නියම වහලේක්ගේ ප්‍රතිචාරයක්. දැනගන්න කතාව දෝලාවෙන් ගමන පයින් කියලා.
Reply : 172 185
isuru Tuesday, 07 April 2020 04:37 PM
එහෙනම් නැවත පාර්ලිමේන්තුව කැදවන්න ආණ්ඩුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අවලංගු කරන්න ඊට පස්සේ සේරෝම එකතුවෙලා "කොරෝනා" සතුරා පරදවන්න බුදු සරණයි ...
Reply : 567 187
Chathuti Tuesday, 07 April 2020 04:52 PM
ඔය නඩේ හිතන් හිටියේ මෙයාලට වැඩිය ලොක්කෙක් නැහැ කියලා. හොරකම් කරනවා මිනීමරනවා. උසාවි මග අරිනවා දේවාලෙට යනවා දැන් කොහොමද දෙවියන්ගේ පළාතේ එන්න බැරි වෙන්න ඇස් දෙකට නොපෙනෙන විෂ බීජයක් දුන්නේ අසරණ මිනිසුන්ව විකුණමින් ලෝක ණය අරගෙන ඒ මුදල් මිලියන ගණන් හොරකමින් නාස්ති කෙරුවේ දැන් විදවපල්ලා... ඔය හොරකපු මුදල් තිබුනානම් අද මෙතරම් බය වෙන්න අවශ්‍ය නැහැ. ඉදිරියේදී රට වැසියන් සේරටම ස්වකැමැත්තෙන් හෝ බලහත් කාරයෙන් කුඹුරට බස්සයි.... දැන් බයිලා කියල වැඩක් නැහැ. හිතුවේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා. බලය ගන්න පොරකවේ රස දන්නා නිසා. මේද සැරේ වැරදුන නේද?
Reply : 1518 1593
dd Wednesday, 08 April 2020 01:07 AM
සෑම දේශපාලන පක්ෂයක්ම සහය දෙන වෙලාවේ ඔබ විතරක් දොඩන්නේ, පිස්සු හදිලවත්ද? දේශපාලන කතා වැඩක් නෑ කියල කියද්දී ඔය මොනවද මේ දොඩවන්නේ? ඔය ලියපු ඒවා දෙවනුව ලියන්න.
Reply : 49 1
Champa Wednesday, 08 April 2020 01:19 AM
2015 - 2019 අතර කාලේ චතුරි කොහෙද හිටියේ? දෙව්ලොවේද අපායේද? මනුලොව නම් හිටිය වෙන්න බැහැ
Reply : 152 1
සුජානි Wednesday, 08 April 2020 08:13 AM
චතුරි 100% ඇත්ත කියලා තියෙන්නේ. මේ ගොල්ලෝ ලෝකයේ තියෙන ඔක්කොම ජරා වැඩ කළා. රට නැත්තටම නැතිකළා. හොර පවුල...මේ රටේ ඉන්න නුගත් ,මෝඩ ගෝත්‍රිකයින්ගේ චන්දය වැසිකිලි පෝච්චි, ටකරම් වලට හුවමාරු කරගත්තා. ඔබත් ඒ වහල් මානසිකත්වය තිබෙන නුගත් මෝඩ අයෙක් බව පෙනෙනවා.
178 219
Champa Wednesday, 08 April 2020 11:49 AM
සුජානි, මේ රටේ හැම පුරවැසියෙකුටම තමන් කැමති දේශපාලන පක්ෂයකට චන්දය දෙන්න ස්වෛරී අයිතියක් තියෙන බවත් එම අයිතිය ගැරහුමට ලක් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් දන්නේ නැති ඔබේ උගත්කම නමැති අං තට්ටුව ප්‍රදර්ශනය කිරීමෙන් වලකින්න.
81 2
කපිල Tuesday, 07 April 2020 05:09 PM
අපි ප්‍රමාද වැඩිද? අර සේනව අයින් කරලා මෙතුමාව ජනාධිපති කරගන්න....
Reply : 259 281
Champa Wednesday, 08 April 2020 12:19 PM
මහින්ද ජනාධිපති වුනා නම් මේ කතාව කරන්නේ ජනවාරි මාසේ අර මුලින්ම කොරෝනා හැදිච්ච චීන කාන්තාව හොයා ගත්ත දවස්වලමයි. ප්‍රයෝගික දැනුමක් නැති වියත්තුයි, පොළොවේ පය ගහල ඉන්න ජනතා නායකයොයි වැඩ කරන විදිහ අතර වෙනස අහසට පොලොව වගේ. එහෙනම් දැන් කරනවා වගේ, උපරිම පරායාසයෙන් ටෙස්ටින් නොකර, අද ලෙඩ්ඩු 2යි, ඊයේ බින්දුවයි, පෙරේදත් බින්දුවයි වෙන්න කෘත්‍රිමව සකස් කල උඩ යන පහල බහින ප්‍රස්ථාර පෙන්න පෙන්න ඉන්නේ නැහැ. ඇත්ත කතාව නම් ලංකාවේ කොරෝනා රෝගීන් අඩුවක් වුනේ නැහැ. අඩු කලේ ටෙස්ටින්. වැඩි ප්‍රචාරය දෙන්නේ නිරෝධායනයෙන් ගෙදර යන මිනිස්සු ගැන කියන්න මිසක් කොරෝනා වල බරපතලකම ගැන කියන්න නෙමෙයි. ලෝකයේ දැනට කොරෝනා තියෙනවද කියල නිවැරදිව හඳුනා ගන්න තියෙන එකම ක්‍රමය ස්වාබ් පරීක්ෂණය විතරයි. ප්‍රතිඵල එන්නේ සතියකින්. බ්ලඩ් ටෙස්ටින් එක කරන්නේ කලින් කොරෝන හැදිච්ච අයට විතරයි. මේ ගැන දවස් 10 කට විතර කලින් ලිව්වා. ඒකේ වෙනත් දේත් ලියපු නිසාද කොහෙද වැටිලා තිබ්බේ නැහැ.
Reply : 72 1
සුමිත් Tuesday, 07 April 2020 05:12 PM
මිනිස් සෛල තුලට ඇතුළුවිය හැකි ලෙස තමන්ගේ ජාන වෙනස්කරගන්නා මෙම වෛරසය ඉතා බුද්ධිමත් සතුරෙක්. පරාජය කළහැකිවන්නේ ජනතාව ඊටත් වඩා බුද්ධිමත් වුනොත් පමණයි.
Reply : 37 350
Mahee Wednesday, 08 April 2020 05:20 AM
වහල් මොළ තුලට දැනටමත් ඇතුළු වී සිටින මේ වයිරසය නිසා අපේ වහලුන්ගේ කලපනා ශක්තිය බින්දුවට බැහැල. ඒ නිසා වෛරස විසින් වහල් මොළ තුලට බස්සන මේ පල් හැලී දේව වාක්‍ය වගේ පිළිගැනෙනු ඇති.
Reply : 132 187
Kamal Koyrala Tuesday, 07 April 2020 05:55 PM
චීනෙන් ,අමෙරිකාවෙන් ආධාර දෙනවා කීවම නැවතත් රණවිරුවා විකුණන්, මීලග මැතිවරණයට චොවිඩ් 19 යුද්ධය දින්නා කියන්න මේ හදන්නේ ...
Reply : 549 442
ජනක Tuesday, 07 April 2020 09:47 PM
ලෝකෙ කොහෙද රටවල් 200ක්. කොරෝනා පරදයි හැබැයි රටට සෙතක් වෙන්නෙ මිනිස්සු රැවටීම් තේරුම් ගත්තු දාට
Reply : 0 1
Champa Wednesday, 08 April 2020 01:35 AM
මිනිස්සුන්ගේ හදවතටම වදින හොඳම හොඳ කතාවක් අගමැතිතුමා. ඔබතුමා කවදත් දේශීය දේ අගය කරන, ගැමි සුවඳ හඳුනන, ජනතාවගේ හදවත ගැහෙන රාවය දැනෙන ජනනායකයෙක්. යුද්ධයේ වෙඩිහඬ මැද්දේත් උතුරට ගිය ඔබට අද ජනතාව අතරට ගිහින් ඔවුන්ගේ දුක සැප බලන්න විදිහක් නැතිකම ගැන තැවෙනවා ඇති. කොරෝනා බෝවෙන රෝගයක් නොවුන නම් ඔබ අද ඉන්නේ මහපාරේ ජනතාව එක්ක. නැත්නම් ඈත ගම්වල. අගමැතිතුමා, මතකද කොටි ගහපු කැබිතිගොල්ලෑවේ පන්සලට ගියා 2018 අවුරුද්දේ. එදා ගමේ මිනිස්සුයි හාමුදුරුවොයි හුඟක් සතුටු වුනා. ඒ මිනිස්සු හුඟක් අමාරුවෙන් ජීවත් වුනේ ඒ දවස්වලත් කන්න නැතුව. දානෙට දීල තිබුනේ මුරුංග හොදියි, වෙල් මාලුයි, තව මැල්ලුමකුයි විතරයි. එදා ඔබත් මිනිස්සු එක්ක කෑවේ ඒ කෑමමයි. මේක මතක් කලේ පුළුවන් නම් ඒ ඈත පළාත්වල මිනිස්සු ගැන බලන්න. ඒ මිනිස්සුන්ට එදා කාපු කෑමවත් දැන් තියෙනවද දන්නේ නැහැ.
Reply : 292 206
raminda Wednesday, 08 April 2020 08:15 AM
හදවත් වලට විතරක් නොවෙයි. තනිවම හම්බවුනානම් වෙන තැන්වලටත් වදියි...
Reply : 1 64
MR DEEN Wednesday, 08 April 2020 01:53 AM
ඉතා හොඳ කතාවක් අගමැතිතුමනි.
Reply : 124 105
Nimal Wednesday, 08 April 2020 02:26 AM
ඔය බනින කට්ටියනම් හැමදාමත් බනිනවා.
Reply : 40 82
amarasinha Wednesday, 08 April 2020 09:59 AM
හොඳ වැදගත්, බුද්ධිමත්, අවංකව රටට අදරෙකරන, පවුල් සංග්‍රහයෙන් තොර, වංචා දුෂණයෙන් තොර, ස්ත්‍රී දුෂණයෙන් තොර, රටේ ජනතාවගේ මුදල් සොරා කාපු නැති, රටේ ඉඩම් චීන්නුන්ට විකුනපු නැති, කොටින්ට සල්ලි දුන්නේ නැති වැදගත් මහත්වරුන්ට අපි බනින්නේ නැහැ.
Reply : 1 126
sunanda Wednesday, 08 April 2020 10:04 AM
බැනලා මදි .. ගෙදර කුස්සියේ ඉඳුල් කන සෙකියුරිටි බට්ටෝ නැතිව අහුවුනොත් " හම ගහනවා ".
Reply : 1 144
Deepal Nirosh Wednesday, 08 April 2020 05:02 AM
මේ මොහොතේ එකම සතුරා කොරෝනා බව ඇත්ත. හැබැයි මේ සතුරාට එරෙහිව ලෝකයාම එක මතයකයි ඉන්නෙ. ඒත් අප්‍රේල් 30න් පස්සෙ මොකද වෙන්නෙ කියලා තාම හිතුවෙ නැද්ද? අනුමත අයවැයක් නැතුව ජනාධිපතිට රාජ්‍ය වියදම් දරන්න බැහැ කියල කවුරු හරි ශ්‍රේෂ්ධාධිකරණයට පෙත්සමක් ගහල අතුරු තහනම් නියෝගයක් ගත්තොත් රටට මොකද වෙන්නෙ? ඒ හතුර ගැන තාම හිතුණෙ නැහැ වගේ. එදාට නම් ලෝකය සහ ලෝකයෝ සතුරා එක්ක මිසක තමුන් එක්ක නොවෙයි කියල ගිය ඔක්තෝබර් විප්ලවයෙන්වත් පාඩම් ඉගෙන ගෙන නැහැ වගේ....
Reply : 124 76
ලසන්ත Wednesday, 08 April 2020 09:57 AM
දීපාල් නිරෝස් මහතාගේ අදහස ඉතාම නිවැරදියි. 2020.04.30 දිනෙන් පසුව ජනාධිපතිතුමාට ඒකාබද්ධ අරමුදලින් වැයකල හැක්කේ මැතිවරණයට පමණයි. නමුත්....................???
Reply : 0 1
සෙනරත් Wednesday, 08 April 2020 05:18 AM
රාජපක්ෂලාට මිනිස්සු මේ තරම් ආදරේ මේ දෙවිකම නිසාමය.
Reply : 151 11
Rata Perata Wednesday, 08 April 2020 07:09 AM
එකම සතුරා කොරෝනා වෙන්න පුළුවන්, ඒත් ලොකුම සතුරා තමයි අවස්ථාවාදී හොර දේශපාලකයෝ. චන්ද බලාගෙන මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන අන්න ඒ අපතයෝ ටික ඉස්සරවෙලාම නිරෝධනය කරන්න ඕන.
Reply : 0 18
නන්නාදුනන හාදයා Wednesday, 08 April 2020 09:54 AM
ලොකුම සතුරා තමයි රාජපක්ෂ පවුල....!!!
Reply : 1 190
piyadigama Wednesday, 08 April 2020 04:46 PM
යකෝ.. දියවන්නාවේ ඉන්න ටිකට හැදිලා, මකබෑ වුනා නම් රටට සෙතක් සැලසේවි....
0 1
karu Wednesday, 08 April 2020 09:02 AM
සෙනරත් දෙවියන්ට නින්දා කරන්න එපා.
Reply : 1 40
liyanage - mathara Wednesday, 08 April 2020 10:01 AM
සෙනරත් , දෙවියන්ව මේගොල්ල එක්ක සසඳන්න එපා.
Reply : 1 39