IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහමැතිවරණයේ ගැසට්ටුවට එරෙහිව ගොනු කළ පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ජුනි මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා අද (14) තීන්දු කර ඇත.
 
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම පංච පුද්ලගල විනිසුරු මඩුල්ලේ සෙස සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෘ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්  කටයුතු කරනු ලබති.
 
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන 18 වැනිදා සහ 19 වැනිදා මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතව ඇත.
 
පාර්ලිමේන්තු මැතිවරණය  ලබන ජූනි මස 20 වැනිදා   පැවැත්වීමට  එරෙහිව  නීතීඥ චරිත ගුණරත්න මහතා , විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු , සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක , නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගමයන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ සිටිති.
 
මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ඇතුළු  එහි සාමාජිකයින් වන  ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති  ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එසේම ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ  කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන  ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
 
පෙත්සම්කරුවන්  සිය පෙත්සම් වලින් කියා සිටිනුයේ කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20‘වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇත.

ඉකුත්  මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු  මන්ත‍්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය අපේ‍්‍රල් මස  පැවැත්වීමට  නියමිතව තිබූ ණි. එහෙත් කෝවිඞ්  

වසංගත ය පැතිරී ඇති නිසා එදින මැතිවරණ පැවැත්වීමට නොහැකි බව සදහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට  මැතිවරණ කොමිසම විසින්  තීරණය කල බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
 
පාර්ලිමේන්තු ව විසුරුවා හැරීම කල  දිනයේ සිට  මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සදහා  මැතිවරණය  පැවැත්විය යුතු අතර එසේ  නොකිරීම  නීතිවිරෝධී  බව  කියමින් මෙම පෙත්සම්  ගොනු කර තිබුණි.

 



අදහස් (1)

මහමැතිවරණයේ ගැසට්ටුවට එරෙහිව ගොනු කළ පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

mihira Thursday, 14 May 2020 12:14 PM

නිකන් බොරු වැඩ... ආණ්ඩුවෙන් දැනටම කෝල් කරලා ඇති .... නඩුකාරයින්ට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site