IMG-LOGO

මිලියන 23 ක PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට

මලිෂා ගුණවර්ධන

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සදහා රුපියල් මිලියන 23 ක වටිනාකමකින් යුත් PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම අද (1) සිදුකෙරිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබීය.

විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදී තිබේ.

මෙම උපකරණ පද්ධතියට සියලුම උපාංග ද ලබාදෙනු ලැබ ඇත. රුපියල් මිලියන 23 ක් වටිනා නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක පරීක්ෂණ සේවා අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන අදාල රෝහල් වෙත ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

කොරෝනා ආසාදිත රෝගීන් හදුනාගැනීමේ කටයුතු කඩිනම් කිරිම මෙම පරිත්‍යාගයේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොරෝනා වයිරසයට ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අදිටනින් අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒ්ජන්සිය කළ මෙම පරිත්‍යාගයට සිය ස්තූතිය පුද කරන බවයි.  මෙම උපකරණ කඩිනමින් ස්ථාපිත කර පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ , විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.



අදහස් (4)

මිලියන 23 ක PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට

Raveendra Wednesday, 01 April 2020 08:57 AM

ඔබලාගේ සත් ක්‍රියාව අප හදවතින්ම අගයන්නෙමු. සහබාගි සැමට යහපතක්ම වේවා !!!!

:       0       21

jayath Wednesday, 01 April 2020 09:50 AM

දැන් අලුතෙන් ම විනාඩි 15 ක් තුලදී පරීක්ෂණය කරන්න පුළුවන් විදියක් හඳුන්වලා තියනවා. කව්රුහරි දානපතියෙක් ඒවා මෙහාට ගෙන්න උදව් කලොත් පින්...

:       0       1

Nuwan Wednesday, 01 April 2020 10:31 AM

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය.... ඔබට බොහොම ස්තුති !!!

:       0       14

හරේන් Wednesday, 01 April 2020 11:37 AM

මේක දීල තියෙන්නෙ අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය. මැදිහත් වෙලා තියෙන්නෙ ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය. ඒ මිනිස්සු කාගෙවත් නම් නෑ. රටට වැඩක් නැති දේශපාලකයො දෙන්නෙක්ගෙ නම යනව. මොන ජාතියෙ රටක්ද මේක..?

:       4       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site