(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කිම්මන්තුඩාව ප්‍රදේශයේ බොල්ගොඩ ජලාශයේ මන්නයා නැමැති මත්ස්‍යයන් පමණක් හිටි හැටියේ මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .
අඩියකට වඩා දිගින් යුත් විශාල ප්‍රමාණයේ මෙම මත්ස්‍යයන් කිම්මන්තුඩාව පාලම ආසන්නයේ සිට දෙපසට ගළා බසිනා බොල්ගොඩ ජලාශයේ තැන තැන මැරී සිටින අයුරු දැක ගත හැකි විය .
මියගිය මත්ස්‍යයන් සියල්න්ගේම ශරීරයේ තැනින් තැන කළු පාට ලප ආකාරයෙන් දක්නට ලැබෙන බවත් ජලාශයේ සිටින මත්සයින් අතරින් මෙම මත්ස්‍යයන් පමණක් මිය යාම සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලන බවත් මිය ගිය මත්ස්‍යයන් කිහිප දෙනෙක් සහ ජල සාම්පල් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කරන බව බණ්ඩාරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.කේ රුවන් මහතා වැඩිදුරටත් පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න පොඩියක් මොකද ඔය බොල්ගොඩ ගඟේ අලුත් කට්ටියක් පහුගියද සැරිසැරුවා නේද?
පිටරටින් මත්ස්‍ය ආනයන කරුවන් ලංකාවට හදුන්වා දීපු මේ මාළුවා අන්තිමට අපේ වැව් වල ගංගාවල නතර උනේ. මේ ආක්‍රමණශීලී මාළුවා අපේ අවේනික මාළුන්ගේ ගහනය විනාශ කරලා දාලා. හිතුමතේට වෙනත් රටවල predatory මාළු ලංකාවට ආනයනය කරනවා. කිසිම පාලනයක් නැහැ.අන්තිමට රටේ ආවේණික මසුන් පින්තුර වලින් බලන්න වෙන්නේ.
දිලීර ආසාදනයක් වගෙයි.
ලඟදී අපට පෙනුන කරුණක්නම් - කැලෑ ගිනි ගැනීම් සහ ස්වභාවධර්මයට හානි කීරීම - මෙය brazeel සහ australia වල සිදුවුණා - කගේ හරි වැඩක්...
ගගෙ ඉතිරි වෙලා හිටියෙ මෙ මාලු වර්ගය විතරක් වෙන්න පුලුවන්.
මෙසේ මත්සයන් මැරෙන්නේ ජලයේ මුසුවී ඇති ඔක්සිජන් වායුව හිඟ වීමෙන් විය හැක. මත්සයන් මුලින්ම ජලයේ මතුපිට වාතය ගැවෙන මටමට පැමිණ මුකයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න පටගන්නවා. ඉන්පසුව මරණයට පත්වෙනවා.