IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මාතර සිට මානනැල්ලට පැමිණි පිරිසක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක්

(සමන් විජය බණ්ඩාර)

මාවනැල්ල හෙම්මාතගම සිංහරාජගම ගම්මානයේ වතු අධිකාරිවරයෙකුවරයෙකුට අයත් නිවසකට මාතර ප‍්‍රදේශයේ පිරිසක් පසුගිය ඇදීරිනිතී කාල සීමාවේ පැමිණිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (09) උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එය සමතයකට පත් කිරීමට සෞඛ්‍ය අංශ ප‍්‍රධානීන් සහ පොලිසියටද එම ස්ථානයට පැමිණීමට සිදුවිය.

වෙනත් ප‍්‍රදේශයක සිට පැමිණ මෙම නිවසේ සිටින පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකට යවන ලෙස අල්පිටිය සහ සිංහරාජගම  ප‍්‍රදේශවල ස්වාමින් වහන්සේලා හා ප‍්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

එම පිරිස නිරන්තරයෙන් ගම්මානයේ සැරි සරන බවත් වෙළඳ සැල් වලට යන බවත් ගම්මානයේ වැඩි පිරිසක් බීමට මෙන්ම වෙනත් කටයුතු වලට ජලය ගන්නා සහ දිය නෑමට භාවිතා කරන බඹරගහ ඇල මාර්ගය මෙම පිරිස භාවිතයට ගන්නා බවත් වසංගත තත්වයක් මෙම පිරිසට තිබුණහොත් එය ගම්මානය පුරාම පැතිර යාමට ඇති ඉඩකඩ වැඩි බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ.

ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා විසින් පසුව මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රියංගනි පෙතන්ගොඩ මහත්මියට, හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක සිල්වා මහතාට සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දුරකථනයෙන් කතා කර මේ බව දැනුම් දී තිබේ

මෙම නිවස්නේ රැඳී සිටින පිරිස අපේ‍්‍රල් 8 වැනි දින සවස වගකිය යුතු අංශ දැනුවත් කිරිමෙන් පසුව එම නිවසේම දින 14 ක් නිරෝධායනයට ලක් කර ඇති බව එම නිලධාරීන් විසින් සඳහන් කර ඇත.



අදහස් (5)

මාතර සිට මානනැල්ලට පැමිණි පිරිසක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක්

Ran Thursday, 09 April 2020 11:58 AM

ඔවුන් ඇඳිරි නීතිය තිබියදී මාතර සිට පැමිණියේ කෙසේද ?

:       0       23

RaveendraThursday, 09 April 2020 02:42 PM

ඇත්තෙන්ම මෙන්න මේ පැනයටයි පිළිතුරු සෙවිය යුත්තේ... කෙසේ පැමිණියේද? අපි නම් තරයේ විශ්වාස කරන්නේ හතර හන්දි කැඩෙනකම් අනින්න ඕනා බවය...

:       0       1

Kithsiri Dissanayake Thursday, 09 April 2020 12:25 PM

අවංක නිලදාරින් ඉන්නවා...

:       0       12

රවින් Thursday, 09 April 2020 12:34 PM

නියමයි ! මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේගොල්ලන්ට නිවාඩුව? දවස් 14 ක් හිටපල්ලාකෝ නිවාඩු පාඩුවේ. ගෙදර අම්ම, අප්පා, බිරින්දෑ උයලා පිහලා දෙනදේකාලා වෙනදේ බලාගෙන ඉන්නේ නැතිව....

:       0       21

කෝලිත හිමි Thursday, 09 April 2020 01:03 PM

කොහොමද ඇඳිරි නීතිය වෙලාවේ මාතර ඉඳලා මාවනැල්ලට ගියේ ? කොහොමද ඒ කරපු වරදට රජයක් හැටියට කරපු දඬුවම මොකක්ද ආරක්ෂක අංශ වලින් රිංගලා යන්න තරම් මේ අය දක්ෂයි කියලා කියන්නේ ආරක්ෂක අංශ දුර්වලයි කියන එක නේද ? එහෙම නැත්නම් කාගේ හරි බලයක් අරගෙන ගියා වෙන්න පුළුවන්. ඒක එහෙමනම් නීතිය විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන්ට ක්‍රියාත්මක වෙනවා. Published Comment

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site