IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


බෝවන රෝග වැළැක්වීමේ පනතේ නියෝග සංශෝධනය කරයි

(විනීතා එම් ගමගේ)

නිරෝධායන හා රෝග ස්පර්ශකය වෙන්කර තැබීමේ හා රෝග වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරියගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කර ඇති එකී  සංශෝධන අනුව  කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ දේහය සම්බන්ධව කටයතු කළ යුතු ආකාරය පෙන්වා දී තිබේ.  ඒ අනුව එවැනි මෘත දේහයක් සෙල්සියස් අංශක 800 ත් සෙල්සියස් අංශක 1200 ත් අතර උෂ්ණත්වයකදී  විනාඩි 45 සිට පැයක කාලයක් ආදාහනය කළ යුතුය.

කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ අවසන්  කටයුතු සෞඛ්‍ය බලධාරින්ගේ භාරයේ සිදුවිය යුතු අතර වෙනත් කිසිදු තැනැැත්‍තෙකුට භාරදිය නොහැක.

එමෙන්ම ඥාතින් ඉල්ලා සිටින්නේ නම් දේහය ආදාහනය කිරීමෙන් පසුව භෂ්මාවශේෂ බාරදිය හැකිය.



අදහස් (25)

බෝවන රෝග වැළැක්වීමේ පනතේ නියෝග සංශෝධනය කරයි

surath Sunday, 12 April 2020 06:18 PM

ඉතා බුද්ධිමත් තීරණයක්...

:       23       454

Raveendra Sunday, 12 April 2020 06:47 PM

ඉතාමත් වැදගත් තීරණයක් මෙන්ම කාලෝචිත තීරණයක්.. නමුත් මෙය කියවීමේදී " කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ දේහය " පිළිබද කටයුතු කිරිම සදහා පමණක් අදාළ වෙනවා දැයි සිතෙන්නේ අපට පමණද? අනාගතේදී වෙනත් බයානක රෝග පැමිණීමේ සම්බාවිතාවය ගැන කිසිවෙකුට කිව හැකිද? එසේ පැමිණියොත් එවන් අවස්තාවක මෙවැනිම සංසෝදන ගෙනඒමට නැවතත් ක්‍රියා කල යුතු නොවේද ? එබැවින් අනාගත පරපුරටද මෙම "හිසරදය " අප විසින් දායාද කරනවාද දුරදිග බලා මේ අවස්ථාවේදීම එක එක්කෙනාට ඕනා විදියට ඇගිලි ගැසීමට ඉඩදීම " අහුරනවාද "? මෙම අදහස් රටේ මුල් පුරවැසියාට කියවීමට හැකි වේවා !!!

:       137       1589

අනේමන්ද ඔක්කොම කණපිට Sunday, 12 April 2020 09:16 PM

පාර්ලිමන්ට් එකක් නැතුව කොහොමද පනත් සම්මත වෙන්නේ? අනේ මන්දන්නේ නැති නිසා අහන්නේ... මොකද කවදාවත් පාර්ලිමන්ට් එකේ තියා නගර සභාවක වත් හිටියේ නැහැනේ. නයිතික බලයක් තියෙනවද මේකට...? අනේ මන්දා ඔක්කොම කණපිට

:       0       0

සේන Sunday, 12 April 2020 09:19 PM

මේ 21 වන සියවස. ගල් යුගයක් නොවේ. මෙවැනි සෘජු විද්‍යානුකූල තීරණ යුගය හා සම වේ.

:       0       0

Nishan Monday, 13 April 2020 12:26 AM

හැබැයි මේ ගැසට් එක වලංගු වෙන්නේ දින 30කට පමණයි. ඉන්පසුව මෙය බලාත්මක නැහැ. එ් දිගටම බලාත්මක වීමට නම් නිකුත් කර දින 30ක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතුයි. සියලුම ගැසට් වලට මෙය අදාලයි. එ්ත් මේ ආණ්ඩුව දින 30න් පසුවත් සමහර ගැසට් අනුව කටයුතු කරනවා. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධියි.

:       0       0

ගමරාල Monday, 13 April 2020 01:07 AM

මෙම පනත නිසා මෙවැනි අවස්ථාවන්හිදී කටයුතු කළ හැක්කේ බටහිර වෛද්‍ය ක්‍රමයේ වෛද්‍යවරුන්ට පමණි. නමුත් දැනට සමහර බටහිර වෛද්‍යවරුන් පවා දේශීය වෛද්‍ය ක්‍රමයට අදාල ක්‍රමයෙන් ප්‍රථිකාරකර රෝගීන් සුවවූ බවක් අසන්නට ලැබෙනවා. එසේම රටේ බහුතර ජනතාවද දේශීය වෛද්‍ය ක්‍රමයට නැඹුරුව කටයුතු කරන බවත් පෙනෙනවා. ඒ අතර ආයුර්වේද රෝහල්වල නිෂ්පාදනය කරන බෙහෙත් වර්ග රජයේ රෝහල්වලට ලබාගන්නා බවක්ද දැනගන්නට තිබෙනවා.. එ් නිසා මෙවැනි අවස්ථාවලදී දේශීය වෛද්‍යවරුන්ටද අවස්ථාවක් ඇතිකිරීමට කටයුතු කළානම් සුදුසුයි නේද?

:       0       0

සමන්ත Monday, 13 April 2020 02:28 AM

රටේ නීති පැනවීම සහ සංශෝධනය කිරීමේ බලයක් ජනධිපතිවරයාට හෝ භාරකාර ඇමති මණ්ඩලයකට නොමැති අතර රටේ නීති පැනවීම සහ මූල්‍ය ප්‍රතිපාදන සැපයිමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් වෙන විට මොවුන්ට මේ සඳහා නැති බලයක් ලැබුනේ කොහෙන්ද යන කාරණය ප්‍රශ්නයකි. විධායකය වුවද වගකිව යුත්තේ පාර්ලිමේන්තුවට වෙනවිට නැවත පාර්ලිමේන්තුව නොකැඳවා නටන නාඩගම් සියල්ල නීති විරෝධීය. ව්‍යවස්ථා විරෝධීය. ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය.

:       0       0

de silva Monday, 13 April 2020 03:08 AM

මෙම ප්‍රශ්නෙට අලුත් නීති හදන්න අවශ්‍යතාවයක් නැහැ. පවතින නීතියම මේ සඳහා යොදාගන්න පුළුවන්. අප මෙම කාරණය සරල ලෙස විග්‍රහ කරමු. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ශ්‍රී ලාංකික පුරවැසියකු මියගිය පසුව ඔහුගේ මෘත ශරීරයේ අයිතිය රජය සතුය. පුද්ගලයකු මියගිය පසුව රජය මගින් මෘත දේහය අවසන් කටයුතු කිරීමට නෑයන්ට බාරදුන්නද එය තාවකාලික භාරකාරිත්වයකි. එවිට ඔවුන් පිළිගත් ක්‍රමවේදයකට අවසන් කටයුතු සිදු කිරීමට නීතියෙන් බැඳී සිටියි. යම්කිසි විදියකින් වළලන ලද මිනියක් හෝ කොටසක ගොඩ ගැනීමට හෝ වෙනත් ස්ථානයකට මාරු කිරීම ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වරදකි. එමනිසා යම්කිසි ප්‍රශ්නයකදී මල සිරුරක් හෝ ඇටකටු ගොඩ ගන්න විට උසාවි නියෝගයක් අත්‍යවශ්‍ය වන අතර, එසේ මිනියක් ගොඩ ගන්න අවස්ථාව අධීක්ෂණය කිරීමට, මහේස්ත්‍රාත් වරයකු, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා, පොලිස් ආරක්ෂාව යටතේ සිදු කෙරේ. ඉහත සඳහන් කළ නීතිමය තත්වය මත කොරෝනා හෝ වෙනයම් රෝගයකින් මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව කරන්නේ කොහොමද කියන එක තීරණය කරන එක ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සතුයි...

:       0       0

අබිලින් Monday, 13 April 2020 04:55 AM

නොදන්නාකමට මේ මෝඩයා අහනදේට උදහස් නොවී කියන්න පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මෙලෙස පනත් සංශෝධනය කළහැකිනම් දිනකට ලක්ෂ සියයක් තරමේ වියදමක් කරමින් නඩත්තුකරන පාර්ලිමේන්තුවක් පවත්වන්නේ කුමටද කියලා ?

:       169       48

අබිලින්Tuesday, 14 April 2020 01:11 AM

උදහස් නොවී අදහස් දක්වන්න කිව්වම 103 ක් ඩිස් ලයික් දැමූ කෙනාට අදහසක් ඉදිරිපත් කරන්නවත් වචන ගළපාගන්න බැරිද? දැනගන්න කැමතියි.

:       1       26

nisha Monday, 13 April 2020 05:16 AM

දන්නැති හින්ද අහන්නේ ? පාර්ලිමේන්තුව විසුරුවලා තියෙනකොට පනත් සංශෝධනය කළ හැකිද ?

:       61       23

Ran Monday, 13 April 2020 05:22 AM

පාර්ලිමේන්තුව විසුරුවා ඇති මොහොතක පනත් සංශෝධනයක් සිදු කළ හැකිද?

:       144       128

බිනර ඒ ගුනසේකර Monday, 13 April 2020 05:56 AM

මේ කලබල වලින් පසුව මෙම පනතට අනාගතයට ගැලපෙන පරිදි සංශෝධන ගනනාවක් සිදුකළ යුතුව තිබෙනවා. එයට උපදේශක මණ්ඩලයක් පත්කර ගන්නේ නම් කිසිම හේතුවකට ආගමික හෝ දේශපාලන න්‍යාය පත්‍ර සහිත අය ඊට ඇතුළත් නොකළ යුතුයි. එය ආරක්ෂක සහ සෞඛ්‍ය කොටස් වලට පමණක් සීමා කළ යුතුයි.

:       0       122

RaveendraMonday, 13 April 2020 09:35 AM

සහතික ඇත්ත...එක එකාගේ දේශපාලන වාසිය හා අරහේ මෙහිමයි කරන්නේ... ඇයි අපටත් මෙහෙ එහෙම බැරි...? ඒ බයිලා වැඩක් නැත. මූලික දෙය රට ආරක්ෂාව මහජනතාවගේ ආරක්ෂාව එබැවින් දුරදිග බලා ඥානාන්විතව වැඩ කළයුතුයි යන්න අපගේ මතයයි..

:       1       19

ලසන්ත Monday, 13 April 2020 06:42 AM

පාර්ලිමේන්තුව විසුරුවා ඇති අවස්ථාවක පනත් සංශෝධනය කළහැකිනම් පාර්ලිමේන්තුවක් නඩත්තු කරන්නේ කුමටද ?

:       54       35

සමන්ත Monday, 13 April 2020 07:11 AM

පාර්ලිමේන්තුව විසරුවා හැර ඇතත් කැබිනට් මණ්ඩලය තාමත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අති විශේෂ ගැසටි නිවේදනයක් නිකුත් කළේ කොරෝනා සම්බන්ධයෙන් පමණක්. ඒ වගේම මෙහි සදහන් කර ඇත්තේ පියවර ගෙන ඇති බව නේද ? ඒකෙන් කිය වෙනවාද පනත වෙනස් කළා කියලා. කොරෝනා වලින් මැරෙන අහවල් ශ්‍රී ලාංකිකයින් වලලන්න ඕනේ කියලා වැලලෙන්න හදන අයට පිළිතුරක් දෙන්න තමයි මේ ගැසට් එක නිකුත් කරලා තියෙන්නේ. දැන් හැමෝම අදාහනය කරන්නේ.

:       497       601

සපුමල් Monday, 13 April 2020 03:59 PM

කුමන මට්ටමේ හෝ නීතියක් වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට නීතිමය බලයක් සෞඛ්‍ය අමාත්‍ය වරියට හෝ භාරකාර කැබිනට්ටුවකට නැත. එමෙන්ම මිනිසුන් වළලන කාර්යෙහි ඇති වැරද්දක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි නියෝගයන් සහ නියමයන් වල දක්වා නැත. එය තීරණය කල යුත්තේ ඒ ඒ ජන වර්ගයයි. මහා බ්‍රිතානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණු තාක්ෂණයක් සහ විද්‍යාත්මක පසුබිමක් සහිත රටවලද එය කරන්නේ නම්, අප රටෙහි එයට විරුද්ධ නීති පනවන්නේ ජාතිවාදී පදනමක් මත නොවේ නම් වෙන කුමක් සඳහාද? බොරු කියා මිනිසුන් නොමග යැවීමෙන්, දුර නොබලා ජන වර්ග අතර සාමය කෙලෙසීම සඳහා ක්‍රියා කිරීම මනුෂ්‍ය වර්ගයාටම නින්දාවක් වන අතරම එය ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් නීති කෙලෙසා දමන ක්‍රියාවකි. එයින් සිද්ධ වන්නේ ස්වෝත්තමවාදී, නිදහස් , නිවහල් නොවන බියෙන් තැතිගෙන ජීවත්වන..., සාමයෙන් තොර, ඊශ්‍රායලය වැනි පසමිතුරු ජාතින් බිහි කිරීමය. නුගත් ගොබ්බයන් පාලකයන් බවට පත් වූ විට එය නොවැලක්විය නොහැකිය.

:       0       0

fairoos Monday, 13 April 2020 07:15 AM

ලංකාවේ විතරයි මේක කරන්නේ. ඉතාම කණගාටුයි.

:       788       626

යශස්විTuesday, 14 April 2020 02:31 PM

කණගාටු නොහිතන රටක නේද ඉන්නේ?

:       0       0

dalit Monday, 13 April 2020 09:26 AM

නීතිය යටතේ රෙගුලාසි පැනවීමක් පමණි....

:       3       3

ravi Monday, 13 April 2020 09:29 AM

මේක නිකන් ලුණු නැති හොද්දක් වගේ ... මිනිය වලදාගන්න එක නෙමෙයි ප්‍රශ්නේ ... ඉන්න මිනිස්සුන්ට මේ රෝගය වැළඳීමෙන් ආරක්ෂා කිරීම ගැනයි මෙතනදී කල්පනා කරන්න තිබුනේ.. උදාහරණ :- කෝලාහල කර ගැනීමෙන් , එක්රැස්ව මත්ද්‍රව්‍ය , මත්පැන් භාවිතය, මෙවැනි , තවත් පුද්ගලයෙකුට මේ රෝගය පැතිරීම ලිහිල් කරන හැම හේතුවක්ම මේ නීති මාලාවට අඩංගු විය යුතුයි ..

:       5       1

kusal Monday, 13 April 2020 11:47 AM

වන සතුන් මරාගෙන අනුභව කිරීමත්, මෙවැනි රෝගවලට මුලපිරීමක් බව අමතක නොකළ යුතුයි..

:       0       0

OMG Tuesday, 14 April 2020 03:00 AM

ලංකාවේ දොස්තරලගෙන් හා අනෙකුත් නිලධාරීන්ගෙන් වෙන වැරැදි විනාශ කරන්නයි මේ නියෝගය. ඉතාලියේවත්, ඉරානයේවත් වළලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.

:       4       0

kusal Tuesday, 14 April 2020 07:02 AM

කැලෑ සතුන් මරාගෙන අනුභව කිරීමත් මේ නීතියට අඩංගුයිද ?

:       1       0

යශෂ්විTuesday, 14 April 2020 02:33 PM

ඇයි එහෙම ඔබ කරනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 315 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 841 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1267 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site