(අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ )
ඇඳිරිනීතිය අලුයම 5.00ට ලිහිල් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එක් අයකු පමණක් අද දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටියේය.
මාස එකහමාරක පමණ කාලයකට පසු අද අලුයම 5.10ට බෙලිඅත්තේ සිට කොළඹ බලා දුම්රියක් ගමන් කළේය.
කාර්යාලවල සේවය කරන අය සඳහා කොළඹ බලා ගමන් කිරීමට මෙම දුම්රිය යොදවා තිබූ අතර බෙලිඅත්තේ සිට දුම්රියෙන් ගමන් කිරීමට ලියාපදිංචි වී සිටියේ තිදෙනකු පමණි.
කෙසේ වුවද මෙම තිදෙනාගෙන් දෙදෙනකුම පැමිණ නොසිටි අතර එක් අයකු පමණක් බෙලිඅත්තේ සිට ගමන් කළේය.
ලියාපදංචි නොවූ පුද්ගලයන් කිහිප දෙනකු දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි අතර ඔවුන් හරවා යැවීමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරිහු ක්‍රියා කළහ. මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර නියමිත පරිදි ආසනවල වාඩි වීමට අවස්ථාව සලසා දුන් අතර යුධ හමුදා නිලධාරීන් මගීන්ගේ ආරක්ෂාව සඳහා දුම්රිය මැදිරි තුළ යොදවා සිටි ආකාරය දක්නට හැකිවිය.




(ඡායාරූප - අනීෂා මානගේ)



(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ)
COMMENTS
මේ මනුස්සයා ටැක්සියකින් යවලා දුම්රිය අවලංගු කර නම් පාඩුව අවම කරගන්න තිබුනා.
ඔච්චර පෙට්ටි ගොඩක් එක්ක කෝච්චිය යවන්නේ නැතුව ඔය මනුස්සයා ඩක්කුවක පටවලා යවන්න තිබුණා.
ඒකත් රජයේ කන්තෝරු වගේ. නිලදාරීන් 15. සේවය ලබාගන්න එක්කෙනයි.. ඒකත් හරියට කරන්නේ නැහැ. ඉතින් අර ආපු අයගේ උෂ්ණත්වය බලලා එක්ක යන්න බැරිද ? ඒ මිනිස්සුත් අවශ්‍යතාවයකටනේ යනවා ඇත්තේ. ඒ මිනිස්සු මේ රටේ පුරවැසියෝ නෙවෙයිද ?
එක්කෙනෙක් නෙමෙයි. මිනිස්සු හිටියේ නැතත් මේක යන්න ඕන. මේක අපේ ගම.
බෙලිඅත්ත-කොළඹ, දුම්රියට බෙලිඅත්තෙන් එක මගියයි කිව්වම සමහර අය හිතන්නේ දුම්රිය බෙලිඅත්තෙන් පටන් අරන් කෙලින්ම උඩින් කොළඹට එනවා කියලා.
ගමේ මිනිස්සුවත් ලොක්කගේ අදහස්, නීති රෙගුලාසි ගණන් ගන්නේ නෑ වගේ.
වරදවා වටහා ගන්න එපා. නමුත් , අර හරවා යවපු මගින් හා ලංකාවේ මුල්බැසගත් සිරිත් , මොන දේ කිවත් කළත් තම පුරුද්ද අත හැරලා නැහැ. මෙච්චර මාධ්‍යයෙන් කියලත් තම ගමන ගැන තැකීමක් නොකර අපිට කොහොමත් ඒගොල්ලෝ යන්න දෙයි අපි උත්සහකරලා බලමු කියලා හිතලා වෙන්නැති එන්න ඇත්තේ? අනික තමා, ලංකාවේ ඉන්නා වැඩිහිටි උදවියගෙන් කින් කීදෙනාටද ජංගම දුරකතනවල ඇති නවීන තාක්ෂනය උපයෝගී කරගෙන තම කාර්යයන් ඉටුකරගත හැකි වෙන්නේ? දෙවෙනි කාරණාව තමා දුම්රිය නිලදාරීන්ගේ ක්‍රියා කලාපය. කියලා තියනදේ මිස වැඩිපුර මොලේ පාවිච්චි නොකරපු එක. විනාඩි පහක් ඇතුළත මගීන්ගේ හා දුම්රියේ ගමන ඔයිට වැඩිය කාර්යක්ෂමව නිමකරගන්න තිබුණු එක. උණ බම්බු ගිල්ලාවගේ නිතිය මේකයි, අපිට කියලා තියෙන්නේ මෙච්චරයි කියන්නේ නැතිව නවීන දුරකථනයකින්ම අර හරවා යවපු කට්ටියව යවන්න තිබුනා.
දුම්රියේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් තිබේනම් අහඹු ලෙස පැමිණි මගීන් පරීක්ෂා කර බලා රැගෙන ගියානම් නේ ද හොඳ ? ධාවන කි.මි. 1කට ඉන්ධන ලීටර 3-4ක් පමණ ක්ෂය කරන ප්‍රවාහන මාධ්‍යයක් නිකරුණේ ධාවනය කරවීම මොන ජාතික අපරාධයක් ද? අනික ඒ මගීන් අනිවාර්යයෙන්ම සේවා අවශ්‍යතා මත පැමිණි අය විය යුතුයි.
අයියෝ සල්ලි...
අනේ අපේ සල්ලි , ඔය කෝච්චිය මාතර ඉඳන් පටන් අරන් මේ මගියව ආරක්ෂක අංශ සතු වාහනයකින් බෙලිඅත්තේ ඉඳන් මාතර අරන් ගියා නම් මේ වැඩේ ලේසි නැද්ද? මේ දිනවල සාමාන්‍ය මනුෂ්‍යයන්ට යන්න තහනම් නිසා හැමදාම මාතරින් 2-3 වැඩිය යන්නේ නැහැ
ඔය ඈත පලාත්වල තියෙන එළවලු පලතුරු ආදිය විකුණාගන්න බැරිව ලොරි කාරයන්ට නිකම් වගේ දෙන අවස්ථා එමටයි. මේ වගේ කෝච්චියක එවැනි එළවලු ආදිය ගෙන ඒමට පහසුකම් සලසන්න ඕන. එතකොට මිනිසුන් ගියා හෝ නොගියා කියලා ලොකු වෙනසක් නැහැ. දුම්රියේ ආදායමත් ලැබෙනවා, කොළඹ පැත්තේ මිනිසුන්ට අලුත් එලවලුත් ලැබෙනවා.
දැන් බෙලිඅත්තේ ගොඩක් දෙනෙක් කොලොඹට පැනල ඉන්නේ .