IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ නාවික සෙබළා අයි.ඩී.එච්.රෝහලට

(ප්‍රසාද් රුක්මල් )

කොරෝනා වයිරසය ආසාදනය වී බදුල්ල මහ රෝහලේ කෝවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ ගිරාදුරුකෝට්ට රත්කිද ප්‍රදේශයේ නාවික හමුදා සෙබළා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්.රෝහලට මාරු කර යැවූ බව බදුල්ල මහ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ බදුල්ල ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

පසුගිය  22 වැනි දින  නිවාඩු ලබා පැමිණි  සෙබළුන් 31 ක් රැගත්  බස්රථය බදුල්ල නගරයට පැමිණ ඇති බවත් අනතුරුව මෙම නාවික හමුදා සෙබළා සමඟ තවත් කිහිපදෙනෙකු එම බසයෙන් බැස බදුල්ල බස් නැවතුම්පොළට ගොස් සිය ගම්බිම් බලා යන බස්රථ වල නැග නිවෙස් කරා ගොස් ඇති බවත් පොලිසිය කීය.

ගිරාදුරුකෝට්ට රත්කිද ප්‍රදේශයේ පදිංචි කොවීඩ් 19 ආසාදිත වූමෙම නාවික හමුදා සෙබළා බදුල්ල නගරයේ සිට මහියංගණ බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයකින් මහියංගණ නගරයට ගොස් පසුව සවස මහියංගණ සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය වූ බස්රථයකින් නිවසට ගොස් ඇති බවද පොලිසිය පවසයි.

පසුව මොහු කොරෝනා වයියිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට වූ හෙයින් ගිරාදුරුකෝට්ට සිට බදුල්ලට රැගෙන විත් බදුල්ල මහ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට මෙසේ ඇතුළත් කර ඇත.

පසුව මොහුගේ සෙම් සාම්පල පී .සී .ආර් .පරික්ෂණ සඳහා මහනුවර මහරෝහලට යැවූ බවත් එම වෛද්‍ය වාර්තාවෙන් මොහුට කෝවිඩ් 19 වයිරසය ආසාදිත වී ඇති බව අනාවරණය වු බව වෛද්‍යවරයා පැවසීය.

බදුල්ල මහරෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයෙන් වාර්තා වූ  කොරෝනා වයිරසය ආසාදිත දෙවන රෝගියා මොහු වේ.

 



අදහස් (0)

බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ නාවික සෙබළා අයි.ඩී.එච්.රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 230 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site