IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පාසල් යෑමට නොහැකි දරුවන්ගෙන් අඩකට පරිගණකයක් නෑ

‘කොවිඩ්-19’ හෙවත් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් පාසල් යෑමට නොහැකි වී ඇති දරුවන්ගෙන් අඩකගේ එනම් මිලියන 826දෙනකුගේ නිවාසවල පරිගණකයක් නැතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනාවරණය කරයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ පාසල් යෑමට නොහැකි වී ඇති දරුවන්ගේ ගණන බිලියන 1.5කි. ඉන් සියයට 43කගේ එනම් දරුවන් මිලියන 706කගේ නිවෙස්වල අන්තර්ජාල පහසුකම් නැතැයි ද එම අරමුදල පෙන්වාදෙයි.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් සහ ආණ්ඩු ගෙන ඇති ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ ක්‍රියාමාර්ග ඇතුළු දැඩි සීමා හේතුවෙන් රටවල් 191 පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන වසා දමා ඇත. මේ හේතුවෙන් ලොවපුරා ප්‍රාථමික සිට තෘතිය අධ්‍යාපනය දක්වා, විවිධ මට්ටම්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් බිලියන 1.5කට බලපෑම් එල්ල වී ඇත.

පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන වසා දැමීම හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට ලොවපුරා පාසල්, අධ්‍යාපන ආයතන සහ ගුරුවරු පියවර ගෙන ඇත.

සිසුන්ට දිගින් දිගටම අධ්‍යාපනය ලබාදීම ලොව රටවල් බොහෝමයක් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. අන්තර්ජාලය ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය ලබාදීමේ අනුගමනය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික අරමුදල (යුනෙස්කෝ) හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ‘සංඛ්‍යාදත්ත සහ ජාත්‍යන්තර විදුලි සංදේශය සංගමය සඳහා වූ ආයතනයේ’ සංඛ්‍යා දත්ත පදනම් කරගනිමින් ‘ගුරු කාර්ය සාධක බලකාය’ ඉහත සංඛ්‍යා දත්ත සම්පාදනය කර ඇත. ‘ගුරු කාර්ය සාධක බලකාය’ යනු යුනෙස්කෝ සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ක්‍රියාත්මක සංවිධානයකි.

අඩු ආදායම් ලබන උප සහරානු අප්‍රිකා කාලයේ මේ තත්ත්වය තවත් බරපතළ යැයි ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි. එම කලාපයේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගෙන් සියයට 89 දෙනකුගේ නිවාසවල පරිගණයක් නැති බවත් සියයට 82 කට අන්තර්ජාල පහසුකම් නැති බවත් අනාවරණය වී ඇත.

ජංගම දුරකතනවලින් තොරතුරුවලට ප්‍රවේශ වීමට, ගුරුවරුන් සහ අනෙකුත් අය සමඟ සම්බන්ධ වීමට හැකි වුවද දරුවන්ගෙන් මිලියන 56ක් ජීවත්වන්නේ කිසිදු ජංගම දුරකතන ජාලයක් හෝ සේවාවක් හෝ නැති ප්‍රදේශවලය. එයින් අඩක් වාර්තා වන්නේ උප සහරානු අප්‍රිකානු කලාපයෙනි.

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ප්‍රාථමික සහ ද්වීතීය අංශවල ගුරුවරුන් මිලියන 63කට බලපෑම් එල්ල වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි.

055



අදහස් (4)

පාසල් යෑමට නොහැකි දරුවන්ගෙන් අඩකට පරිගණකයක් නෑ

sanjeeva Wednesday, 22 April 2020 10:20 AM

හ්ම්... එක කාලයක ළමයින්ට ටැබ් දෙන්න හදනකොට කවුදෝ මහදැනමුත්තෙක් කිව්වලුනේ ඊට ඉස්සෙල්ලා කරන්න දේවල් ගොඩක් තියෙනවා කියලා ..

:       0       1

vikeeWednesday, 22 April 2020 01:23 PM

මනුස්සයාගේ ටැබ් දෙන්න කොමිස් ගහන්නනේ... දැන් ස්මාට් ෆෝන් එකක් නැති ළමයෙක් නෑ. ටැබ් එකෙන් කරන්න ඔන හොද වැඩක් ඒකෙන් කරන්නත් පුළුවන්.. අමුතුවෙන් ටැබ් දෙන්න ඔන නැහැනේ කොමිස් ගහන්න.

:       1       0

nuwan Wednesday, 22 April 2020 10:31 AM

ගිය ආණ්ඩුවෙන් ටැබ් දෙන්න යනකොට අකුල් හෙලපු කුහකයන්ට දැන් සතුටු ඇති.

:       0       1

chandana Wednesday, 22 April 2020 10:45 AM

ලංකාවේ තත්වය කොහොමද? බලන්න යහපාලන ආණ්ඩුව පාසල් ළමයි හැමෝටම ටැබ් එකක් දෙන්න හැදුවා. බලන්න අද තිබුනානම් ටැබ් රනිල්ගේ WIFI ළමයි සේරම ගොඩ නේද

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 252 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site