IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මරණ 410 ක් වාර්තා වේ.

ඒ අනුව, ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 1,709 දක්වා ඉහළ ගොස් ඇත . 

ගෙවීගිය පැය 24 ක කාලයේදී කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 18,848 දෙනකු සොයාගෙන ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 104,860 දක්වා ඉහළ ගොස් ඇත .

වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර මේ වනවිට ලක්ෂය ඉක්මවා කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පමණි.

කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් සහ නිව්ජර්සි යන ප්‍රාන්තවලටය. පසුගිය පැය 24ක කාලයේදී නිව්යෝක් ප්‍රාන්තයෙන් මරණ 144 ක් ද වොෂින්ටන් ප්‍රාන්තයෙන් මරණ 175ක් ද ලුයිසියානා ප්‍රාන්තයෙන්  මරණ 119ක් ද වාර්තා වී ඇත .

රොයිටර් / අල්ජසීරා

055

 



අදහස් (3)

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

මුණසිංහ Sunday, 29 March 2020 01:21 AM

කණගාටුයි. නමුත් චීනයට හිනාවීමෙ ප්‍රතිඵල දැන් ලෝක වාර්තා තියමින් ඇමරිකාව බුක්ති විදිනවා. මා දන්නා විදියට ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය ආදී රටවල් මේක සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙසයි සලකල තිබුනේ.

:       0       1

KumarSunday, 29 March 2020 03:44 PM

චීනය ලංකාවේ මෙතරම් මෝඩයෝ ඉන්නවා කියල සිනාවෙනවා ඇති. තමන්ගේ රටේ තිබෙන ප්‍රශ්න විසදා ගන්නේ නැතිව අනෙක් රටවල් විවේචනය කරනවා කියල...

:       0       0

wije Sunday, 29 March 2020 04:26 AM

ඉතාමත්ම කණගාටු දායක තත්වයක් තමයි හැබැයි මේකෙන් හැම කෙනකුටම ගොඩාක් පාඩම් කියලා දෙනවා. මෙච්චර කාලයක් මිනිස්සු තමන්ට ඕන විදියට ලෝකය විනාශ කලා. ගස් කෝලන් සත්තු ජල පාරවල් වාතය හැම දෙයක්ම විනාශ කලා. ලෝක බලවතා ඇමරිකාව තමයි වැඩිපුරම ලෝකයේ පාලනය අවබාවිත කලේ. ලෝකේ කෙළවරක මිනිස්සු කොටසක් කන්න නැතුව බඩගින්නේ මැරෙන කොට ලෝකයේ බලවත් කියලා කියාගත්තු ධනවත් රටවල් කෝටි ගණන් වියදම් කරලා හදට රොකට් යැවුවා. ආලෝක වර්ෂ දහස් ගණන් ඇතින් තියන ග්‍රහලෝක ගැන හෙවුවා ඒවයෙන් ලැබුන ප්‍රයෝජනය මොකක්ද. දැන් මේ වෙලා තියන විනාශය නවත්වන්න හදෙන්වත් අගහරු ලෝකෙන්වත් කවුරුවත් එන්නේ නැහැ නේද. ලෝකේ ඉන්න අනෙක් අයට බන කියන ගමන් මේ ලෝකේ වැඩිපුරම මානව හිමිකම් කඩකලේ ඇමරිකාව නේද? කොහෙහරි රටකට ගහන්න ඕනා කියලා හිතුනොත් මොකක්හරි නැති හේතුවක් හදලා හරි ගැහුවා. බ්‍රිතාන්‍ය වගේ රටවල් ඒවාට අනුබල දුන්නා. මිනිසුන්ගේ කිසිම සීමාවක් තිබුනේ නැහැ. මමනම් හිතන්නේ මිනිසුන්ගේ වැරදි නිවැරදී කරගන්න ස්වබාව ධර්මය මිනිසුන්ට මෙච්චර කල් ඉඩ දුන්නා. නමුත් මිනිසුන් කවදාවත් හැදෙන්නේ නැති නිසා ස්වබාව ධර්මය මිනිසුන්ට දඩුවම් දෙන්න පටන් අරගෙන තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site