ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන අද (18) වාර්තා වූ අතර එම ගණන 12,281ක් විය.
අසල්වැසි ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද එය විය.
ලොව සිවුවැනියට වැඩිම ‘කොවිඩ්-19’ ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන ඉන්දියාවෙන් අද (18) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,66,946ක් ලෙස දැක්විණි.
වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන අද (18) වනවිට 1,60,384ක් වූ අතර සුවය ලබා පිටව ගිය ගණන 1,94,325ක් විය.
ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ‘කොවිඩ්-19’ ආසාදිත මරණ 334ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා ආසාදිත මරණ ගණන 12,237ක් දක්වා ඉහළ ගියේය.
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් අද (18) පස්වරු වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 1,16,752ක් දක්වා ඉහළ ගියේය. ඊට පසුව තමිල්නාඩුවෙන් ආසාදිතයන් 50,193 දෙනකු , දිල්ලියෙන් ආසාදිතයන් 47,102 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 25,093 දෙනකු අද පස්වරු වනවිට හඳුනාගෙන තිබිණි.
එන්.ඩී.ටීවී.
055
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 12,000ක්
Bamunuarachchi Thursday, 18 June 2020 01:42 PM
බලාගෙන මෙහාට පැන්නොත් අපි අමාරුවේ.
අධිකාරි Thursday, 18 June 2020 05:28 PM
ඔව් හලෝ. ඒක නම් ඇත්ත තමයි. හැමෝම විමසිල්ලෙන් ඉන්න ඕන.
isurandi Thursday, 18 June 2020 01:57 PM
අපේ රට ඒ අතින් තවම වාසනාවන්තයි. නමුත් පරිස්සම් නොවුණොත් අපටත් නරක විපාක අත්විඳින්න සිද්ධවෙයි..
Tharaka Thursday, 18 June 2020 04:17 PM
ඒ වුණාට අර 3% කට්ටිය කිව්වා නේද තමිල්නාඩුව අපේ රටට හොඳ උදාහරණයක් කියලා. තව සමකය ආසන්න නිසා තමයි අපි කොරෝනා වලින් බේරුනේ කියලා.. මම යෝජනා කරනවා ඉන්දියාවටත් ලෝක සිතියමේ කෙළවරේ ඉන්නේ නැතුව සමකය කිට්ටුවට එන්න කියලා.. එහෙම නැත්තං සමකය ඒ කිට්ටුවට ඇදලා ගන්න කියලා.. එහෙමත් බැරිනම් අර 3% සුපිරි මොළ ටික ඉන්දියාවට ගෙන්න ගන්න කියලා...
Nadeeka Sanjeewani Friday, 19 June 2020 03:27 AM
උදෙන්ම ඉතා හොඳ නෙව්ස් එකක්.