( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම පාලවියේ සමාගමක ඇසුරුම් අංශයේ සේවය කරන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත වූහ
මෙම විරෝධතාවයට සමාගමේ පුද්ලික කොන්ත්‍රාත් ආයතනයක සේවය කරනු ලබන සේවකයෝ 50 වැඩි පිරිසක් එක්වි සිටියහ.
තමන් වසර තුනකට වැඩි වසර 15 දක්වා කාලයක් මෙම පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක සේවය කරන සේවකයින් බව උද්ඝෝෂකයෝ කීහ.
කොරෝනා වසංගතයෙන් පසුව නැවත කර්මාන්ත ශාලා ආරම්භ කිරිමේදි ඇසුරුම් අංශයේ සේවය කල 91 ක පිරිසෙන් 68 ක පිරිසක් පමනක් සේවයට යොදා ගැනිමට තමන් සේවය ලබා දුන් පුද්ගලික කොන්ත්‍රාත් සමාගම කටයුතු කර තිබිමේන් බරපතල අසාධාරණයක් සිදුකර ඇති බව ඔව්හු කියති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්සිජන් ඇමති තමයි ඔය සේවකයින් එලියට දැම්මෙ.