IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කතරගම සැරිසැරූ සිව් දෙනකුට දඩ

(එම්.කේ. නන්දසේන )

කොළඹ ප්රසදේශයේ සිට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යතුරු පැදි දෙකකින් කතරගමට පැමිණි  සිව් දෙනෙකු කතරගම නගරයේ ඇවිදිමින් සිටියදී අද  කතරගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ

අනතුරුව  තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 12,000 ක දඩයක් නියමකළ දිසා විනිසුරු හා මහෙස්ත්රා්ත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය කතරගම සෞඛ්යගය නිලධාරීන්ගේ අධීක්ෂණය මත තවත් දින 21 ක් නිරෝධායන යෙදෙන ලෙසට නියෝග කළාය

මෙලෙස දඩ මුදල් ගෙවා නිරෝධායනයට ලක් වූයේ විදානගමගේ කමල් තුෂාර, විදානගමගේ කුමුදු ඉෂාර, එමි.එස්.නිපුන ධනංජය හා ආර්.ආර්. සුරේෂ් දර්ශන යන සිවුදෙනාය.

මින් තිදෙනෙකු නුගේගොඩ මිරිහාන ප්රගදේශයේ පදිංචි කරුවන් වන අතර එක් අයෙකු කිරුළපන පදිංචි  අයෙකු බව පොලිසිය කියයි.

බස්නාහිර පළාතට ලියා පදිංචිය දැක්වෙන යතුරුපැදි දෙකකින් කතරගම ප්ර දේශයේ සැරි සරමින් සිටි මොවුන් හතර දෙනා දුටු පොලිස් නිලධාරින් ඔවුන් අත් අඩංගුවට ගෙන පළාත් මායිම් සහ දිස්ත්රියක් මායිම් කඩා කෙලෙස පැමිණියේදැයි විමසීමේදී ඔවුන් ප්රඅකාශ කොට ඇත්තේ කතරගම වැඩසිටි කන්ද මාර්ගයේ ඔවුන් සතු නිවාඩු නිකේතනයක් තිබෙන බවත් එය සුද්ද පවිත්රර කිරීම සඳහා මෙලෙස පැමිණි බවත්ය.

මෙම අවස්ථාවේ රජය පනවාඇති නීති රීති උල්ලංඝනය කරමින් මුර පොළවල නිලධාරීන්ට බොරු ප්රකකාශ දෙමින් සාධාරණ හේතුවකට පැමිණ ඇති බවක් පෙනී නොයන නිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට කතරගම පොලිස් ස්ථානාධිපති ප්රතධාන පොලිස් පරීක්ෂක උපුල් ලියනගම මහතා තීරණය කළේය.

අධිකරණයේදී වරද පිළිගත් මොවුන් හතර දෙනා අදාළ දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව පොලිසිය විසින්  කතරගම සෞඛ්යන වෛද්ය  නිලධාරී ජේ. හර්ෂන ප්රාදීප් මහතාට ඛාර කළේය.

ඉන් අනතුරුව කතරගම පරිපාලන මහජන සෞඛ්යහය පරීක්ෂක සමන් දිසානායක මහතාගේ සහ කතරගම මහජන සෞඛ්යයය පරීක්ෂක දිලාන් බුද්ධික මහත්වරුන්ගේ නිරන්තර අධීක්ෂණය යටතේ නිවාඩු නිකේතනයක තබා දින 21 ක් නිරෝධායනය කිරීම  අද (14දා) ආරම්භ කෙරිණ.



අදහස් (3)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කතරගම සැරිසැරූ සිව් දෙනකුට දඩ

Samitha Senaka Aluthgamage. Thursday, 14 May 2020 02:11 PM

නීති කඩන දඩබ්බරයන්ට නිසි දඩුවම ලැබිලා... දවස් 21කුත් තපින්න වුණා... යස වැඩෙ...

:       4       45

BamunuarachchiFriday, 15 May 2020 02:50 AM

සිංගප්පූරුවේදී ‘කොවිඩ්-19’ නියෝග කැඩූ ඇමෙරිකානු ගුවන් නියමුවාට ලැබුනේ සති 4ක සිර දඬුවමක්. මොවුනට මාස 4 සිරදඬුවමක් වත් ලැබිය යුතුයි.

:       0       0

රුවන් Friday, 15 May 2020 01:50 AM

දඩය 3000 මදි. මීට උඩ ලිපියෙ තිබුණේ සිංගප්පූරු සංචාරයකට ගිය ඇමරිකානු ජාතිකයකුට නීති කැඩුවට මාසයක සිර දඬුවමක්... මෙ අයටත් එහෙම කරන්න... දඩය 10000ක් කරන්න. නැත්නම් හැදෙන්නෙ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site