IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නාගොඩ ප්‍රා. සභාවට දකුණේ ආණ්ඩුකාරවරයාගෙන් මුදල් පරිත්‍යාගයක්

(සුමතිපාල දීයගහගේ)

කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින මහජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දුන් බව නාගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් වික්ටර් නාගොඩවිතාන මහතා පැවසීය.

ප්‍රාදේශීය සභා පොදු අරමුදලින්ද තවත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් වෙන්කර ඇති බවද නාගොඩවිතාන මහතා පැවසීය.

ජනතාවට බෙදාදීම සඳහා ජාතික ජල සම්පාදනහා ජලා ප්‍රවහන මණ්ඩලයෙන් ජලය මිලදී ගැනීමට එම රුපියල් ලක්ෂ දෙක වැය කර ඇති බව සභාපතිවරයා පැවසීය.

 

 

 

ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවහන මණ්ඩලයට අයත් බද්දේගම ජල පවිත්‍රාගාරයෙන් මිලදී ගන්නා ජලය බවුසර් තුනක් සහ ටැක්ටර් රථයක් මගින් ජනතාවට බෙදාහැරීම නියමිත බවද ඔහු පැවසීය.

 

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි බස් නැවතුම්පොළවල්, බැංකු, රාජ්‍ය ආයතන සහ වෙනත් පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බව නාගොඩවිතාන මහතා සඳහන් කළේය.

 

එම බල ප්‍රදේශය තුළ පදිංචි ජනතාවට සහන බඩු මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නාගොඩ ප්‍රාදේශීය සභාව කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.



අදහස් (1)

නාගොඩ ප්‍රා. සභාවට දකුණේ ආණ්ඩුකාරවරයාගෙන් මුදල් පරිත්‍යාගයක්

සෙනෙවිරත්න Friday, 27 March 2020 01:48 PM

නියාගම, බද්දෙගම ,අක්මීමන සභා තම සංචිත නිදහස් කළද සමාන සම්පත් සහිත මෙම සභාවට එවැනි හැකියාවක් නොමැති බව පෙනේ. මෙය කාගේ කරුමයද?

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 5 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site