IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


දළදා මාලිගාවේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක්

(මොහොමඩ් ආසික්)

මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් සියලු දෙනාට කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එහිදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තව දුරටත් ප්‍රකාශ කළේ මෙම පහසුකම අදියර තුනකදී ලබා දී ඇති බවත් එහි පළමු අදියර වශයෙන් ශ්‍රී දළදා මාළිගාවට ඇතුළු වන සියලු දෙනාගේ දෑත් දෝවනය කර ගැනීමට සහ මුහුණ සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම්  ලෙස ජලය, විෂබීජ නාශක සහ සබන්වැනි දෑ පළමු අදියර වශයෙන් සපයා ඇති බවත්,   දෙවැනි අදියර වශයෙන් දේශිය වෛද්‍ය වට්ටෝරුවක් අනුව නිෂ්පාදනය කරනු ලැබූ විෂබීජ නාශකයක් අවශ්‍යතාවය පරිදි ලබා දෙන බවත් කීය. මෙමගින් අවශ්‍ය නම් මුහුණ පවා පිරිසිදු කරගැනීමට හැකි බවද දියවඩන නිලමේ තුමන් කීය.   

මාළිගාව තුලට දානමාන රැගෙන යන සියලු බැතිමතුන්ටත් මේ අවස්ථාව සලසාදී තිබෙන බවත් දියවඩන නිළමේ නිලංග දෑල මහතා පැවසීය.

තෙවැනි අදියර වශයෙන් දළදා මාළිගා පරිශ්‍රය තුළ රැඳිසිටින විශාල බැතිමතුන් පිරිසක්  සිටින බවත් ඒ නිසා දේශීය පැරැණි බෙහෙත් වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර දූමායනයක් මුළු දළදා මාළිගාව පරිශ්‍රය තුළම සිදුකරන බවත් කීය.  මෙවන් කටයතු මගින් දළදා මාළිගා පරිශ්‍රයේ සියලු බැතිමතුන්ට බියෙන්, සැකයෙන් තොරව වන්දනාමාන කිරීමට හැකි පරිදි  විශේෂ අවධානය යොමු කර සකස් කර ඇති බවත්, දළදා මාළිගාවට පැමිණෙන සියලු බැතිමතුන්ට බියෙන් සැකෙන් තොරව දළදා වහන්සේ වැඳපුදාගන්න අවස්ථාව ඇති බවද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙහිදී තව දුරටත් කීය.



අදහස් (5)

දළදා මාලිගාවේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක්

Sanath Kandy Saturday, 14 March 2020 10:45 AM

හැම කෙනෙකුගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඇතුල් කරගත යුතුයි. මෙය පහසුවෙන් කළ හැකි දෙයක්.

:       0       0

mahesh Saturday, 14 March 2020 12:29 PM

ඔය ඉංග්‍රීසි බෙහෙත් වැඩක් නැහැ. මේ ලෙඩවලට සිංහල බෙහෙත් තමයි හොඳ. අනිත් එක පිරිත් කියන එක... පිරිත් වලට ඕන ලෙඩක් නැතිවෙනවා. ඒ නිසා හැමෝම බුදු බණ අහලා පිරිත් නූල් බැඳගන්න.

:       11       0

Champa Saturday, 14 March 2020 01:23 PM

පන්සල නිතරම ජනතාව එක්ක ඉන්නවා කියලා දළදා මාලිගාවෙන් දීලා තියෙන පණිවුඩය ඉහලින්ම අගය කරනවා. රටටත් ජනතාවටත් ප්‍රශ්නයක් ආවහම පැනලා දුවන්නේ හෝ පන්සලේ දොරවල් වහන්නේ නැතුව දළදා මාලිගාවට එන දෙස් විදෙස් ජනතාවට කොරෝනා රෝගයෙන් වළකින සෞඛ්‍ය ආරක්ෂක විධි සලස්වා තියෙන එක ගැන සිංහල බෞද්ධයෙක් විදිහට ආඩම්බර වෙනවා. අපේ දේශීය බෙහෙත් වර්ග වලින් ඕනෑම බෝවෙන රෝගයක් පැතිරීම වලක්වා ගන්න පුළුවන්. දේශීය පැරැණි බෙහෙත් වට්ටෝරුවකට අනුව හදපු මේ විශේෂ දුම්කුඩු වර්ගයත් ටිකක් හරි මිනිස්සුන්ට ගන්න තියෙනව නම් හොඳයි. කොහොඹ කොළ දුම් නම් ගෙවල් වලත් අල්ලනවා විෂබීජ නැති කරන්න.

:       0       0

Asela Saturday, 14 March 2020 02:47 PM

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේව ආරක්ෂා කර ගැනීමට නම්, දානමාන රැගෙන එන බැතිමතුන් හා මාලිගාව තුළ තේවාවන් සිදුකරන අයවලුන් හැර පිටතින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට හා විදේශිකයන්ට යම්කිසි කාලසීමාවක් වසාදමන්නේ නම් කාලෝචිතය යනු මගේ හැගීමයි. ලෝකයේ හා අප රටේ ඇතිවී තිබෙන අවදානම් තත්වය සෑම තිබෙන බෞද්ධයෙකුම තේරුම් ගනිත්වා !

:       0       0

Rasika Saturday, 14 March 2020 04:59 PM

එයට වඩා මිනිස්සු එනඑක නවත්වමු. මේ දවස් වල ගෙදර ඉඳලා බුදුන් වඳිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අයවැය අවසන් පූර්ව සාකච්ඡාව පැවැත්වෙයි
2025 පෙබරවාරි මස 13 17 0

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 98 0

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


හොරණ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්
2025 පෙබරවාරි මස 13 278 0

හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.


වාද්දූව පොලිසියේ හතර දෙනාට ඇප
2025 පෙබරවාරි මස 13 141 0

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද


හිටපු ජනපති මහින්දගේ ආරක්‍ෂකයන්ගේ නිවසේ ජලය කපයි
2025 පෙබරවාරි මස 13 1 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන


ගමන් බෑගය මාරු වී විදෙස් කතතට කෝටි හතට මතුකුඩු ලැබිලා
2025 පෙබරවාරි මස 13 1009 0

රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සී


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 156 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 129 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site