රංජන් කස්තුරි
වසංගත තත්ත්වයෙන් පැන නැගී ඇති හදිසි සහ අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගෙන ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේ නොකළහොත් වසංගතය පාලනය කිරීමට ලෝක බැංකුව ලබාදුන් ණය ගැනීම ප්‍රමාද විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
‘‘2020 ජනවාරි 01 සිට 2020අප්‍රේල්02 දක්වා කාලය තුළ රජය ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හරහා ඩොලර් බිලියන 650.15 ක් ලබා ගෙන තිබෙන අතර එය චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් ණයක් ලෙස සහ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල මූලික වෙන්දේසියෙන් ලබා ගෙන තිබේ.තවද, මහ බැංකුවේ රජයේ සුරැකුම්පත් සහ මහ බැංකුවේ විවෘත වෙළඳපල මෙහෙයුම් පිළිබඳ වෙනත් දත්ත මගින් අය-වැය හිඟය පියවීමට සැලකිය යුතු සෘජු මූල්‍යකරණයක් සිදු කරයි. මෙය රජයේ ණය ප්‍රමාණයට එකතු වීමෙන් ණය තොගය තව දුරටත් වැඩි වේ.
‘‘2020 ජනවාරි 1 සිට 2020 අප්‍රේල් 30 දක්වා කාලය සඳහා 2019 ඔක්තෝබර් 23 දින පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් අනුමත කරන ලද ණය ගැනීමේ සීමාව රු. බිලියන 721 කි. පසුගිය වසරේදී භාණ්ඩාගාරය විසින් 2019 අප්‍රේල් 3 සිට 2019 අප්‍රේල් 30 දක්වා කාලය තුළ බිල්පත් හා බැඳුම්කර බිලියන 194 ක් නිකුත් කරන ලදී. එබැවින් ණය ගැනීමේ සීමාව අතික්‍රමණය වීමට ආසන්න බව තහවුරුවේ.
ණය ගැනීමේ සීමාව ළඟා වූ පසු, රාජ්‍ය ණය නිකුත් කළ හැකි නීතිමය අධිකාරි බලයක් රජයට නොමැත. එහි ප්‍රතිපලයක් වශයෙන්, මෙම අර්බුදය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීමේදී රජයට දැරිය නොහැකි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.මෙම නෛතික සංකූලතා හේතුවෙන්, COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ලෝක බැංකුව විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 128 (රුපියල් බිලියන 24.4) ක මෘදු ණය ලබා ගැනීම ප්‍රමාද විය හැකිය.
එබැවින්, වසංගතයෙන් පැන නගින මෙම හදිසි හා අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම සඳහා වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන එන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි.ණය ගැනීමේ සීමාව වගකීමෙන් යුතුව වැඩි කරන එවැනි යෝජනාවකට සමස්ත පාර්ලිමේන්තුවම සහාය දෙන බව මට විශ්වාසයි.’’

COMMENTS
රටට තවදුරටත් ඔයාගේ අදහස් අවශ්‍ය නෑ. කරුණාකර පැත්තකට වෙලා ඉන්න.
බැංකු සහ නිධන් හොරු තමයි ඉන්නේ...
ආර්ථිකය කඩා නොවැටෙන්න මෙම පියවර ගැනීම අත්‍යාවශ්‍ය නම් පක්ෂ නායකයින් හා සාකච්චා කර එකඟත්වයක් ලබා ගෙන පියවර ගන්න. තිබුනේ පොහොට්ටුවේ අගමැති කෙනෙක් යටතේ වූ ඇමති මණ්ඩලයක්. ඔවුන් අනවශ්‍ය බලපෑම් කිරීම වලක්වා ගැනීම ජනාධිපති තුමාට අපහසු නැත.
අදහස නම් හොඳයි. ඒත් විසිරවපු පාර්ලිමේන්තුව කොහොමද නැවත රැස් කරන්නේ?
අප කිසිවෙකුට කඩේ යනවා හෝ කිසිවෙකුට අපහාස කරනවා ලෙස මෙම අදහස් කාරුණිකව නොදකින්න. අප මතෘබුමියට අවංකව ආදරය කරන දුප්පත් පුරවැසියන් ලෙස මෙම මුසල මුණු නැවත වරක් "අපායෙදිවත් " දැකීමට අකමැති බව ප්‍රසිද්ධියේම සදහන් කරන්නෙමු. අපට කිසිදු පාටක් හෝ පක්ෂයක් නොමැත.
අම්මෝ ඔයාල ගෙදර ඉන්න...
ගෙවත්තේ වැඩක් කරගත්තොත් හොදයි පරණ මුදල් ඇමති....
රටම බංකොලොත් වෙලා ඉන්න මේ වෙලාවේ කිසිම වැඩකට නැති ඔයාලව පාර්ලිමේන්තුවට ගෙනත් කන්න බොන්න පිනට දීල කෝටි ගණන් කප්පන් ගෙවලා නඩත්තු කරන්න මේ රටේ මිනිස්සුන්ට කිසිම අවශ්‍ය තවක් නෑ.
කලින් යෝජනාව ගෙන්න හැදුවම බැහැ කිව්වනේ. ඒකනේ ආණ්ඩුව විසුරුවේ. දැන් මොකද පඩිය නොලැබෙන නිසා සහ වෙනත් වාසි නැති නිසා අමාරුද? ඒ සල්ලි වලින් අහිංසක ජනතාවට සහන දෙන්න පුළුවන්. 63 කගේ පැන්ෂන් එක නැවතුනු එකම පොඩි ගණනක්ද? දැන් රජයේ සේවකයෝ ජනපතිට සහය දීල පෙන්නලා තියෙනවා "දේශපාලුවෝ" නැතිව රට දුවන්න පුළුවන් කියල.
රට කරන්න අය ඉන්නවා. දැන්වත් පැත්තකට වෙලා හිටියොත් හොදයි. මෙයාලා හිතන් ඉන්නේ මෙයාලා නැතිව රට කරන්න බැහැ කියලා... මෙ වගේ අය අයින් කරලා දාන්න කාලෙ දැන්....
දැන් හොඳම දේ තමයි ඇදිරි නීතිය දාලා ජන්දයක් තියන එක. සමාජ දුරස්ථභාවය රඳවාගෙන චන්දේ දාලා යන එක මහා දෙයක් නෙමේ. ආපහු පරණ යහපාලන හොරුන්ට නම් පාර්ලිමේන්තුවේ බහුතරේ දෙන්න එපා. එකෙන් වෙන්නේ මේ කරගෙන එන වැඩ පිළිවෙල සම්පූර්නෙන් අඩපන වෙලා ලංකාව යුරෝපේ මට්ටමට වැටෙන එක විතරයි වෙන සෙතක් නම් වෙන්නේ නෑ.
ඔය කරුමේ පාර්ලිමේන්තුව කියනකොටත් අපිට යකා නගිනවා. ඕක ඕන නැහැ මේ යන විදිහ හොඳයි.
ආහ් ඇවිල්ලා එලියට... සියල්ල දත් මාතර රැඩිකල්.
මොන මඟුලකටවත් ඒ පාර්ලිමේන්තුවනම් ආයෙ රැස් කරන්න එපා. ඕකෙ ඉන්න අති බහුතරයක් මේ රටට විරුද්ධ පරගැතින්. අනිවාර්‍යයෙන් මේ යන වැඩපිළිවෙල කඩාකප්පල් කරලා මේක ඉතාලියක් කරනවා, දෙකක් නෑ.....
පාර්ලිමේන්තුව අනවශ්‍යය බව ඒත්තු ගන්වලා ඒකාධිපති ගමනකට පාර හදාගන්න කොරෝනා වෛරසය හාවිතා කරන බව උගත් බුද්ධිමතුන්නම් වටහාගෙන ඉන්නෙ. නමුත් රටේ බහුතරයක් රැවටිය හැකි නිසා මේ රජය ලස්සනට මිනිස්සු රවටමින් ඔවුන්ගේ ඉලක්කය සපුරා ගනිමින් සිටින්නේ.
අනේ ආයෙත් පර්ලිමේන්තුත් එපා. ඡන්දත් එපා. මැති ඇමතිවරු , මන්ත්‍රීවරුත් එපා. එයාලා හිටියා කියලා මෙච්චර කාලෙකට මේ රටට වුනු යහපතක්නම් නැහැ. මහජනයාගේ මුදල් ගසාකාල මේ රට විනාශ කරපු එක තමයි එයාලා කලේ. අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා හමුදාවත් එක්ක මේ යනවිදියටම ඔහොමම වැඩ කරගෙන යන්න.
පාර්ලිමේන්තුව රැස් කරගන්න අලුත් තුරුම්පුවක් ගහල වගෙයි.
ඩොලර් බිලියන 650.15 ක් ? විය නොහැක.
ණය ගැනීම ඉහළ දැමීමේ යෝජනාවක් ගෙනාවට කවුද ණය දෙන්නේ මේ අවස්ථාවේ?
හිටපු ඇමතිගේ කතාව වැරදිනම් දිලාන් සහ මහකන්දේ විජිතසිරි මහත්වරු දෙදෙනාම පවතින ගැටළුව විසදන ආකාරය රටට පැහැදිලි කරන්න. මම එහෙම කියන්නේ ණය සීමාව වෙනස් නොකර ණයක්වත් ගැනීමට හැකියාවක් නැති නිසාය.2020.04.30 දිනෙන් පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන්කළ මුදල්ද අවසන් වීමෙන් පසුව වියදම් කරන්නේ කුමන මුදල්ද ?
මේ උත්සාහය පනත් සම්මත කිරීමට නොවේ . පාර්ලිමේන්තු කාලය කල් පුරවා විශ්‍රාම වැටුප් සිය සගයින්ට ලබා දීමට විය හැකිය.
ගෙනාපු වෙලාවේ විරුද්ද වෙලා දැන් බලනවා පාර්ලිමේන්තුවට රිංගලා රටම හුරන් කන්න. දේශපාලුවෝ.
පව් අසරණ අම්මා...
මොහුගේ උදව් ලබා ගැනීම ඉතා භයානකයි.
මේ ද්‍රෝහියා සැරසෙන්නේ තවත් කුමන්ත්‍රණයකටයි. පුලුවන්නම් රජය අපහසු වන ව්‍යවස්ථා මගඩියකට අර ඇඳීමයි. මුදල් සම්මත කර ගැනීමකටත් සහයෝගය නොදුන් මොහු කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරද්දී කළේ මොනවාද? රට ජාතියට එරෙහි වන මොවුන්ව හෙළා දැකිය යුතුය.
ඒක පිටින් දාලා පාර්ලිමේන්තුව රැස් කරලා තමුන්ගේ පිං පඩි අරගෙන රට තවත් අමාරුවේ දාන්න නේද හදන්නේ? අපි නොදන්නවාද ඕක ?
මෙම යෝජනාව පාර්ලිමේන්තුව ගෙන එන්න සූදානම් වුනාම එය පරාජය කරන බව පාර්ලිමේන්තුව විසුරුවාලීමට පෙර පැවසුවේ ඔබලාම නේද ? බයිලා එපා මහත්තයෝ.
බඩගින්නේ ඉන්නම්. ඔබලාට වාසි ගන්න දෙන්නේ නැහැ.
දවසට ලක්ෂ 90 වියදම් කරලා පාර්ලිමේන්තුව රැස්කරන්න කියන්නේ ඇයි? දැන් සියලු තනතුරු අහෝසිවෙලා ඉවරයි. දැන් යන ක්‍රමය හොඳටම හොඳයි. රට පාවාදීපු රාජ්‍ය ද්‍රෝහියා දැන් රට ගැන කතාකරනවා.
කරන තරමක් කලේ රටට ද්‍රෝහිකම්ය. කරන තරමක් කලේ ජනතාව මුලා කිරීමය .කරන තරමක් කලේ ගරුතර සංගයාවහන්සේලාට කැත ආකාරයට කතා කිරීම... රටේ සිටින මුර දේවතාවන් බඳු ආරක්ෂක හමුදාව පාවාදීමය. කරන තරමක් කලේ ලක් අම්මා විකුණගෙන කෑමය. කරන තරමක් කලේ විදේශිකයන් ගහන පදේට නැටිමය. මුළුමනින්ම කලේ රට විනාශය කරා ඇද ගෙන යෑමය. මෙවැනි අයෙකුගෙන් යෝජනා වලින් අපිට වැඩක් නැහැ. මේ යන ක්‍රමය අපිට හොදයි. ඔහේගේ වැඩක් බලාගෙන ඉන්න එකයි ඇත්තේ....අපට පවු නොදී...
කොටියාගේ කටක් කතාකරයි.
අට පාස් අපේක්ශකයට කඩේ ගිය නොවැඩුනු මොලයක් සහිත කොටියෙකුගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
ඩොලර් බිලියන 650.15 ක්?පිස්සුද හැටිද? ගණන් ටීචර් කවුද?
මෙයත් හරියට පැන්සොන් ගිය රාළහාමි කෙනෙක් වගේනේ? තවම හිතන් ඉන්නේ මුදල් ඇමති කියලද? ඔයත් දැන් මේ අපි වගේ නිකන්ම නිකන් චන්දදායකයෙක් විතරයි. ඒත් ඉතින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන නිසා කැමති දෙයක් කියන්න. ඕනෑම නම් පාරේ යනකොට මල්මාලයක් එහෙමත් දාගෙන යන්න පුළුවනි. අර හොරකම් කරපු මහබැංකුවේ සල්ලි ආපසු දුන්න නම් මේ කිසි හිගයක් නැහැනේ?
මෙතැන අදහස් දක්වා ඇති වැඩි හරියක්ම දේශපාලනය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආර්ථික විද්‍යාව දන්නා ගණයට නොවැටෙන, හොර තක්කඩි මගඩි මංකොල්ලකාර දේශපාලුවන්ට කඩේ යන ගොබ්බ වහලුන්ය. ඔවුන් මංගල යනු කවුද යන්නවත්, කියන්නේ කුමක්ද නොදැන කටට එන වචන එලියට දමන ගොබ්බ වාහෙලාය. ඔවුන් සමග රට ගොඩනැගීම කෙසේ වෙතත් සාර්ථකව වනචාරි ජීවිතයක් ගත කිරීමද විහිලුවක්ය.