IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


චීනය කොරෝනා මරණ රහිත පළමු දිනය වාර්තා කරයි

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට චීනයේ අද(07) කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා නොවූ බව එරට බලධාරීහු පවසති.
 
චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ සඳුදා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා අද වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ද අඩු වී ඇති බවයි.
 
සඳුදා(06) රෝගීන් 39ක් වාර්තා වී ඇති අතර අද වාර්තා වී ඇත්තේ රෝගීන් 32කි.අද වාර්තා වූ සියලුම රෝගීන් විදේශයන්හි සිට පැමිණි අය බවද සඳහන් වේ.
 

"මරණ රහිත පළමු දිනය" චීනයට පමණක් නොව ලෝකයටම නව බලාපොරොත්තුවක් ඇති කරන බවට සැකයක් නැතැයි සෞඛ්‍ය කොමිසම පවසයි.
 
කොරෝනා වයිරසය හේතුවෙන් චීනයේ 3 331කට වැඩි පිරිසක් මියගිය අතර 81 740කට රෝගය ආසාදනය විය.
 
ජනවාරි මාසයේ සිට අගුලු දමා ඇති වුහාන් නගරයේ ජනතාවට බදාදා (08) සිට නගරයෙන් පිටවීමට අවසර දීමට සැලසුම්කර ඇති බව නගර බලධාරීහු පවසති.
 
ජංගම දුරකථන වලට බොහෝ දෙනා ලබාගෙන ඇති සෞඛ්‍ය යෙදුමක (health app) "හරිත" කේතය සටහන් වන ඕනෑම අයෙකුට නගරයෙන් පිටවීමට අවසර දෙන බව නිලධාරීහු පවසති.

වසංගත අවදානමෙන් තොර කළාපයේ නේවාසිකාගාර වල සිටින අයට පැය දෙකක කාලයකට පිටතට යෑමට අවසර දී තිබේ.
  
විදේශීය සංචාරකයන් විසින් නැවතත් ආසාදන රැල්ලක් ඇති කරනු ඇතැයි අනතුරු අඟවා ඇති හෙයින් විදේශිකයින් සඳහා දේශ සීමා වසා දමා ඇති අතර දැඩි නීති රීති ක්‍රියාත්මක වේ. 
 
(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (6)

චීනය කොරෝනා මරණ රහිත පළමු දිනය වාර්තා කරයි

janaka de alwis Tuesday, 07 April 2020 04:28 PM

චීන රජය ඇත්ත තොරතුරු ලෝකයට දෙන්නේ නැති කොට , මේ වගේ තොරතුරු විශ්වාස කරන්න බැහැනේ...

:       160       224

Bandara Tuesday, 07 April 2020 06:28 PM

මුලු ලෝකෙටම ගිනි තියලා දැන් එනවා...

:       40       104

ලුම්බිණි Tuesday, 07 April 2020 11:49 PM

මොනවා වාර්තා කරන්න බැරිද?

:       0       1

maalaka Wednesday, 08 April 2020 01:19 AM

දැන් ලෑස්ති වෙන්න මුළු ලෝකෙම ගන්න.

:       0       1

Kumar Wednesday, 08 April 2020 02:10 AM

චීනය ගැන ඇත්ත කියනවට අකමැති බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්න වග පෙනෙනවා. ඒ අයට කියන්න තිබෙන්නේ ඉතා ප්‍රවේසමින් ඉදගන්න ගන්න කියලයි. එසේ නැතිනම් මොලේ ඉතිරි ටිකත් කුඩුවෙනවා.

:       1       0

Ajantha Wednesday, 08 April 2020 04:10 AM

වුණ දේ වුණා. චීනය මෙ සටනින් ජයගත්තා. ලෝකෙට බෝ කළේ... ඇත්ත කියන්නේ නැහැ කියලා බයිලා ගහලා දැන් වැඩක් නැහැ. අපි චීනය ආදර්ශයට අරන් එයාලගෙ උදව් අරන් අපිත් ගොඩ යන්න බලමු...

:       20       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site