IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගොඩකවෙල නිවෙස් 5 ක් නිරෝධායනයට

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක රාජපක්ෂ )     
                                           
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා පැමිණ තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොව්ඩ් 19 වයිරසය ආසාදිත බවට රත්නපුර ශික්ෂණ රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂණය දි අද (25) තහවුරු විය.                                         

 වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩුවට පැමිණි නාව්ක සෙබළුන් අට දෙනෙකුගේ පී සී.ආර් පරික්ෂණ රත්නපුර ශික්ෂණ රෝහලේ දි සිදු කරන ලදි.                                                 

එහි ප්‍රතිඵල අනුව කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ අයත් ගොඩකවෙල ප්‍රාදේශීය සභා කොට්ටාසයේ රිදිවිට හිරමඩගම නාව්ක සෙබලෙකු සහ  අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ නාවික සෙබළෙකු  කොව්ඩ් 19 වයිරසය ආසාදිත බවට තහවුරු විය .                       
ගොඩකවෙල රිදිවිට නාව්ක සෙබලා සමිපව ඇසුරු කළ නිවෙස් පහක් පුද්ගලයින් නිරෝධායනයට ලක් කිරිමට ගොඩකවෙල සෞඛ්‍ය නිලධාරීන් කටයුතු  කළේය.                     

එම නිවෙස් අසළට ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ,ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති  ප්‍රියන්ත බංඩාර ,කහවත්ත පොලිසියේ ස්ඨානාධිපති පොලිස් පරික්ෂක අතුල පෙරේරා ඇතුළු මහත්වරුන්  එම නිවෙසියන්ට සහ නාවික සෙබලාගේ නිවසේ අයට අවශ්‍ය  උපදෙස් ලබාදුන්හ.   

කොව්ඩ් 19 වයිරසය ආසාදිත බවට තහවුරු වු නාව්ක සෙබළුන් දෙදෙනා රත්නපුර ශික්ෂණ රෝහලේ සිට  අයි.ඩ්.එච් රොහලට රැගෙන ගියහ.   



අදහස් (0)

ගොඩකවෙල නිවෙස් 5 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site