(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක රාජපක්ෂ )
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩු ලබා පැමිණ තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොව්ඩ් 19 වයිරසය ආසාදිත බවට රත්නපුර ශික්ෂණ රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂණය දි අද (25) තහවුරු විය.
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩුවට පැමිණි නාව්ක සෙබළුන් අට දෙනෙකුගේ පී සී.ආර් පරික්ෂණ රත්නපුර ශික්ෂණ රෝහලේ දි සිදු කරන ලදි.
එහි ප්‍රතිඵල අනුව කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ අයත් ගොඩකවෙල ප්‍රාදේශීය සභා කොට්ටාසයේ රිදිවිට හිරමඩගම නාව්ක සෙබලෙකු සහ අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ නාවික සෙබළෙකු කොව්ඩ් 19 වයිරසය ආසාදිත බවට තහවුරු විය .
ගොඩකවෙල රිදිවිට නාව්ක සෙබලා සමිපව ඇසුරු කළ නිවෙස් පහක් පුද්ගලයින් නිරෝධායනයට ලක් කිරිමට ගොඩකවෙල සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළේය.
එම නිවෙස් අසළට ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ,ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර ,කහවත්ත පොලිසියේ ස්ඨානාධිපති පොලිස් පරික්ෂක අතුල පෙරේරා ඇතුළු මහත්වරුන් එම නිවෙසියන්ට සහ නාවික සෙබලාගේ නිවසේ අයට අවශ්‍ය උපදෙස් ලබාදුන්හ.
කොව්ඩ් 19 වයිරසය ආසාදිත බවට තහවුරු වු නාව්ක සෙබළුන් දෙදෙනා රත්නපුර ශික්ෂණ රෝහලේ සිට අයි.ඩ්.එච් රොහලට රැගෙන ගියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගොඩකවෙල නිවෙස් 5 ක් නිරෝධායනයට