IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොළඹින් ඇවිත් තංගල්ලේ ඇවිද්ද කතක් හම්බන්තොට රෝහලට

අනීෂා මානගේ

කොළඹ සිට තංගල්ලට පැමිණ ඇඳිරි නීතිය තිබියදී  තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකටයුතු කාන්තාවක අද(11) අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාකළහ.

මෙලෙස රෝහල්ගත කළේ  කිරුළපන ප්‍රදේශයේ සිට පැමිණි බව කියන 35 හැවිරිදි කාන්තාවක බවට පොලිස් නිලධාරීන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම කාන්තාව දැනට දින පහකට පමණ ඉහතදී භාණ්ඩ ප්‍රවාහනය කරන වාහනවලින් කොළඹ සිට තංගල්ලට පැමිණ ඇතැයි අනාවරණය වී ඇත.

ඇය දින පහක් පමණ තිස්සේ තංගල්ල අවට ප්‍රදේශයේ නවාතැන්ගෙන ඇති අතර අද තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් කාන්තාව කොරෝනා ආසාදිතදැයි පරීක්ෂා කිරීම සඳහා හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාකළහ.



අදහස් (4)

කොළඹින් ඇවිත් තංගල්ලේ ඇවිද්ද කතක් හම්බන්තොට රෝහලට

Jay Saturday, 11 April 2020 09:32 AM

සමහරවිට මානසික ආබාධයක් තියෙනවද දන්නේ නැහැ?

:       0       3

JAYATH Saturday, 11 April 2020 10:21 AM

මේක මේ රටේ විතරක් තියන දෙයක් නෙමේ. දැන් හොයන්න ඕන මෙයාට "ට්‍රාන්ස්පෝර්ට් " දුන්න අය ගැන......

:       0       1

lalithm Saturday, 11 April 2020 10:53 AM

මෙහෙම තැන තැන ඇවිදින්නේ එක්කෝ මානසික ආබාධිතයෙක්. නැතිනම් අම්මෝ පොලිසිය මහජන සුව පරීක්ෂ්කයින්වත් අහපු නැති ලෙඩ තියෙන කෙනෙක්. මෙ අයට විකාර...

:       0       1

fairoos Monday, 13 April 2020 07:11 AM

කොරෝනා බෝම්බකාරියෙක් වෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site