IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කුසගින්නට ආහාර සොරාගැනීම අපරාධයක් නොවන බව ඉතාලි උසාවිය කියයි

කුසගින්න නිවාගැනීම සඳහා ආහාර ස්වල්පයක් සොරකම් කිරීම අපරාධයක් නොවන බවට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත.

රෝමන් ඔස්ට්‍රියාකොව් නමැති පුද්ගලයකු ඉතාලියේ සුපිරි වෙළෙඳසැලකින් කරන ලද සොරකමකට අදාළ තීන්දුව ලබාදෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය එය තීරණය කර ඇත.

ඒ අනුව රෝමන් ඔස්ට්‍රියාකොව් සොරකමක් කර නැතැයි ද ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

රෝමන් ඔස්ට්‍රියාකොව් ඉතාලියේ වෙසෙන නිවසක් අහිමි යුක්රේන පසුබිමක් ඇති පුද්ලයෙකි. හෙතෙම යූරෝ 4.07 (ඇමෙරිකානු ඩොලර් 4.50 – ශ්‍රී ලංකා රුපියල් 840 කට ආසන්න මුදලක්) වටිනාකමකින් යුතු චීස් සහ සොසේජස් සොරකම් කර ඇත.
‘‘කඩිනම් සහ අත්‍යවශ්‍ය පෝෂණය වෙනුවෙන් ආහාර ස්වල්පයක් සොරකම් කිරීම වරදක් නොවේ’’ අදාළ තීන්දුව දෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

‘‘එය අපරාධයක් නොවේ’’ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

රෝමන් ඔස්ට්‍රියාකොව් 2011 වසරේදී ඉතාලියේ ජෙනෝවා නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකින් චීස් කෑලි දෙකක් සහ සොසේජස් පැකට්ටුවක් සිය සාක්කාවුට ඔබාගෙන ඇත. එය දුටු එහි පැමිණි තවත් පාරිභෝගිකයකු ඒ බව වෙළෙඳසැලේ ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත. රෝමන් ඔස්ට්‍රියාකොව් මුදල් ගෙවා ඇත්තේ වියළි කුඩා පාන් කැබලිවලට පමණි.

ඊට වරදකරු කළ රෝමන් ඔස්ට්‍රියාකොව්ට 2015 වසරේදී මාස හයක සහ යූරෝ 100ක දඩයක් නියම විණි.

රෝමන් ඔස්ට්‍රියාකොව් වරදකරු කරමින් දුන් තීන්දුව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අතර ඒ අනුව ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු වරදකරුවකු නොවන බව තීන්දු කළේය.

බී.බී.සී.

ඡායාරූප – ඒ.එෆ්.පී. 

055



අදහස් (13)

කුසගින්නට ආහාර සොරාගැනීම අපරාධයක් නොවන බව ඉතාලි උසාවිය කියයි

Sisira Friday, 08 May 2020 02:20 PM

මානුෂිය තීන්දුවක්.

:       0       0

ජයරත්න Friday, 08 May 2020 02:28 PM

සාධාරණ තීන්දුවක් වුවත් වැරදි පූර්වාදර්ශයක් විය හැකියි.

:       0       0

Prabha Friday, 08 May 2020 02:59 PM

ඉතාලියේ ආහාර සොරකම් කර අහුවුණොත් බොහෝවිට කරන්නේ ඒ දේවල් නැවත ලබාගෙන පුද්ගලයා මුදා හැරීමයි.

:       0       0

ධම්ම Friday, 08 May 2020 04:27 PM

ඒ වුණාට කොස් ගෙඩියක් හොරෙන් කැඩුවොත් එය සාපරාධී ක්‍රියාවකි.

:       0       0

Pradeep Friday, 08 May 2020 06:03 PM

එයයි නියම මානුෂිය ගුණය විනිසුරු තුමනි. නමුත් අපි කුසගින්නට අඹ ගෙඩි 4ක් කඩා ගත් අම්මලාව සිරගත කර විශාල පරිමාණයෙන් සොරකම් වල නියැලෙන අයට මැති ඇමති ධුර පිරිනමන්නෙමු.. අපි හරි වෙනස් ජාතියක් කියන්නේ අන්න එකයි..

:       0       402

chandima Friday, 08 May 2020 06:22 PM

මදැයි කොලා, දැන් සුපෙර් මාර්කට් කාරයට අර මනුස්සයාගේ නඩු ගාස්තුත් එක්කල වන්දි ගෙවන්න වෙනවනේ?

:       63       11

Samitha Senaka Aluthgamage. Friday, 08 May 2020 07:25 PM

ශ්‍රේෂ්ඨ නඩු තීන්දුවක්... තුන්වන ලෝකයේ ඇතැම් උඩඟු විනිසුරන්ට මෙය හොඳ ආදර්ශයකි. එම ලෝකයේම මනුෂ්‍යත්වය නොමැති ඇතැම් නීතිවේදීන්ට හොඳ කනේ පහරකි.

:       3       244

lanka Friday, 08 May 2020 08:33 PM

ඕවා මොනවද? අපේ විනිසුරුවරු සුනාමි ආධාර මහාපරිමාණයෙන් ගසාකාපු අයවත් නිදොස්කොට නිදහස් කලේ...

:       0       0

චමින්ද Saturday, 09 May 2020 12:34 AM

මෙය ආදර්ශයට නොගනීවා... නැතිනම් විශාල විනාශයක් විය හැකිය.

:       0       0

Nihal Saturday, 09 May 2020 12:49 AM

ලංකාවේ අනිත් පැත්ත. මෙහෙ අය බඩගින්නට හොරකම් කරන අය හිරේ දාලා මහා පරිමාණ හොරු නිදැල්ලේ ඉන්න අරිනවා.

:       0       0

Kaushalya Ariyathilaka Saturday, 09 May 2020 03:05 AM

මෙය 2016 සිදුවූ සිදුවීමකි.

:       0       0

de silva berlin Saturday, 09 May 2020 03:28 AM

ඉතාලියේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ... බඩගින්න නිවාගන්න පොල් ගෙඩි කිහිපයක් සොරකම් කළ පුද්ගලයාට මෙහෙ අනිවාර්යයෙන්ම උසාවියෙන් දඬුවම් කරනවා.. රුපියල් කෝටි ගණනක් වටිනා නිවසක් මුදල් ඇමතියෙකුට තෑගිදෙනවා. ඒවාට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ.. අඩුම තරමේ ඔහුව රිමාන්ඩ් කරන්නෙත් නැහැ...

:       0       0

saminda Saturday, 09 May 2020 01:38 PM

ලංකාවෙ අඹ ගෙඩියටත් හිරෙ යැව්වෙ...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 137 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site