( දිනේෂ් උපේන්ද්‍ර)
දුර බැහැර ප‍්‍රදේශවල සිට පැමිණ කුලියාපිටිය නගරයේ ප‍්‍රධාන මාර්ග මායිම් වල වෙළදාම් කරන සියලු ව්‍යාපාරිකයින් එම ස්ථාන වලින් ඉවත් කිරීමට කුලියාපිටිය නාගරික මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පොලිසිය හා නගර සභා නිළධාරීන් පිරිසක් අද(24) කටයුතු කළහ.
එහිදී ඉකුත් ඇදිරිනීති පනවා තිබූ අවස්ථාවන්හි එය ලිහිල් කළ අවස්ථාවන්හි පාරිභොගිකයින්ට තෙරපීමකින් හා නිසි සමාජ දුරස්ථ භාවයකින් යුතුව පාරිභෝගික භාණ්ඩ මිළදීගැනීම වෙනුවෙන් එසේ මග දෙපස වෙළදාම් කිරීමට ඉඩ ප‍්‍රස්ථාව ලබාදී තිබුණද එ් සදහා දඹුල්ල, හලාවත ආදී විවිධ ප‍්‍රදේශවල වෙළද ප‍්‍රජාව පැමිණීම හේතුවෙන් එසේ වෙළද ප‍්‍රජාව ඉවත් කරීමට පියවරගත් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පැවසීය.
එසේම මේ වනවිට සියලු කඩ සාප්පු විවෘත කර ඇති නිසා පාරිභෝගික අවශ්‍යතා නිසි පරිදි සිදුවන පසුබිමක වෛරසයෙන් ආරක්‍ෂා වීමටත් ආහාරවල සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙනුත් නැවත එසේ අනවසර පදික වෙළදාම සිදුකිරීමට අවසර නොදෙන බවද එහිදී වැඩිදුරටත් සෞඛ්‍ය පරීක්‍ෂකවරු පෙන්වාදුන්හ.
එමෙන්ම සිකුරාදා ජුම්මා මෙහෙයට පිරිස සහභාගී වී ඇතැයි ලද තොරතුරකට අනුව එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී පිරිසක් යම් රැස්වීමක සිටි අයුරුත් ඔවුනට සමාජ දුරස්භාවයෙන් කුඩා කණ්ඩායමක් වශයෙන් අවශ්‍යතා ඉටුකරගන්නා ලෙසත් එහිදී උපදෙස් ලබාදුන්හ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කුලියාපිටියට දුරබැහැරින් පැමිණ වෙළදාමේ නියැලෙන පිරිස් ඉවත් කරයි
හරේන් Friday, 24 April 2020 07:48 PM
අනේ මේ අහිංසක වෙලෙන්දො ටික පන්නල දාල... අර ශ්‍රී ලාංකිකයො ටිකට පල්ලියෙ රැස් වෙන එක අවුලක් නෑ.