කොරෝනා වයිරසයේ ගෝලීය උවදුරින් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසගේ මෙහෙය ඇගයීම සඳහා අද සවස කොළඹ, නෙළුම් කුලුන විදුලි ආලෝකයෙන් ආලෝකමත් කෙරිණි.
එහි ඡායාරූප පහත දැක්වේ.




(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
"ලෝකෙට පරකාශේ ගෙදරට මරගාතේ" අනේ ඉතින් අපිටත් හරිම ෂෝක් ... හදවත පිනා යනවා!!
කොරෝනා වයිරසයේ ගෝලීය උවදුරින් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසගේ මෙහෙය ඇගයීම සඳහා රුපියල් 5000ක විශේෂ දීමනාවක් " gratitude and encouragement allowance " දෙසැම්බර් දක්වා ලබා දීමට රජය කටයුතු කලයුතුවේ. නෙළුම් කුලුනේ උත්තමාචාරයට වඩා රුපියල් 5000ක විශේෂ දීමනාව ඔවුනට ලැබේ නම් ඉතා ඉහලින් අගය කරනු ඇත. මෙවැනි අවස්ථාවක රජයක් වසයෙන් කළයුතුව ඇත්තේ එවැනි සත් ක්‍රියාවකි. මේ සදහා රජය දැනුවත් කිරීමට වෘත්තීය සමිතින් කටයුතු කල යුතුවේ.
පළමුව අප මෙම උවදුරෙන් රටවැසියන් බේරාගැනීමට උපරිම උත්සාහයක යෙදෙන සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩල වලටත් ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත් මේ වෙනුවෙන් තම වගකීම්, කැපකිරීම් කළ සහ කරමින් සිටින සියලුම පුරවැසියන්ට හදවතින්ම අපගේ උත්තමාචාරය පුදකරන්නෙමු. ඔබලාට යහපතක්ම වේවා !! මෙම අවදානම් මොහොතේ මුල්‍යම අවදානමද, බලශක්ති අරබුදයකුත් තිබෙන මෙම මොහොතේ ඒ අය වෙනුවෙන් මෙසේ කිරීම සුදුසුද යන්න අපට නම් ඇත්ත වශයෙන්ම ගැටලුවකි.මෙම අගනා සේවය වෙනුවෙන් ඒ සියලුම දෙනාට තම සේවාව වෙනුවෙන් ඇගයීමක් හා මුල්‍යමය සහයෝගයක් දුනේනම් එය වඩාත් උචිත වන්නේ යන්න "අපගේ" හැගීමයි. කෙසේ වෙතත් වැඩිදෙනාගේ කැමැත්ත මෙය නම් අප එයට අපගේ හිස නමා ආචාර්ය කරන්නෙමු. නැවත වරක් මෙම අවදානම් ක්‍රියාන්විතයට සහබාගිවු ඔබ සැමට යහපතක්ම වේවා!! සියලු කටයුතු සාර්ථක වේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු..!! ඔබලාට හොදක්ම වේවා !
කෝ චීනෙන් දීපු ඩොලර් බිලියන 1.5?
මේකේ ඇති වැරැද්දක් මට නම් පේන්නේ නැහැ. මේ කුළුන අනිත් වෙලාවට නිවලද?
වැඩේ නම් හොඳයි, ඒත් මේ ණයට අරන් හාමතේ ඉන්න මිනිස්සුන්ට කෑම බෙදන වෙලාවේ මෙව්වගෙ ලයිට් බිල ගෙවන්නේ කවුද?
මම මුලින් දාපු කමෙන්ට් එකේ වියදම ගැන කිව්වට මලානික වෙලා ඉන්න රටට මේ ඉතාම හොඳ උත්තේජනයක්. ඒ වගේම අපේ දරුවන්, ඉංජිනේරුවෝ, කලාකාරයෝ, නිර්මාණ ශිල්පියෝ වගේ බොහෝදෙනෙක් නිවාස වලට වෙලා අකර්මන්‍යව ඉන්න මේ වෙලාවේ, අන්තර්ජාලය මගින් හෝ, ගුවන්විදුලිය මගින් හෝ, රෝපවහිනිය මගින් හෝ, විවිධාකාර තරග, නිර්මාණ තරග, චිත්‍ර තරග, සංවර්ධනය පිලිබඳ යෝජනා, රට ගොඩගැනීමට සුදුසු දේශපාලනමය නොවන යෝජනා, අඩිය පිළිබඳව තරංග සහ සංවාද පැවැත්වීමට ඉතා සුදුසු අවස්ථාවක්, වෙනකක් තබා තරුණ තරුණියන් තමන් සොයන සහකරු නැතිනම් සහකාරිය පිළිබඳව සංවාද, දරුවන්ගේ මතු බලාපොරොත්තු පිලිබඳ සංවාද, ඒ වගේම අධ්‍යාපනික ප්‍රශ්න විචාරාත්මක සංවාද ජනතා සහභාගිත්වයෙන් දුරකථනය ඔස්සේ පැවැත්වීමෙන් ජනතා අවධානය මේ සෝචනීය මානසිකත්වයෙන් තාවකාලිකව හෝ මුදා ගැනීමට ඉවහල් වනු ඇති.
තවත් හදවත පිනා යනවා මාටියා ගහපු රුපියල් කෝටි 200 ත් තිබුනා නම් මොකද ඒ සල්ලි කොරෝනා අරමුදල වැඩි කරන්න යොදවන්න තිබුනා.
අංග සම්පූර්ණ ආරෝග්‍යශාලාවක් වගේද නෙලුම් කුළුණ කියන්නේ... ඒක දන්නේ නැති අය දොස් කිව්වට ඔය අපේ සල්ලිවලින් දල්වන ලයිට් දිහා දැකලා අපි සතුටු වෙන එක විපක්ෂයේ අය කොහොම සතුටු වෙනවද දන්නේ නැහැ නේද බමුණෝ...
මෙතන කවුරු කොහොම අදහස් දැම්මත් මගේ අදහස නම් මේ කරන්නේ ජාතික අපරාදයක්.... මේක ආලෝකවත් කරන්න කොපමණ මුදලක් වැය වෙනවාද? ගම්වල එදිනෙදා කුලී වැඩ කරලා ජීවත්වුණු අහිංසක මිනිස්සු කීදෙනෙක් අද තමන්ගේ දරු පැටවුන්ට කන්න දෙන්න හාල් කිලෝ 1ක් ගෙනියාගන්න සල්ලි නැතුව හුල්ලනවද? ලෝකෙට පෙන්න බොරු වැඩවලට බොරුවට වියදම් කරන මුදලින් ඒ අහිංසක මිනිස්සුන්ට එක හාල් කිලෝ 1ක ගානේ දෙන්න. බලදාරීන් හැම කෙනකුටම පිං සිද්දවෙයි.
හොද වෙලාවට මෙ කුළුණ හැදුවෙ... නැතිනම් උත්තමාචාරය දක්වන්නේ කොහොමද?
මෙහෙමවත් සමරන එක උතුම් දෙයක් අර ඉන්දියාව වගේ පිස්සු නටන්නේ නැතුව.
මා මෙය දකින්නේ යුරෝපයේ පැරීසිය, ලන්ඩන් වැනි නගරවල ඇති කුළුණු මේ දිනවල විදුලි ආලෝකයෙන් දීප්තිමත් කිරීම අනුකරණය කිරීමක් ලෙසයි. ණය බරින් පීඩිත ආර්ථිකයක් ඇති අපේ රටට මෙවැනි දේ කිරීම කොතරම් යෝග්‍යදැයි මම නොදනිමි.
මේකෙන් මාටියා ගහපු කෝටි 200 මේ වෙලාවේ ජනතාවට බෙදලා දුන්නා නම් හොඳ නැද්ද?
බොහෝ රටවල මෙවැනි දේ කරනවා. එය සංකේතාත්මක විදියට ඔවුන්ගේ සේවය ඇගයීමක්. නැතුව මේකේ ලිස්ට් බිල් ගණන් හැදීමක් හෝ අන් විදියට කීමක් හෝ එවැනි දේ ගැන හැගීමකින් තොරව දැකීමක් වෙනවා. ඒ නිසා ධනාත්මකව බලන්න මේ වෙන හැම දේ ගැනම.
දැන් කාටවත් මේකේ ලස්සන පෙන්න්නේ නැද්ද ? මටනම් මේක ඉතාම ලස්සන දර්ශනයක්. කොළඹ කවුරුත් මේක ආන් අර කියලා බලන එක සිකුරුයි. ඒක අත්විදීමෙන් බොහෝදෙනා ලබන සතුට මිල කළ නොහැක.
අයිපල් කුළුණට නමස්කාර කරන අය නෙළුම් කුළුණට ගරහනවා. කිසිම දෙයක හොඳක් නොදකින දේශපාලන වහල්ලු.