කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ලොව අනෙකුත් රටවල් සිය රජය ගත් ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් ජූනි මාසය වනවිට වයිරසය අවසන් වනු ඇතැයි චීනය ප්‍රකාශ කරයි.
ලොව රටවල් 120 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි.
කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා 126,000කුට ආසාදනය වී තිබෙන අතර වයිරසය හේතුවෙන් 4,624 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වසර මැද වනවිට මේ අර්බුදය අවසන් වනු ඇතැයි චීන රජයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයා වන ෂොන්ග් නන්ෂාන්ග් පැවැසීය. වසංගත රෝග විශේෂඥයකු වන ඔහු 83 වියේ පසුවෙයි. හෙතෙම 2003 වසරේ ව්‍යාප්ත වූ ‘සාර්ස්’ වයිරසය මර්දනය කිරීමේ සටනේ දී මූලික කාර්යභාරයක් කළ පුද්ගලයා ලෙස සැලකේ.
‘‘ඔක්කොම රටවල් එකතු වුණොත් ජූනි මාසය වෙද්දි වයිරසය අවසන් වේවි. එහෙත් රටවල් ආසාදිතයන්ට හොඳින් ප්‍රතිකාර නොකළහොත්, දැඩි ක්‍රියාමාර්ග ගත්තේ නම් පාලනය කරන්න බැරි වේවි. ඇතැම් රටවල් තවමත් එතරම් සැලකිල්ලක් දක්වා නැහැ. මෙය බරපතළ කාරණයක් ලෙස ගෙන තදින් මැදිහත් වුණේ නැතිනම් වයිරසය දීර්ඝ කාලයක් පවතීවි’’ යැයි ද ඔහු කීවේය.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති දැඩි සංචාරක සහ ගුවන් ගමන් සීමා චීනයේ ද විරෝධයට හේතුවිය.
චීනය ලෝකය එකට එකතු කරමින් කාලයත් සමඟ දැඩි සටනක් කරමින් සිටින මොහොතක ඇමෙරිකා එක්සත් ජනපදයේ වගකීම් විරහිත ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග වයිරසයට එරෙහි සටනට කිසිදු සහයෝගයක් දක්වන්නේ නැතැයි ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (11) නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
(රොයිටර්ස්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුවට දෙන නිසා ලෝකෙම ගත්තා. ඒ අයට කොරෝනත් දුන්නා. ඕවා නුඹලා කරන පව්වල වන්දිය කියලා මම හිතනවා.
ඕකනම් කෙරෙන වැඩක් නෙවේ. මොකද කොරෝනා වයිරසය පැතිරීම සම්පුර්ණයෙන්ම වැළැක්වීමට චීනය පෙර කිසිදා සිදුනොකළ අන්දමේ දැවැන්ත හමුදාමය ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය අගයන බටහිර රටවලට කිසිසේත් හැකිවන්නේ නැත. එවැනි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඔය එකම රටකවත් ජනතාව ඉඩදෙන්නේද නැත. දැක්කනේ ඉතාලියේ සහ කොරියාවේ ඉඳලා ආව කට්ටිය නිරෝධායනය කරන්න ගිහින් අනා ගත්තු අනා ගැනිල්ල.
මේ ඔක්කෝටම මුල චීනයේ පර්යේෂණාගාරයක් තුළින් වෛරසය සාමාන්‍ය පරිසරයට පිටවීම සහ මුලින්ම චීන බලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය... ඔවුන් මේ ගැන ලෝකයට මුලිම හෙළිකර චීන දොස්තර දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගහලා නිවාස අඩස්සියට දැම්මා.. ප්‍රශ්නේ ඔඩු දිව්වට පස්සේ තමයි බලධාරීන්ගේ ඇස් ඇරුනේ... මේ ප්‍රශ්න සියල්ලටම වගකියන්න ඕනේ චීනයයි.. අපි නොකළාට ට්‍රම්ප් චීනෙන් එන පුද්ගලයින් රටතුළට වැද්ද ගැනීම තහනම් කිරීම ගැන ඔහුට දොස් කියන්න බැහැ..
චීනෙට දැන්ද මතක්වුනේ ඒ ගොල්ලන්ගෙන් ඉගෙන ගන්න කියන්න. මුළු ලෝකෙටම වන්දි ගෙවන්න වෙයි චිනෙට අපේ ලංකාවේ අය කඩේ ගියාට ඇමෙරිකාව වැනි ධනවත් රටවලට. තම රටේ ජනතාව මිසක් කොහෙවත් යන චීන්නු නෙමේ. චීනා රෝගීන්ට සලකපු විදිය මුළු ලෝකයම දැක්කා. අසරණ සත්තු මරන් කෑවෙත් ඔය විදියටනේ. ලෝකේ කොහේ ගියත් අරාබි රටවලින් පරිස්සම් වෙන්න. අපේ අයියලා බයට සලකන්නේ. රටින් බාගයක් චිනට දීලා ඉතුරු බාගෙට අධික පොළියට මුදල් අරගෙන තව ටික දවසකින් කියයි අපේ හමුදාව එවන්නම් රට පිරිසිදු කරලා දෙන්න කියලා. ඒ වගේ නිවට පාලකයෝ.
ඒකට අපේ රටේ ඒකේ අනික් පැත්ත.....ඕනෙම ලෙඩෙකුට රටට එන්නත් පුළුවන්. රටෙන් යන්නත් පුළුවන්. ලෙඩාම උණ කියලා රෝහලකට ගියේ නැත්නම් ආණ්ඩුව දන්නෙත් නැහැ.
චීනය මුලදීම ලොවට දැනුම් දුන්නා නම් ජීවිත ගණනාවක් බේරගන්න තිබුණා. මාස ගණනක් සඟවාගෙන සිටිය එකට ලොවෙන් සමාව ඉල්ලන්න ඕනේ...
එයාලම ලෝකේට දීලා තව කයිවාරුත් ගහනවා. ජූනි වෙද්දි ජීවි කීයක් බිළිවෙයිද ? පව් ! මේ ලෝකේ හැම කෙනෙක්ම ඉන්නේ බයෙන්. මේක ආව විදිහ ගැන ලෝකේට උත්තර දෙන්න ඕනේ.
ලෝකයේ වායු දුෂණය , සත්ව මලකදන් සහ නොයෙකුත් අස්වාභාවික ආහාර භාවිතය ලෝක සම්මත ක්‍රම ඉක්මවා ඉක්මනින් දියුණුව සොයන සහ ඔවුන්ගේ සංස්කෘතික සොභාවය සහ මහන්තත්ත කම හිතින් දරා සිටින මේ ජනකොටස පෘතුවිය මලගමක් කරන්ට මෙතෙක් කරනලද දේ ගැන මේ ලියුම් කරුට කොපමණ අවභෝධයක් ඇතිදැයි නොදනිමි. ඔවුන් විසින් අනුගමනය කරනලද දේ භාහිර ලෝකයට කොපමණ දුරට විදහා දක්වා තිබේද ? දී ඇත්තේ කොරෝනා වසංගතයයි . අපි කල යුත්තේ චීනයෙන් ගෙන දේ අපිම නිපදවා ගැනීමට මෙය අවස්තාවක් කරගැනීමයි.