IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘කොරෝනා මර්දනයට චීනය ආදර්ශයට ගන්න’

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ලොව අනෙකුත් රටවල් සිය රජය ගත් ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් ජූනි මාසය වනවිට වයිරසය අවසන් වනු ඇතැයි චීනය ප්‍රකාශ කරයි.

ලොව රටවල් 120 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි.

කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා 126,000කුට ආසාදනය වී තිබෙන අතර වයිරසය හේතුවෙන් 4,624 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වසර මැද වනවිට මේ අර්බුදය අවසන් වනු ඇතැයි චීන රජයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයා වන ෂොන්ග් නන්ෂාන්ග් පැවැසීය. වසංගත රෝග විශේෂඥයකු වන ඔහු 83 වියේ පසුවෙයි. හෙතෙම 2003 වසරේ ව්‍යාප්ත වූ ‘සාර්ස්’ වයිරසය මර්දනය කිරීමේ සටනේ දී මූලික කාර්යභාරයක් කළ පුද්ගලයා ලෙස සැලකේ.

‘‘ඔක්කොම රටවල් එකතු වුණොත් ජූනි මාසය වෙද්දි වයිරසය අවසන් වේවි. එහෙත් රටවල් ආසාදිතයන්ට හොඳින් ප්‍රතිකාර නොකළහොත්, දැඩි ක්‍රියාමාර්ග ගත්තේ නම් පාලනය කරන්න බැරි වේවි. ඇතැම් රටවල් තවමත් එතරම් සැලකිල්ලක් දක්වා නැහැ. මෙය බරපතළ කාරණයක් ලෙස ගෙන තදින් මැදිහත් වුණේ නැතිනම් වයිරසය දීර්ඝ කාලයක් පවතීවි’’ යැයි ද ඔහු කීවේය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති දැඩි සංචාරක සහ ගුවන් ගමන් සීමා චීනයේ ද විරෝධයට හේතුවිය.

චීනය ලෝකය එකට එකතු කරමින් කාලයත් සමඟ දැඩි සටනක් කරමින් සිටින මොහොතක ඇමෙරිකා එක්සත් ජනපදයේ වගකීම් විරහිත ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග වයිරසයට එරෙහි සටනට කිසිදු සහයෝගයක් දක්වන්නේ නැතැයි ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (11) නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

(රොයිටර්ස්)

055



අදහස් (8)

‘කොරෝනා මර්දනයට චීනය ආදර්ශයට ගන්න’

Shan Thursday, 12 March 2020 01:39 PM

අඩුවට දෙන නිසා ලෝකෙම ගත්තා. ඒ අයට කොරෝනත් දුන්නා. ඕවා නුඹලා කරන පව්වල වන්දිය කියලා මම හිතනවා.

:       0       0

siri Thursday, 12 March 2020 02:04 PM

ඕකනම් කෙරෙන වැඩක් නෙවේ. මොකද කොරෝනා වයිරසය පැතිරීම සම්පුර්ණයෙන්ම වැළැක්වීමට චීනය පෙර කිසිදා සිදුනොකළ අන්දමේ දැවැන්ත හමුදාමය ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය අගයන බටහිර රටවලට කිසිසේත් හැකිවන්නේ නැත. එවැනි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඔය එකම රටකවත් ජනතාව ඉඩදෙන්නේද නැත. දැක්කනේ ඉතාලියේ සහ කොරියාවේ ඉඳලා ආව කට්ටිය නිරෝධායනය කරන්න ගිහින් අනා ගත්තු අනා ගැනිල්ල.

:       0       0

de silva Thursday, 12 March 2020 02:23 PM

මේ ඔක්කෝටම මුල චීනයේ පර්යේෂණාගාරයක් තුළින් වෛරසය සාමාන්‍ය පරිසරයට පිටවීම සහ මුලින්ම චීන බලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය... ඔවුන් මේ ගැන ලෝකයට මුලිම හෙළිකර චීන දොස්තර දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගහලා නිවාස අඩස්සියට දැම්මා.. ප්‍රශ්නේ ඔඩු දිව්වට පස්සේ තමයි බලධාරීන්ගේ ඇස් ඇරුනේ... මේ ප්‍රශ්න සියල්ලටම වගකියන්න ඕනේ චීනයයි.. අපි නොකළාට ට්‍රම්ප් චීනෙන් එන පුද්ගලයින් රටතුළට වැද්ද ගැනීම තහනම් කිරීම ගැන ඔහුට දොස් කියන්න බැහැ..

:       0       0

Chathuri Thursday, 12 March 2020 02:34 PM

චීනෙට දැන්ද මතක්වුනේ ඒ ගොල්ලන්ගෙන් ඉගෙන ගන්න කියන්න. මුළු ලෝකෙටම වන්දි ගෙවන්න වෙයි චිනෙට අපේ ලංකාවේ අය කඩේ ගියාට ඇමෙරිකාව වැනි ධනවත් රටවලට. තම රටේ ජනතාව මිසක් කොහෙවත් යන චීන්නු නෙමේ. චීනා රෝගීන්ට සලකපු විදිය මුළු ලෝකයම දැක්කා. අසරණ සත්තු මරන් කෑවෙත් ඔය විදියටනේ. ලෝකේ කොහේ ගියත් අරාබි රටවලින් පරිස්සම් වෙන්න. අපේ අයියලා බයට සලකන්නේ. රටින් බාගයක් චිනට දීලා ඉතුරු බාගෙට අධික පොළියට මුදල් අරගෙන තව ටික දවසකින් කියයි අපේ හමුදාව එවන්නම් රට පිරිසිදු කරලා දෙන්න කියලා. ඒ වගේ නිවට පාලකයෝ.

:       0       1

Anura Thursday, 12 March 2020 03:51 PM

ඒකට අපේ රටේ ඒකේ අනික් පැත්ත.....ඕනෙම ලෙඩෙකුට රටට එන්නත් පුළුවන්. රටෙන් යන්නත් පුළුවන්. ලෙඩාම උණ කියලා රෝහලකට ගියේ නැත්නම් ආණ්ඩුව දන්නෙත් නැහැ.

:       0       0

Kumar Thursday, 12 March 2020 03:57 PM

චීනය මුලදීම ලොවට දැනුම් දුන්නා නම් ජීවිත ගණනාවක් බේරගන්න තිබුණා. මාස ගණනක් සඟවාගෙන සිටිය එකට ලොවෙන් සමාව ඉල්ලන්න ඕනේ...

:       0       0

Dasuni Thursday, 12 March 2020 04:24 PM

එයාලම ලෝකේට දීලා තව කයිවාරුත් ගහනවා. ජූනි වෙද්දි ජීවි කීයක් බිළිවෙයිද ? පව් ! මේ ලෝකේ හැම කෙනෙක්ම ඉන්නේ බයෙන්. මේක ආව විදිහ ගැන ලෝකේට උත්තර දෙන්න ඕනේ.

:       0       0

SUNIL PERERA Friday, 13 March 2020 02:38 AM

ලෝකයේ වායු දුෂණය , සත්ව මලකදන් සහ නොයෙකුත් අස්වාභාවික ආහාර භාවිතය ලෝක සම්මත ක්‍රම ඉක්මවා ඉක්මනින් දියුණුව සොයන සහ ඔවුන්ගේ සංස්කෘතික සොභාවය සහ මහන්තත්ත කම හිතින් දරා සිටින මේ ජනකොටස පෘතුවිය මලගමක් කරන්ට මෙතෙක් කරනලද දේ ගැන මේ ලියුම් කරුට කොපමණ අවභෝධයක් ඇතිදැයි නොදනිමි. ඔවුන් විසින් අනුගමනය කරනලද දේ භාහිර ලෝකයට කොපමණ දුරට විදහා දක්වා තිබේද ? දී ඇත්තේ කොරෝනා වසංගතයයි . අපි කල යුත්තේ චීනයෙන් ගෙන දේ අපිම නිපදවා ගැනීමට මෙය අවස්තාවක් කරගැනීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2409 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1285 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1060 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 848 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1255 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 321 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site