IMG-LOGO

කොරෝනා මියන්මාරයේ පැතිරගියොත් විශාල විනාශයක් සිදුවිය හැකියි

අවතැන් වූවන් 350,000ක් පමණ ජීවත්වන මියන්මාරයේ කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් මහත් ව්‍යසනයක් සිදුවිය හැකි බව මානව හිමිකම් වොච් සංවිධානය පවසයි.

දුර්වල සනීපාරක්ෂාව, අධික තදබදය සහ සීමා කිරීම් හමුවේ මෙම කණ්ඩායම කොරෝනා වයිරසයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව ඔවුහු පවසති.

පසුගිය සතියේ මියන්මාරයේ පළමු ආසාදිතයා වාර්තා වූ අතර සඳුඳ (30) පළමු මරණය සිදුවිය.

මිලියන 51ක පමණ ජනතාවක් සිටින මියන්මාරයේ දුර්වල සෞඛ්‍ය පද්ධතිය හමුවේ විශාල පිරිසකට මූලික සෞඛ්‍ය පහසුකම් පවා නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

රඛයින්, කචින් සහ උතුරු දිග ෂාන් කඳවුරු වල අවතැන්වූවන්ගේ සෞඛ්‍යය දැනටමත් දුර්වල තත්ත්වයක පවතින බවත් පිරිසිදු ජලය හා වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් සීමිත බවත් සඳහන් වේ.

කඳවුරකදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අතිශය දුෂ්කර ක්‍රියාවලායකි.

"යමෙකු අසනීප වී විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා නිල අවසරයක් ලබා ගත යුතු අතර බොහෝවිට එයට දින කිහිපයක් ගතවේ. රෝහලට යෑමට අවශ්‍ය වුවහොත් ආරක්ෂක සහායකයෙකු සඳහා ගෙවීම් කළ යුතුය." යනුවෙන් එම සංවිධානය පවසයි.

රඛයින් ප්‍රාන්තයේ මුස්ලිම්වරුන් 130,000ක් පමණ එළිමහන් රැඳවුම් කඳවුරු වල වාසය කරන අතර එහි සෞඛ්‍ය පහසුකම් අතිශයින්ම සීමිතය.

කොවිඩි - 19 පරීක්ෂණ පහසුකම් නොමැත. එවැනි කඳවුරුවල එක් වැසිකිලියක් 40 දෙනකු පමණ බෙදාගෙන පරිහරණය කරති.

එක් ජල කරාමයක් 600 ක් පමණ පරිහරණය කරති. මේ මගින් වයිරසය පහසුවෙන් සම්ප්‍රේෂනය වන බව මනව හිමිකම් වොච් සංවිධානය පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

කොරෝනා මියන්මාරයේ පැතිරගියොත් විශාල විනාශයක් සිදුවිය හැකියි

jayath Thursday, 02 April 2020 03:39 AM

ඉතින් අපටත් ගොන් පාට දමන ඊනියා මානව හිමිකම්කාරයින්ට බැරිද අඩු ගණනේ ඔය මිනිස්සුන්ට අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් දෙන්න ? මේක නම් මම නොදන්නා කමටමයි අහන්නේ. වැරදිලාවත් ඔයින් කෙනෙක් මළොත් පුච්චනවද ? වලදමනවද ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 323 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site