නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව නිවැරැදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, ආසාදිතයන් හමු වූ සහ ඇසුරු කළ, නිරාවරණය වූ පිරිස් හඳුනාගැනීම, හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිවැරැදි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම කාර්යාලය පෙන්වාදෙයි.
‘කොවිඩ්-19’ ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් පරීක්ෂා වැඩි කිරීමෙන් තවදුරටත් කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමත් ඒවා නිවැරැදි ලෙස වාර්තා කිරීමත් පසුගිය දින කිහිපයේදී දක්නට ලැබුණු බව ද එම කාර්යාලය සඳහන් කරයි.
කෙසේ නමුත් ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන කාර්යමණ්ඩල සහ සේවකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය පෙන්වාදෙයි.
ඔවුන්ට ප්‍රමාණවත් පරිදි පෞද්ගලික ආරක්ෂණ උපකරණ ලබාදිය යුතු බවත් හදිසියේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වුවහොත් ඔවුන්ට ලබාදීම සඳහා පෞද්ගලික ආරක්ෂණ උපකරණ වෙන් කර තැබීම සුරක්ෂිත කළ යුතු බවත් එම කාර්යලය තවදුරටත් සඳහන් කරයි.
055
COMMENTS
කොරෝනා රෝගියෙකුට හාදු දුන් සෞඛ්‍යය ගැන නොදත් ඇමතිනිය ඉවත්කොට රමේෂ් පතිරණ වැනි වෛද්‍යවරයෙකුට සෞඛ්‍ය ඇමතිකම දීම, වෘත්තීය සමිති දොස්තරලාගේ බාල උපදේශ වෙනුවට වෛද්‍ය ශාස්ත්‍රය මැනවින් දත් මහඇදුරන්ගේ උපදෙස් පිළිපැදීම ආදියත් කරන ලෙස කීවා නම් WHO එක අම්මපා මරේ මරු... ඒත්, අනේ ඕනෑම ටික ඒ අයට අමතක වෙලානේ... මොනවා කරන්නද ඉතින්? අපේම නරක වෙලාව...
ඔයාලා කීවට කාටද ඕවා විශ්වාස කරන්න පුළුවන්. ජේවීපී එකයි.. විපක්ෂයයි ඔන්න කීවොත් පිළිගන්න පුළුවන්...
මේ වගේ නිව්ස් නොපෙනෙන අයත් ලංකාවේ ඉන්නවා.
සෞඛ්‍ය අංශ දිරිමත් වෙන හොඳ අගය කිරීමක්. අප රටට නිදහස ලැබුණු පසු සෞඛ්‍ය සේවය දිනෙන් දින ඉදිරියට ගියා මිස කෙදිනකවත් පසුගාමී වී නැහැ. තවද නිදහස් සෞඛ්‍ය සේවයේ වටිනාකම වඩාත් හොඳින් දැනෙන කාලයකි...
ආණ්ඩුවට ගහන්න බලා ඉන්න අයට දුක්ඛදායක පුවතක්.
මේක පිලි නොගන්න - ඒ තරමට කුහක හරක් රැලක් අපේ රටේ ඉන්නවා. එංගලන්තේ ලාංකිකයෝ ලක්ෂ 5 ක් ඉන්නවා කියන්නේ ඔයින් 28 ක් මැරිලා... මෙහෙ 2.2 මිඉලියන ඉඳලත් දැනට මැරිලා තියෙන්නේ 9 යි ඉතින් තවත් මොන බයිලා කතාද?
කොළඹ කාර්යාලයටත් අල්ලස් දීලද මේ කියවන්නේ? අර ගොඩහේවා සම්මානය වගේ. මේක ඇත්ත නෙමෙයි. ඇත්තටම ලංකාවට තවම හරියට කොරෝනා අවිල්ලවත් නෑ . අපේ රටේ රෝගීන් උපරිමයට, එනම් peak එකට ගිහින්වත් නෑ. අපගේ රට දුපතක් නිසයි මේ තත්වයෙන් වත් රැකිලා තියෙන්නේ. එකෙන් අදහස් වෙන් නෑ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහ ආරක්ෂක හමුදාවල කාර්ය භාරයේ අඩුවක්. එයාලා කරන්නේ එයාලගේ උපරිමය. අපි මේ යන ගමනෙන් අර වක්‍රය තවම සමතලා වෙලා නෑ. ඒ නිසා පම්පෝරි ගහන්න මෙතන කිසි දෙයක් නෑ . උතුරු ඇමෙරිකාවේ, රුසියාවේ සහ යුරෝපයේ තවමත් දවසකට දහස් ගානක් අසාධිතයන් හම්බවෙනවා. අපි වගේ මට්ටමේ තව රටවල් ලෝකේ ඉන්නවා. ඒවා තියෙන්නේ අප්‍රිකාවේ මාලි,ගිනි බිසව්, කෙන්යාව වගේ රටවල් සහ කොස්ට රිකා, ලෙබනන්, මාල දිවයින වගේ රටවල් බහුලයි. ඒ මිනිස්සු මේ වගේ ලොවෙත් නැති වැඩ කරලා නෙමේ ඒවා ඒ තත්වෙන් තියාගෙන ඉන්නේ. ඒක තමයි හැටි.හැම දේම අරයා නිසා තමයි, මෙයා නිසා තමයි කියලා ලොකු පම්පෝරි ගහලා අනාගන්නෙත් නැතුව ඇති. ඔව්වා හොඳයි බයියන්ටම.
ඒකෙන් කියවෙන්නේ දේශපාලන නායකත්වයත් රාජ්‍ය යන්ත්‍රණයත් නිවැරදිව කටයුතු කරන බවයි. අපේ රජය මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය නිවැරදි බව ලෝක සෞඛ්‍ය සංවිධානයට තේරුණාට අපේම රටේ අයට එක්කෝ තේරෙන්නේ නැහැ නැත්නම් ඒක පිලි නොගන්න තරම් කුහකයි. ඒකනේ මේ සඳහා මුළු ලෝකයටම ආදර්ශමත් නායකයෙක් අපිට ඉන්දැද්දී මූලිකත්වය ගන්නා ලෙස විදේශීය නායකයන්ට ආරාධනා කරන්නේ.
ඔය ක්‍රමේට ත්‍රස්තයෝ අල්ලනකොට වැඩේ වැරදියි කියනවා, කොවිඩ් කාරයෝ අල්ලනකොට නිවැරදියි කියනවා. අනේ මන්දා?
කොරෝනා පාලනයට ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරනවා කිය කියා මුදල් ආධාර නොකරයි. භාණ්ඩ වලින්ම ආධාර කරයි. ඒකට හේතුව ලෝකයා වගේම අපි කවුරුත් දන්නවානේ. නමුත් අවසරයි!අපේ ස්වාමින්වහන්සේලා සමහරක් මෙය නොදනියි.
පුන්නක්කු ටිකක් බීලා තමන්ගේ ගොන්කම තමන් ළගම තියාගෙන හිටියොත් හොදයි.