(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතේ සියලු රෝහල් සඳහා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සම්පූර්ණ ආවරණ සහිත ඇඳුම් කට්ටල 350 ක් පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා කඩිනමින් ලබා දීමට කටයුතු කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු පළාතේ අනෙකුත් රෝහල් වල කාර්ය මණ්ඩල සඳහා ඇදිරි නීතිය පැවැත්වෙන දින වල දී සහ අනෙකුත් දිනයන්හි දී අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීම සඳහා පළාත් සභාවේ අතිරික්ත වාහන ලබා දෙන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
මේ සඳහා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සහාය ලබා ගැනීමට කටයුතු කර ඇත.
පළාත් පාලන ආයතන විශබීජහරණය කිරීම සඳහා තෙල් ඉසින යන්ත්‍ර ලබාදීමටද කටයුතු කර ඇති අතර එම කටයුතු සඳහා අවශ්‍ය වන සේවකයන් දෛනික පදනම යටතේ බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත.
කොරෝනා රෝගය රට තුල ව්‍යාප්ත වීමත් සමඟ ඇති වී තිබෙන තත්වයන්ට මුහුණ දිම සඳහා ආණ්ඩුකාරවරයා විසින් ප්‍රධාන ලේකම්වරයා, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු මාණ්ඩලික නිලධාරීන්ට දුරකතන සක්‍රීයව තබා ගෙන සූදානමින් සිටින ලෙස ලිඛිත උපදෙස් ලබාදී ඇති බවද ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න ඇඳුම් කට්ටල 350 ක්